
(සුජිත් හේවාජුලිගේ)
හමුදා සාමාජිකයින්ට ආහාර වේල් ලබාදීම වෙනුවට එම සලාක මුදල ලබන ජනවාරියේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එක් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
එමෙන්ම ඔවුනට අවශ්‍ය ආහාර හමුදාවෙන්ම සහනදායී මිලකට ගැනීමට වැඩපිළිවෙළක්ද හඳුන්වා දෙන බව ඔහු සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම අමාත්‍යාංශයේදී අද (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය
මෙසේ කටයුතු කිරීමෙන් හමුදා සාමාජිකයින් ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වීම පමණක් නොව මූල්‍ය විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇතැයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.
මෙම නව තීරණයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පනස් පන්දහසකට පමණ සෙත සැලසෙනු ඇතැයි රජය විශ්වාස කරයි.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමුදා සලාක මුදල ජනවාරියේ සිට වැටුපට
Prabha Thursday, 29 August 2024 06:05 PM
මේ අය මැතිවරණ නීති අමුවෙන්ම උල්ලංඝනය කරනවා.
ජයනාත් Thursday, 29 August 2024 06:48 PM
මෙහෙමත් කැරට් බෙදිල්ලක්.. ඡන්දෙ දිනන බව දන්නවා නම් ඇයි මෙතරම් බොරු කරන්නේ...
RDCS Kumara Thursday, 29 August 2024 06:54 PM
ඒක නම් හොඳ අදහසක්... මේක ක්‍රියාත්මක කෙරෙයිද කියන එකයි විශ්වාස නැත්තේ...
වන්නිනායක Thursday, 29 August 2024 08:10 PM
2025 ජනවාරි මසට කලින් දෙන්න බැරිද ජනාධිපති මැතිවරණයෙන් පස්සෙ ඔය අදහස් වෙනස්වේ
වන්නිනායක Thursday, 29 August 2024 08:13 PM
2025 ජනවාරි මසට කලින් දෙන්න...
Chandima Friday, 30 August 2024 06:57 AM
මේ පනස්දාහම ඡන්දෙ දෙනවා කිව්වද?
සුපුන් චාමර Friday, 30 August 2024 08:10 AM
මේ පාර ආරංචි විදියට ත්‍රිවිධ හමුදාවේ බහුතරයක් මාලිමාවට. එම ඡන්ද ලබාගැනීමේ එක් උපක්‍රමයක් මේක... ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ලක්ෂ 2 1/2 ක පමණ සේවයේ යෙදී සිටින අතර එයින් 55000කට පමණ සෙත සැලසෙන බව කියයි. එවිට ඉතිරි අය. ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා නොදන්නා නමුත් දැනටත් එම 55000ම සලාක මුදල ලබාගනී. මෙය වංගු ගැසීමක් ලෙස හැඳින්විය හැකිය...
වෙනුර සතිස් Friday, 30 August 2024 09:04 AM
වඩාත් හොඳ අදහසක්. මොකද නිවාඩු යන සෙසු නිලයෙකුටම මාසයක් අවසානය ලබාගන්නා නිවාඩු දින 10 සඳහා හිමි සලාක මුදල් නිසි පරිදි ඔවුන් හට හිමි වෙන්නේ නෑ.
සෙනෙවිරත්න Friday, 30 August 2024 10:25 AM
අනේ ප්‍රමිත, ලැජ්ජාවක් නැහැ... තාත්තාට නැතත් සීයාට තිබුණා. හොරු සමග හෙළුවෙන් ඉන්න එපා...!
rosanta Sunday, 01 September 2024 12:23 PM
රජයට හොරා කන්න පුරුදු කරන්නේ අපිම තමයි වැඩක්කර ගන්න කොට, ජරාවනෝදී හිටපල්ලා එතකොටහරි නුඹලා ජාරාව දෙනකන් කවුරු ආවත් හොරාකනවා... ඒක ස්ථිරයි...