තව මන්ත්රී තිදෙනෙක් කෝප් හැර යති
තවත් පාර්ලිමේන්තු මන්ත්රීවරු තිදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළහ. දෙමළ සන්ධානයේ මඩකලපුව දිස්ත්රික් මන්ත්රී ශානක්කියම් රාසමාණික්කම්, සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් මන්ත්රී හේෂා විතානගේ,පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්රික් මන්ත්රී ගාමිණී වලේබොඩ මහත්වරුන් මෙලෙස කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.