
( සිසිර කැලේගම)
තනියම අක්කරයක පමණ කුඹුරක් වැඩකර එය රැක ගැනීමට පැළක සිටි විවාහක සිව්දරු (74) වියේ පසු වු මවක වන අලි ප්‍රහාරයකට ලක්ව අද (29) මියගොස් ඇතැයි ගල්ගමුව පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ගල්ගමුව ,පොරතුකඩවල ලිපිනයේ පදිංචිව සිටි එස්.ආර්.බී.ඩබ්ලිව්.එම්. චන්ද්‍රාවති කුමාරිහාමි නැමැත්තියක බව පොලීසිය සඳහන් කරයි.
ඇයගේ දරුවන් හතර දෙනාම පිටත පදිංචිව රැකියාවල නියැලෙන අතර ඇය පමණක් තනියම නිවසක වාසය කර තිබේ.
නිවසේ සිට මීටර් 500 ක් පමණ දුරින් යුත් අක්කරයක පමණ කුඹුරක වී වපුරා එහි අස්වැන්න දින දෙකක් තිස්සේ තනියම කපා එය පාගෙන ගෙට ගෙන යන තෙක් පැල් රැකීමට ගොස් සිටිය දී තනි අලියා පහරදී ඇතැයි කියයි.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැල් රකින්න ගිය සිව්දරු මව අලි පහරින් මරුට
mangala Thursday, 29 August 2024 02:32 PM
කියවද්දි දුක හිතෙනවා. අලියා වන ද වල් ද කියලා නෑ. උගේ නම වෙනස් කලාට වැඩක් වෙලා නැහැ වගේ. කොහොම උනත් අපි හේන් ගොවිතැන් කුඹුරු කරන්නේ සියවසකට කලින් අලියගේ වාසස්ථාන වල නේ .
wedageThursday, 29 August 2024 03:43 PM
මේ දරුවන් ගැන දුකයි ....
sugathThursday, 29 August 2024 03:51 PM
ඔය නගර බදව ජීවත් වෙන අය ඉන්න තැන්වලත්, මීට සියවස් කීපයකට කලින් තිබුනේ වන සතුන් ජීවත් වුණු වනාන්තරය. දැන් මිනිස්සු ඒවායේ තිබුණු වනාන්තරය එළි කරලා ඒවායේ පදිංචි වෙලා ඉන්න එක හරිද?
Migara Thursday, 29 August 2024 09:35 PM
මෙහෙම ධෛර්යමත් කාන්තාවන් සිටින රටක අතපය තියෙන තරුණ පිරිමි අස්වැසුම ගැනීමට පෝලිමේ සිටින අපූරුව...