බදුල්ලේ උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් අවහිර වී ඇති මාර්ග අපහසුතාව නිසාවෙන් බදුල්ල සිට බණ්ඩාරවෙලටත්, බණ්ඩාරවෙල සිට බදුල්ල ටත් පැමිනෙන උසස් පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් බදුල්ල මධ්‍ය මහ විදුහලේ සහ බණ්ඩාරවෙල මධ්‍යම මහ විදුහලේ විභාග ශාලාවේ පහසුකම් සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එච් .ජේ.ඇම්.සී.අමිත් ජයසුන්දර මහතා පවසයි.