ලෝක වනාන්තර දිනයේ මිහින්තලයේ කැලේ වනසලා
ලෝක වනාන්තර දිනයේ යෙදුන අද මිහින්තලේ, දොරමඩලාව රජ මහා විහාරයට ගමන් කරන මාර්ගයේ පිහිටි මිහින්තලේ රක්ෂිතයේ අක්කර දහයක් පමණ ප්‍රදේශයක සියළුම ගස් කපා දමා ඒවා ගිනි තබා, මෙම රක්ෂිත කොටස වටා වැටක් ගසා එය අත්පත් කර ගනිමින් සිටි ව්‍යාපාරිකයකු, කම්කරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.