
(රෝෂන් තුෂාර)
පාසලේදී ලබා දුන් උපදේශයකට උරනව ශිෂ්‍ය නායකයෙකුට කොළඹට ගෙන්වා දැඩි ලෙස පහරදී එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයට මුදාහළ බණ්ඩාරවෙල ප්‍රධාන පාසලක ශිෂ්‍යයින් තිදෙනෙකුට ඇප නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ළමුන් සම්බන්ධයෙන් පූර්ණ පරිවාස වාර්තාවක් කැඳවන ලෙසට පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට නියෝග කරමින් අද (29) දන්වා සිටියේය.
"ළමයි ගහ ගැනීම සාමාන්‍යයි. එහෙත් දැඩි ලෙස පහරදී එය වීඩියෝ කර සමාජ මාධ්‍යයට දැමීම විමර්ශනයක් කළ යුතුයි. එම නිසා වහාම පූර්ණ පරිවාස වාර්තාවක් කැඳවන්න නියෝග කරනවා." යනුවෙන් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
කොළඹ ගුණසිංහපුර, සාංචි ආරච්චි වත්ත සහ සෙබස්තියන්පුර පදිංචි සැකකාර සිසුන් කෙසෙල්වත්ව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.
මෙම බලවයස්කාර සිසුන් තිදෙනා බණ්ඩාරවෙල ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන බවත්,පාසලේ දී යම් සිද්ධියකට උපදෙස් ලබා දුන් පැමිණිලිකාර ශිෂ්‍ය නායකයාට දුරකථනයෙන් කතාකොට කොළඹට ගෙන්වා මිහිඳු මාවත ආසන්නයේදී දැඩි ලෙස පහරදෙමින් එය සමාජ මාධ්‍යයට යොමු කර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
මීට දින කීපයකට පෙර පාර කෑමෙන් ගෙල ප්‍රදේශය හා හිස ප්‍රදේශයට සිදු වූ තැලීම්වලට ප්‍රතිකාර ලැබූ ශිෂ්‍යයා අද උදෑසන රෝහලින් පිටවූ බවත්,වෛද්‍ය වාර්තාවක් කැඳවා ඇති බවත් පැවසීය.ශිෂයින් පරිවාස භාරයට පමුණුවන ලෙසද ඉල්ලා සිටියේය.
බාල වයස්කාර ශිෂ්‍යයින්ට ඇප ලබා දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මේරි ඩික්මන් මහත්මිය ඉල්ලා සිටියාය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් සැකකරුවන් බලවයිස්කාරයින් වන හෙයින් ඇප මත මුදා හැර පූර්ණ පරිවාස වාර්තාවක් කැඳවන ලෙසට නියෝග කළේය.
අදාළ වාර්තාව ඔක්තෝබර් 22 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බණ්ඩාරවෙල සිසු නායකයා කොළඹට ගෙන්නා පහරදීලා
NWS KUMARA Thursday, 29 August 2024 05:13 PM
ළමයින් කියන්න පුළුවන්ද?
Prabha Thursday, 29 August 2024 06:08 PM
කොළඹට ගෙනැල්ලා පහර දුන්නානම් ඒක සංවිධානාත්මක අපරාධයක්නේ.. දෙකක් නෑ සල්ලිකාරයින්ගේ පුත්තු වෙන්න ඇති...
රංබොඩ Thursday, 29 August 2024 06:25 PM
ගුණසිංහ පුර, සාන්චි ආරච්චි වත්ත කිව්වාම ඉතිං පොඩි පාතාලයක් තමයි.
C.K.Lankaputhra Thursday, 29 August 2024 09:22 PM
කෙසෙල් වත්තේ අයියලා වෙන්න ඇති.
sam Friday, 30 August 2024 10:35 AM
මේ දෙන්නාට දැඩි දඬුවම් දෙන්න. නැතිනම් හෙට අනිද්දා මේ අය නිරුවත් විඩියෝත් අප්ලෝඩ් කරාවි අනිවාර්යයෙන්ම...