ක්‍රම සහ විධි කමිටුවේ මුල් පුටුව යළිත් පාඨලිට කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් අද (20) නැවත වරක් නිතරඟයෙන් පත්වී ඇත. 20 March 2024
ලොව සතුටුම රට ෆින්ලන්තය ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස පිටපිට හත්වැනි වරටත් එම කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේ ද සමත් විය. 20 March 2024
ජනපති සංගීතය අහන්න යයි ෂෙනුක් විජේසිංහ මහතා විසින් සෞන්දරී ඩේවිඩ් රොඩ්රිගෝ සහ නෙරංජන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගී වූහ. 20 March 2024
ඊෂි කෑෂ් හරහා හෝමාගම වෙළඳුන්ගෙන් මුදල් ගරලා කල් ඉකුත් වූ වෙළද බලපත්‍ර යලි යාවත්කාලීන කිරීම ප්‍රමාද වී ඇතැයි පවසා ජනතාව භිය ගන්වමින් වංචනික ලෙස ඊෂි කෑෂ් හරහා දහස් ගණනින් මුදල් ගැරීමේ ජාවාරමක් හෝමාගම ප්‍රාදේශීය සභා බළ ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමුදුනී ගුණතිලක මහත්මිය පැවසුවාය. 20 March 2024
අධිකරණයට අපහාස කළ නීතිඥවරයකු රිමාන්ඩ් අධිකරණයට අපහාසවන අයුරින් හැසිරුණු බව කියන නීතිඥවරයකු ලබන 3 වැනි දා දක්වා රිමාන්ඩ් ගත කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීෆම් චෝදනා යටතේ චෝදනා පත්‍රයක් ගොනු කරන්නැයි නීතිපතිවරයාට නියම කළේය. 20 March 2024
සුරාබදු දෛපාර්තමේන්තුවට අදත් විරෝධය ප්‍රධාන මත්පැන් නිෂ්පාදන සමාගම් හිඟ තබා ඇති රුපියල් කෝටි 700 කට ආසන්න බදු අයගැනීමට සුරාබදු දෙපර්තමේන්තුව කටයුතු නොකිරීමට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ රාජගිරියේ පිහිටි සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට අද (20) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ. 20 March 2024
කථානායක භූමිකාවම දිරලා කරත්තේ බැඳපු අම්බරුවා සේ ජහ් කියන විට යන හිටු කියන විට නවතින කතානායකවරයාගේ මුළු භූමිකාවම දිරාපත් වී ඇතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 March 2024
ෂාෆ්ටර්ගේ විශේෂඥ වාර්තාව ඉක්මනින් ඉල්ලයි ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනෙෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථන සහ පරිගණක දත්ත සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා රජයේ රස පරීක්ෂක වරයාට සිහිකැඳවීමේ ලිපියක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ශණ කැකුණුවෙල මහතා අද(20) නිකුත් කළේය. 20 March 2024
අනුර - දුමින්දත් කෝප් කමිටුවෙන් අස්වෙයි ජාතික ජන බලවේගය පක්ෂයේ අනුර දිසානායක සහ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුද කෝප් කමිටුවෙන් අද (20) ඉල්ලා අස්වූහ. 20 March 2024
මුහුදුබඩ දුම්රිය 18ක් අවලංගුයි කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ රාත්‍රියේ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් එම මාර්ගය අවහිර වීමෙන් අද (20) පෙරවරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 18 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය. 20 March 2024
මාස තුනට සංචාරකයෝ 850000ක් එති මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා තෙක් ගුවන් මගීන් 850,000ක් ගුවන්තොටුපළ සේවා ලබාගෙන ඇතැයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා පැවසීය. 20 March 2024
’’ඉන්දීය විජිතකරණයට එරෙහිව’’ පාගමනට ඉල්ලූ තහනම ඉවතට ’’ඉන්දීය විජිතකරණයට එරෙහිව’’ යන මැයෙන්පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් ජන අරගල ව්‍යාපාරය අද(20) සවස කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී සංවිධානය කරන උද්ඝෝෂණ ව්‍යාපාරය සහ පාගමන වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (20)ප්‍රතික්ෂේප කළේය. 20 March 2024
පොලිසියට අහුවුණු කුඩු පෙම්වතා පෙම්වතිය බිල්ලට දී මාරුවෙලා පෙම්වතා සමඟ යතුරු පැදියකින් මත් කුඩු බෙදා හරිමින් සිටියදී පොලිසියට හසුවී තරුණිය හැරදමා පෙම්වතා පලා යාමේ පුවතක් මාදම්පේ පොලීසියෙන් වාර්තා වෙයි. 20 March 2024
එළවනාකන්දේ අනතුරින් අයෙක්ට දිවි අහිමිවෙයි මාතලේ විල්ගමුව එළවනාකන්ද ප්‍රදේශයේ අද(20) සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 20 March 2024
ගුවන් සේවා සුරක්ෂිතතා ජාත්‍යන්තර සමුළුව දකුණු ආසියානු කලාපීය ගුවන් නිරුපද්‍රිතතාවය වර්ධනය උදෙසා යුරෝපීය ගුවන් සේවා සුරක්ෂිතතා ඒජන්සිය (EASA) විසින් සංවිධානය කළ 08වන ජාත්‍යන්තර සහයෝගිතා සමුළුව (ICF) කොළඹ හිල්ටන් හොටල් පරිශ්‍රයේදී පැවැත්විය. 20 March 2024
රේගු නිලධාරීන් ‘අකුරට වැඩ’ අතහරියි රේගු අධ්යක්ෂ ජනරාල්වරයා නමින් පැවැති ගිණුමක් මුදල් අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය දක්වමින් රේගු නිලධාරීන් ක්‍රියාත්මක කළ ‘අකුරට වැඩ කිරීමේ’ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවූ බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා අද (20) පෙරවරුවේ පැවසීය. 20 March 2024
කෝප් සභාපති ඉවත් නොකළොත් උපවාසයක් කෝප් සභාපතිවරයා ඉවත් නොකලොත් උපවාසයක් කරන්නට සිදුවන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 March 2024
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය මගීන් අමාරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ රාත්‍රියේ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් එම මාර්ගය අවහිර වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය රැසක් අද පෙරවරුවේ අවලංගු කිරීමෙන් මගේ ජනතාව දැඩි අපහසුතාවට පත් වූහ. 20 March 2024
මහා බැංකුවේ පඩි වැඩිවීම නවතියි පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහා බැංකුවට අද නිර්දේශ කළේය. 20 March 2024
වසන්ත යාපා පත්කළ ගමන් අස්වෙයි පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කෝප් කමිටුවට අලුතින් පත් කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමත් සමග නැගී සිටි වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා තමා එයින් ඉල්ලා අස්වන බව දැනුම් දුන්නේය. 20 March 2024
පොහොට්ටුවේ ජනපති හොයන්න අද සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් එහි ජාතික සංවිධායක,බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී අද (20) පෙරවරු 10.00 ට පැවැත්වේ. 20 March 2024
මේ රස්නයෙන් සතුන්ටත් ආතතිය පවතින වියලි කාලගුණයත් සමග සුනඛයන්ගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසාවෙන් එම සතුන්ට ආතතිය ඇතිවී ජල භීතිකා රෝගය වර්ධනය වීමේ අවදානමක් පවතින බව රජයේ පශුවෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පසු වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසයි. 20 March 2024
රට ගිය මැති ඇමැති හතක් යළි ගෙන්වයි විදේශගතව සිටින මැති ඇමැතිවරුන් හත් දෙනකුට වහාම දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාට උපදෙස් දී ඇත. 20 March 2024
ජාඇල වෙඩි තැබීමේ සිද්ධියේ යතුරු පැදිකරු මාට්ටු ජා ඇල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදියේ පැදිකරු බව කියන පුද්ගලයකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 March 2024
ආහාර විස වී සෙවනගල කොතලාවල පීඨයේ සිසුන් 29ක් රෝහලේ සෙවනගල පොලිස් වසමට අයත් නුගේගලයාය කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් විසි නවදෙනෙකු ආහාරය විස වීමෙන් සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි . 20 March 2024
අද කාලගුණය දිවයිනේ, විශේෂයෙන් දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක් අද දිනයෙන් පසු අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව කියයි. 20 March 2024
ලංකාදීපය 18 වැනි වරටත් කිරුළ පළදියි ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 18 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී. 19 March 2024
බිරිය ගෙන්වා ගන්න වකුගඩුව විකුනන්න යන සැමියා කුවේට් ගෘහ සේවයට ගොස් සිටිදි හදිසි අනතුරකට ලක්ව රෝගී වී සිටින තම බිරිඳ ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටින රුපියල් ලක්ෂ හය හමාරක මුදල සොයා ගැනීමට නොහැකිවූ සැමියකු තම වකුගඩුවක් රුපියල් ලක්ෂ 15 කට විකුණා බිරිඳ ගෙන්නා ගැනීමට වෙර දරන පුද්ගලයකු මනම්පිටියෙන් අපට හමුවිය. 19 March 2024
කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල දුම්රියක් පීලි පනියි කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට රාත්‍රී 07.15 ට දකුණු කළුතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 March 2024
පෙම් පලහිලව්වට ගුරුවරියගෙන් ගුරුවරියට පිහි පහර පිහියකින් කපා පාසල් ගුරුවරියකට තුවාල සිදුකළේ යැයි සැකපිට තවත් පාසැල් ගරුවරියක් අද (19) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. 19 March 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025