IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සංස්කෘතිය හරහට දඹාන උපනායක ඡන්දය එපා වේ

(රංජිත් කරුණාවිර)

2024 මහ මැතිවරණය වෙනුවෙන්, දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡන්දයේ දීමෙන් වැළකී නැවත හැරී පැමිණි සිදුවීමක් අද (14) දින උදෑදන වාර්තා විය.

එයට හේතු වී ඇත්තේ උප නායකතුමන් තුමන් ආදිවාසී සංස්කෘතියේ අනන්‍යතාවය වන “පොරව“ කරමත තබා ගනිමින් ජන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාණයට පැමිණි බව පවසමින්, මධ්‍යස්ථාන භාරකාර නිලධාරිතුමන් ආදිවාසී උපනායකතුමන්හට ජන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී නොමැතිවීම හේතුවෙනි.

ඒ හේතුවෙන් උප නායකතුමන් ඇතුළු පවුලේ සැම ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී නැවත හැරී පැමිණ ඇත.

 



අදහස් (7)

සංස්කෘතිය හරහට දඹාන උපනායක ඡන්දය එපා වේ

බමුණුරච්ච් Thursday, 14 November 2024 01:00 PM

අපි ආදිවාසී කියලා කොළ අතු ඇඳගෙන පාරේ යන්න පුළුවන්ද? බැහැ. එහෙනම් ඔය පොරෝ පොජ්ජ ගුබ්බෑයමේ තියා ගියානම් නේද හොඳ?

:       7       1

pakeer Thursday, 14 November 2024 01:15 PM

ඡන්ද නිලධාරීන් මහ බූරුවො සෙට් එකක්නේ...!

:       2       7

kasun Thursday, 14 November 2024 01:50 PM

මාර වැඩක් නේ. දැන් බුර්කා එකත් සංස්කෘතික ඇඳුමක් තමයි. එහෙම කියලා එයාලා මූණ වහගෙන එන්නේ නෑනේ ඡන්දෙ දාන්න. බොරු බයිලා තියෙන්නේ. අපි නොදන්න මොඩ් වැද්දෝ.

:       8       6

Nilantha Thursday, 14 November 2024 01:58 PM

අනුමානයක් නැහැ... එක්කෝ විදුහල්පති කෙනෙක් නැත්නම් පුටු රත්කිරීමේ සංවර්ධන නිලධාරියෙක් වෙන්න ඕනෑ.

:       4       9

රම්බොඩ Thursday, 14 November 2024 02:33 PM

මෙයාලාට ගුවන් යානයෙත් පොරව සමඟ යන්න විශේෂ අවසරයක් දුන්නා. මේ ගැන කලින්ම තීරණය ගන්නයි තිබුණේ. එයාලත් ඕන තැනයි, එපා තැනයි පොරෝ කෙටිය අරන් යනවානේ...

:       5       7

Shantha Thursday, 14 November 2024 04:33 PM

පොරව විනාඩියක් පැත්තකින් තියලා ඡන්දෙ දාන්න බැරිද? නිදාගන්නකොටත් පොරව කරේ තියාගෙනද නිදාගන්නේ...? විකාර.. ආයුධ අරන් ඇතුළු වෙන්න බැරිනම් කාටත් නීතිය එකයි. නීතියට ගරු කිරීම කාගෙත් යුතුකමක්...

:       6       4

Chandana Thursday, 14 November 2024 05:43 PM

වැදි ජන සංස්කෘතිය වසර දහස් ගණනක් පුරා සිට පැවතෙන්නකි. ඔවුන් දළදා වහන්සේ නැමදීමට යන්නෙන් ඔවුන්ගේ සංස්කෘතික උරුම සංකේතයක් වූ කෙටේරිය උරහිස මත රඳවා ගනිමිනි. එම උරුම අනන්‍යතා වෙනස් කිරීමට කිසිඳු නීතියකට නොහැකියි. රාජ්‍ය නිලධාරීන් එබඳු සම්ප්‍රදායන් නොදැන සිටීම හෝ නොතැකීම කණගාටුවට කරුණකි. ගැටලුවක් තිබුණේ නම් ඉහළ නිලධාරීන්ගෙන් විමසා ක්‍රියාත්මක විය හැකිව තිබුණි.

:       8       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site