ලංගම බසයක් පෙරළී 18ක් රෝහලට මහනුවර සිට හොරොව්පතාන දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් දඹුල්ල නාවුල උඩදෙණිය ප්‍රදේශයේ තාප්පයක ගැටි සිදුවු අනතුරින් මගීන් 18 දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 19 March 2024
තව මන්ත්‍රී තිදෙනෙක් කෝප් හැර යති තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළහ. දෙමළ සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම්, සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ,පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහත්වරුන් මෙලෙස කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. 19 March 2024
මරික්කාර්ටත් කෝප් කමිටුව එපා වෙයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර මහතා ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 19 March 2024
කෝටි 10 ක ස්වර්ණාභරණ කටුනායකින් අල්ලයි රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට පැමිණි මගීන් දෙදෙනකු සතුව තිබී කටුනායක ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය අද (19) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය. 19 March 2024
චරිත හේරතුත් කෝප් කමිටුව හැර යයි පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 19 March 2024
උත්තර ලංකා සභාගය විශ්වාස භංගයට සහය දෙයි උත්තර ලංකා සභාගය කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව එහි මන්ත්‍රී ගෙවිඳු කුමානතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 March 2024
ජනපතිට කොමඩු ගෙඩියක් කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කොට සාර්ථක වූ ගොවීහු දෙදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු හමුවූහ. 19 March 2024
කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක් හෙවත් ඩොලර් ලක්ෂ 615 ක් ප්රදානය කිරීමට ඉන්දියානු රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසීය. 19 March 2024
ඩොලරය තවත් පහළට ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) ඉනිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තව දුරටත් ඉහළ ගොස් තිබේ. 19 March 2024
දයාසිරිත් කෝප් කමිටුවෙන් ඉවත්වෙයි පොදු ජන පෙරමුණේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය. 19 March 2024
සිංහරාජෙ අලි යුවලගෙන් එකෙක් අතුරුදන් දැනට වසරක පමණ කාලයක සිට සිංහරාජය වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන අලීන් දෙදෙනාගෙන් දැනට නිරීක්ෂණය වන්නේ එක අලියකු පමණක් බව සිංහරාජ වන ජීවී කාර්යාලයේ වනජීවී නිලධාරී සරත් විජේතුංග මහතා ප්‍රකාශ කළේය . 19 March 2024
පොහොර ගැන කැබිනට් තීරණ තුනක් 2024 යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් තීරණ තුනක් ගෙන තිබේ. 19 March 2024
පෙළපොත් - නිල ඇදුම් ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක් රජයේ පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළව පාසල් පෙළපොත් සහ නිල ඇදුම් සදහා රෙදි නොලද පාසලක් වේ නම් ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස විදුහල්පතිවරු දැනුවත් කර එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් තිබේ. 19 March 2024
ගුවන්යානයක් හදිසියේ ගොඩබස්වයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළොන් බැංගලෝර් බලා අද (19) අළුයම ගුවන්ගත කළ ගුවන්යානයක් විනාඩි 40 ක පමණ කාලයකින් පසුව නැවත ගොඩබැස්සූ බව එම ගුවන්තොටුපළේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 March 2024
විශ්වාසභංගය ඉදිරිපත් කරයි මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක පුටුවට පැමිණි පසු දේශපාලන සබඳතාවලින් මිදුනේ නැතිව කටයුතු කිරීම ඔහු කරගත් විශාලතම වරද බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය. 19 March 2024
ජපාන තානාපතිත් අනුර කුමාර හමුවෙයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් වැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (19) පෙරවරුවේ පැවැත්විණි. 19 March 2024
දේශබන්දුගෙන් පාතාලයට රතු එළියක් මේ මාසය අවසන්වීමට පෙර පාතාලය නිහඬ නොවුණොත් ඊළඟ මාසය අවසන් වෙද්දී මත්ද්‍රව්‍ය හා පාතාලය මුළුමනින්ම තුරන්කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 19 March 2024
’’පුවක්’’ අපනයන බෝගයක් කරයි! දැනට වැවිලි බෝගයක් වශයෙන් නොව අතුරු වගාවක් ලෙස ව්‍යාප්තව ඇති පුවක් වගාව අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 19 March 2024
මාස 2ක් නොමිලේ හාල් දෙන්න කැබිනට් අනුමැතිය අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 March 2024
තව බිත්තර මිලියන 42 ක් ගේන්න කැබිනට් අනුමැතිය පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට බිත්තර ලබාදීම සඳහා අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 March 2024
සපුගස්කන්ද ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන් වෙයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 March 2024
මැති සබය රත් වෙයි කෝවිලකදී පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් සභා ගර්භය මැදට පැමිණ උද්ඝෝෂණයක නිරත වීමෙන් පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇති විය. 19 March 2024
ප්‍රාථමික අංශයේ දරුවන්ට 25 වැනිදා සිට දිවා ආහාර පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා පාසල් දරුවන්ට දිවා ආහාරය දීමේ වැඩසටහන මේ මස 25 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 19 March 2024
අරාබි මුහුදේ ධීවර කටයුතු එපා අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස මෙරට ධීවරයන්ට ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය. 19 March 2024
දවසේ කාලගුණය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව 19 March 2024
කතරගම ප්‍රධාන කපුවාට දේවල භුමිය තහනම් රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති කපු මහත්වරු දෙදෙනාගේ ‘කපු ධූරය’ අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ඊයේ (18) පියවර ගත්තේය. 19 March 2024
හරක් කටාගෙන් සන්තෝසම් ගත් සීඅයිඩී ලොක්කකු ගැන පරීක්ෂණයක් කුප්‍රකට පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා හා සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු, සහකාර පොලිස් අධිකාරිවරයකු සහ විශ්‍රාමික ප්‍රබල පොලිස් නිලධාරියකු සහ තවත් පොලිස් නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය (SIU) සහ ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. 19 March 2024
කෙහෙළිය උසාවි ගෙනා වාහනය ගැනත් පරීක්ෂණයක් රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට යොදාගෙන ඇත්තේ බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් ප්රවාහණය කිරීමට යොදා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පරිත්‍යාග කර ඇති වෑන් රථය බවට ලැබුණු පැමිණීල්ලක් සම්බන්දයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. 18 March 2024
ගෝඨාභයගේ හිටපු ව්‍යායාම උපදේශක කුඩුත් එක්ක මාට්ටු ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමන්ඩෝ බලකායේ ලාන්ස්කෝප්රල් වරයකු වශයෙන් කටයුතු කළ හිටපු සොල්දාදුවෙකු හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි . 18 March 2024
මහ බැංකු අධිපතිපතිවරයා පාර්ලිමේන්තුව මුලා කරනවා පාර්ලිමේන්තුව රැවටීමේ යටි අරමුණින් මහ බැංකුව වැඩි කරගත් වැටුපෙන් සියයට 25 ක් අඩු කිරීමට තීරණය කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවීය. 18 March 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025