
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය යනු ඉතිහාසයේ සිට පෝලිම් යුග තුරන් කළ පක්ෂය බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් රුවන් විජයවර්ධන මහතා පැවසූයේ එක්සත් ජාතික පක්ෂය නැමැති දැවැන්ත පක්ෂය මෙරටට දැවැන්ත නායකයින් මේ රටට බිහිකළ පක්ෂයක් බවයි. "එක්සත් ජාතික පක්ෂය කවදාවත් අභියෝගයට බයේ පැනලා ගියේ නැහැ. ඉතිහාසය ඊට සාක්ෂි දරනවා. සුද්දගෙන් මේ රටේ නිදහස් කර ගත්තේ ඩී.එස්.සේනානායක මහතායි. පළවෙනි පෝලිම් යුගය නිමා කළේ පළවෙනි විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතායි. මේ රටේ කර්මාන්ත පුනරුදය ඇති කළේ රණසිංහ ප්‍රේමදාස මහතායි. මීට වසරක් දෙකකට පෙර තිබුණු දෙවන පෝලිම් යුගය නැති කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එසේ බැලූ විට එක්සත් ජාතික පාක්ෂික නායකයින් මේ රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටද කටයුතු කර තිබෙනවා යනුවෙන් ද විජයවර්ධන මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.