
(බී.ජි. චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර, තලාව මැදවැව ප්‍රදේශයේ ගොවි බිමක සිදු වූ වෙඩි තැබීමකින් හා පහර දීමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත් වෙඩි තැබීම සිදු කර පලා ගිය පුද්ගලයා මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය පවසයි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වෙඩි තැබීම සිදු කල පුද්ගලයාගේ 23 හැවිරිදි පුත්‍රයා සහ වෙඩි වැදීමට ලක් වූ 44 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි .
මැද වැව ප්‍රදේශයේ පැපොල් වගා කරන ගොවි බිමක, එම වගාව සදහා යොදා ගත් ජලනල කීපයක් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් විමසා එම ගොවි බිමෙහි අයිතිකරු තවත් පිරිසක් සමග රාත්‍රියේදී යාබද වගා බිමෙහි තාවකාලික නිවසක සිටි පුද්ගලයෙකුට සහ ඔහුගේ පුත්‍රයාට පහරදී ඇති බව පොලිසිය කියයි.
පහර කෑමට ලක් වීමෙන් එම පුත්‍රයා බරපතල තුවාල ලබා ඇති බවත් ඉන් අනතුරුව එම පියා විසින් පහර දීමට පැමිණි පිරිසට වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙහිදී පහර දීමට පැමිණි පිරිස වෙත සිදු කල වෙඩි තැබීමෙන් එම පිරිසේ සිටි එක් පුද්ගලයෙකු බර පතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.
මෙහිදී වෙඩි තැබීම සිදු කල පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කල පරීක්ෂාවකදී එම සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් හමු වූ බව පොලිසිය කියයි.

2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොවි බිමක වෙඩි තැබීමක් : අයෙක් අත්අඩංගුවට
kumara Thursday, 29 August 2024 12:05 PM
අර මෝඩ ඇමති තව කියනවා වගා බිම් ආරක්ෂා කරන්න තුවක්කු දෙන්න කියලා. ඔය රැකලා තියෙන්නේ අපූරුවට. ඇමතිට විරුද්ධව වගකීම පැහැර හැරීම සහ අපරාධ වලට අනුබල දීම යටතේ නඩු දාන්න ඔ්න මේ යන විදියට. නොදකිං ලංකාවෙ ඇමතියො.