
(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න සහ පට්ටිපොළ ප්‍රදේශයේ දී පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනය අද (13) පස්වරුවේ සිට යලි යථාතත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
පවතින වර්ෂාවත් සමඟ අද (13) පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගල්පර්වත කඩා වැටී තිබූ අතර පට්ටිපොළ ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට පස්කදු කඩා වැටීමෙන් මෙසේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබිණ .
දුම්රිය සේවකයන් විසින් දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ ගල්පර්වත පස්කදු ඉවත් කර මේ වනවිටත් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනය යථාතත්වයට පත් කර තිබෙන බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩරට දුම්රිය ධාවනය යථාතත්වයට