යලේ වැඩ සිංහල අවුරුද්දට කලින් 2024 යල කන්නයේ වී වගා කටයුතු මාර්තු අවසන් සතියේ සිට අප්‍රේල් පළමු සතිය දක්වා කාලයේ ආරම්භ කිරීමටත් ඒ අනුව මහවැලි හා වාරිමාර්ග ජලාශ යටතේ ජලය නිකුත් කිරීමටත් අද (13) තීරණය කරනු ලැබීය. 13 February 2024
රජයේ මිනින්දෝරුවෝ විරෝධතාවයේ රජයේ මිනින්දෝරු සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් බත්තරමුල්ලේ පිහිටි ඉඩම් අමාත්‍යංශය වෙත අද (13) දහවල් පාගමනින් පැමිණ විරෝධතාවක් පැවැත්වීය. 13 February 2024
රට ගිය අයට ගෙවල් හදන්න කෝටියක ණයක් ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් සඳහා වන නිවාස වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 13 February 2024
සෞඛ්‍ය වැඩවර්ජනයෙන් රෝහල් අඩපණ වෙයි වෛද්‍යවරු හැර සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද (13) පෙරවරු 6.30 ට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතු අකර්මණ්‍ය වී තිබේ. 13 February 2024
හැර ගිය අලියෙක් එක්ක රංගෙ මාධ්‍ය හමුවක එක්සත් ජාතික පක්ෂයේ බංකොලොත් වීම යනු රට බංකොලොත් වීම යැයි එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 13 February 2024
සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම සාධාරණයි සෞඛ්‍ය සේවකයන් දීමනාවක් ඉල්ලා සිටීමේ වරදක් නොමැති බවත් එය එසේ වුවද මේ අවස්ථාවේදී එවැනි දීමනාවකට වෙන්කිරීමට මුදල් නොමැති යැයි මුදල් අමාත්‍යංශය පවසන බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (13) පැවසීය. 13 February 2024
දඩ මස් සමඟ අවන්හලේ තුනක් වනජීවියට මාට්ටු මුන්දලම විජය කටුපත ප්‍රදේශයෙ පවත්වාගෙන ගිය අවහන් හලක් තුළ තිබු වන සතුන්ගෙ මාංශ කිලෝ 150 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය කියයි. 13 February 2024
මැතිවරණ පැවැත්වීමේ වගකීම කොමිසම සතුයි ජනාධිපතිවරණය නියමිත කාල සීමාව වේ පැවැත්වෙනු ඇති අතර වත්මන් කාලරාමුවට අනුව, මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 13 February 2024
පොලිසියට වට කර පහර දුන් කාන්තාවන් මරදානේදී අත්අඩංගුවට පිටකොටුව පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් මුදා ගැනීම සඳහා එම නිලධාරීන් පිරිසට පහර දුන් ජාවාරම්කාරියගේ ඥාති සහෝදරියන් තිදෙනෙක් ඇතුළු එම ජාවාරම්කාරිය මරදාන ලොකට් ලේන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මරදානබපොලිසිය කියයි. 13 February 2024
නීතිඥ මනෝජ් එන්.එම්.ආර්.ඒ. අධ්යක්ෂ ධූරයෙන් අස්වෙයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (එන්.එම්.ආර්.ඒ.) අධ්යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ නීතිඥ මනෝජ් ගමගේ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට අද (13) යොමුකර තිබේ. 13 February 2024
බියගමට ජාතික රෝහලක් ගම්පහ බියගම ප්‍රදේශයේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 February 2024
ඡන්ද නාමලේඛනයට නම දාන්න අල්ලස් ගත් ග්‍රාමසේවක රිමාන්ඩ් ඡන්ද හිමි නාමලේඛනය සඳහා නම ඇතුළත් කිරීමට රුපියල් දස දහසක අල්ලසක් ගත්තේ යැයි කියන හම්බන්තොට සමෝදාගම ග්‍රාම නිලධාරීවරයා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(13) නියෝග කළේය. 13 February 2024
ප්‍රයෝජනයක් නැති රජයේ ඉඩම් බදු දෙන්න කැබිනට් අනුමැතිය ප්‍රයෝජනයකට නොගන්නා රජයේ ඉඩම් වාණිජ වැවිලි කළමනාකරණ ව්‍යාපෘති සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 13 February 2024
හින්දූ භක්තිකයන්ගේ ලොකුම උත්සවයක් ලංකාවේ 2024 ජාත්‍යන්තර ශ්‍රීමත් භගවත් ගීතා මහෝත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 February 2024
වාද්දූවේදී මොටර් රිියක් අළු වෙයි වාද්දුව, පොතුපිටිය ගාලුපාරේ ගාල්කර තිබූ මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර මුළුමනින්ම ගිනිගෙන ඇති බව වාද්දුව පොලිසිය පවසයි. 13 February 2024
ව්‍යාපෘති අනුමැතියට කොමිසමක් විවිධ රජයන් පසුගිය කාල සීමාවේදී ව්‍යාපෘති රැසක් අතරමග නතර කර දැමීම හේතුවෙන් කෝටි දහ දාහකට ආසන්න මුදලක් රජයට අහිමිවී ඇති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම පැවසීය. 13 February 2024
ඔන්ලයින් පනත සංශෝධනයට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 13 February 2024
හොරණ විදුලි අධිකාරිට පහරදුන් හිටපු මන්ත්‍රී අල්ලයි හොරණ ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට කඩා වැදි වාණිජ අංශයේ විදුලි අධිකාරීවරයාට පහරදී පලාගොස් සැඟවී සිටි හොරණ නගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී නලින් චින්තක නමැත්තා අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 13 February 2024
ජ.වි.පෙ. විරෝධයකට ඉල්ලූ වාරණය ඉවතට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට සම්බන්ධ රජයේ සංවර්ධන නිලධාරි සේවා සංගමය ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් කොළඹ විද්‍යාමාවත ’’ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය’’ ඉදිරිපිට අද (13) දහවල් සංවිධානය කර ඇති විරෝධතාවය හා උද්ඝෝෂණය වළක්වන වාරණ ආඥාවක් නිකුත් කරන ලෙස කුරුඳුවත්තවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කළේය. 13 February 2024
මැතිසබේ ලොක්කන්ට විගණනයෙන් දැනුම් දීමක් පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට හා සේවකයන්ට උසස්වීම් පිරිනැමීමේ ක්‍රියාදාමය විධිමත් කරන්නැයි විගණකාධිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත. 13 February 2024
වී මණ්ඩලයට කෝටි 124ක් පාඩුවෙලා වී අලෙවි මණ්ඩලය රුපියල් කෝටි 124 ක පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 13 February 2024
රතුලූනු වගාවට නොමිලේ රක්ෂණාවරණයක් රතුලූනු වගාව සඳහා නොමිලයේ රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය. 13 February 2024
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් මග්ගොන ප්‍රදේශයේ දී දුම්රියක ගැටී පුද්ගලයකු පීලි අතර සිරවීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තරමක ප්‍රමාදයක් පවතින බව කළුතර දුම්රිය බළධාරීයෙක් පැවසීය . 13 February 2024
සුනඛයෙකුට ගිනි තබා මරා දැමී යැයි අයෙක් අත්අඩංගුවට ගම්පහ , ඉහළ යාගොඩ ප්‍රදේශයේ නිවසක ඇති දැඩි කළ සුනඛයෙකුට ගිනි තබා මරා දැමීම හේතුවෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි. 13 February 2024
ඔන්ලයින් පනතට පාඨලී දොස් කියයි සමාජ මාධ්‍ය නියාමන පනත මර්දන එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පැවසීය. 13 February 2024
ගුටි බැට හුවමාරුවකින් පොලීසියේ දෙකක් ඇතුළු හතරක් රෝහලේ යතුරුපැදියක් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසු පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සහ යතුරුපැදියේ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 13 February 2024
නවීන ගිනි අවියක් සමඟ අයෙක් අල්ලයි කිසියම් අපරාධයක් කිරීමට සූදානම් වී සිටි පුද්ගලයකු විදේශ රටක නිෂ්පාදිත අති නවීන මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සන්තකයේ තබාගෙන සිටියදී රුවන්වැල්ල කොටිය කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 13 February 2024
ව්‍යාජ නෝට්ටු සමඟ කරණවෑමියා සහ තවත් අයෙක් දැලේ ව්‍යාජ මුදල් නෝට්ටු 18 ක් ළග තබාගත් දෙදෙනෙකු හකුරුවෙල කුඹුක්මුල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය පවසයි . 13 February 2024
’යුක්තිය’ තවත් 680 ක් අල්ලයි ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 680 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 13 February 2024
පොලීසියට පාට් දැමු හිටපු මේජර් ඇතුළු දෙකක් අල්ලයි වරකාපොළ නගරයේ කොළඹ නුවර මාර්ගයේ වාහන හසුරවමින් සිටි රථ වාහන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා හිටපු මේජර්වරයෙකු සහ නාවික හමුදා විශ්‍රාමිකයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පවසයි. 13 February 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025