IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ට්‍රම්ප්-බයිඩන් හමුවෙති

ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින වත්මත් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුව ධවල මන්දිරයේ දී පැවැත්විණි.

නව ජනාධිපතිවරයාට ඉඩ දී, ධුරය අවසන් කරන ජනාධිපතිවරයාගේ සමුගැනීම සනිටුහන් කිරීම, ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායයි. ජනාධිපති බයිඩන්, ජනාධිපති ධුරයට තේරී පත් වුණු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට ඇරැයුම් කළේ ඒ අනුවය.

මෙම 2024 ඇමෙරිකන් ජනාධිපතිවරණය ආරම්භ වූයේ ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප් අතරේය. දෙදෙනා අතරේ පැවැති සජීවී රූපවාහිහිනී විවාදයේ දී 81 හැවිරිදි බයිඩන්ට ඔහුගේ වයස හරස් විය. 

වචන පැටැලී අසරණ වෙද්දී, ට්‍රම්ප් විවාදය ජයග්‍රහණය කළේය. ඒ අනුව, ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස බයිඩන්, සිය දෙවැනියා මෙන්ම වත්මන් උප ජනාධිපතිනිය ද වන කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළේය. අවසන් සටන ට්‍රම්ප් සහ හැරිස් අතරේ පැවැතියේ ඉන් අනතුරුවය.

මැතිවරණ රැලිවලදී එකිනෙකාට අපහාස කරගත්, චෝදනා කරගත් සහ පරිභව කරගත් ප්‍රතිවාදීන් වූ බයිඩන් සහ ට්‍රම්ප්, ධවල මන්දිරයේ දී එකිනෙකා හමුවූයේ සුහදව සිනාවෙමින් අතට අත දෙමිනි. ඇතැම් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ එය කැමරාවට පෙනෙන ලෙස කළ බොරු රඟපෑමක් බවය. දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී ද මාධ්‍යවේදීහු කණ්ඩායමක් ධවල මන්දිරයේ රැස්ව සිටියහ.

සාමකාමීව බලහුවමාරුව සිදුවන ආකාරය සම්බන්ධයෙන් බයිඩන් සහ ට්‍රම්ප් සාකච්ඡා කළ අතර, සාමකාමීව එම කටයුතු අවශ්‍ය පරිදි කර දෙන බව බයිඩන් ට්‍රම්ප්ට පැහැදිලි කළේය. ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප් බයිඩන්ට ස්තුති කළේය.

‘යළිත් වරක් ඔබ ධවල මන්දිරයට සාදරයෙන් පිළිගන්නවා’ යැයි බයිඩන් පවසද්දී,තමන් ද සාමකාමී බල හුවමාරුවක් අපේක්ෂා කරනවා යැයි ට්‍රම්ප්, බයිඩන් හමුවේ පෙන්වා දුන්නේය.

කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ට්‍රම්ප් මීට පෙර ජනාධිපති ධුරය හෙබවූයේ 2016 ජනාධිපතිවරණය ජය ගනිමිනි. 2020 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් පරාජය විය. ඒ, බයිඩන් හමුවේය.

ට්‍රම්ප්, යළිත් වරක් ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත්තේ, 2025 ජනවාරි 20 වැනිදාය.



අදහස් (0)

ට්‍රම්ප්-බයිඩන් හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 509 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17137 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 688 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site