
(ගයාන් සූරිය ආරච්චි)
කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙවණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලේ පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයාගේ බිරිය දරු ප්‍රසූතිය සඳහා ඊයේ (12) රෝහල්ගත කර ඇති අතර දරු ප්‍රසූතියේදී කුළුඳුල් බිළිඳා මියගොස් තිබූ බව පොලිසිය පවසයි.
දරුවා මිය යෑමෙන් මියගිය පුද්ගලයා ඉතා ශෝකයෙන් පසු වී ඇති බවත් නිවසේ පුද්ගලයන් සමග කතා නොකර සිට ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය දරුවා අද (13) මාදම්පිටිය පොදු සුසාන භූමියේ මිහිදන් කිරීමෙන් අනතුරුව මියගිය පුද්ගලයා මහල් නිවාසයට පැමිණ හුදකලාව සිට ඇති බවත් එකවරම ශබ්දයක් ඇති නිවැසියන් බලන විට ඔහු මහල් නිවාසයෙන් වැටී සිටි බවත් පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයාගේ බිරිය තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය කියයි.
මියගිය පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට (14) සිදුකිරීමට නියමිතව තිබුණි.
කොළඹ උතුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එස් කේ රූපසිංහ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි II සේමසිංහ මහතාගේ මෙහෙයවීම මත ම්හිජය සෙවණ පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිල්වා මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
සෙනෙවිරත්න Thursday, 14 November 2024 08:25 AM
අවදානයෙන් සිටිය නම් මේ දෙය නොවන්න තිබුන. මේ වගේ උදාහරන ඕන තරම් පසුගිය දිනවල සිදු උනා