හදිසි වැටලීමක් යැයි පවසා මංකොල්ල කාලා
හදිසි වැටලීමක් සිදු කරන පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ රංගනයක යෙදී, අනුරාධපුර වන්දනාවේ පැමිණි යුවලක් බිය ගන්වා එම යුවල පැමිණි මෝටර් රථය පරීක්ෂා කර ඔවුන් සතුව තිබූ රුපියල් 41000ක මුදලක් කොල්ලකා පලා ගිය තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.