ගහෙන් වැටුණු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගොනත් ඇනලා
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සඳහා යහපාලන ආණ්ඩු සමයේ සිට ලබා දුන් සියයට 15ක පොලී අනුපාතය සියයට නවය,දහය මට්ටමකට අඩුකිරීමෙන් වැඩිහිටි පරපුර දැඩි අසීරුතාවකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.