IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහ ඡන්දෙ ආරක්ෂාවට පොලිසියෙන් අලුත් වැඩක්

(ජේ.ඉඳුරුවගේ)

මෙවර මැතිවරණ කටයුතු  සාමකාමීව පැවැත්වීමට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන්  දිවා රෑ ක්‍රියාත්මක ඩ්‍රෝන කැමරා සහ සී.සී.ටී.වී කැමරා සම්බන්ධ කර ගනිමින් පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ප්‍රථම වතාවට ස්ථාපිත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

බස්නාහිර පළාතට විශේෂ අවධානය යොමු කරමින්  අද සිට ක්‍රියාත්මක මෙම වැඩ පිළිවෙල යටතේ පළාත තුළ ඩ්‍රෝන කැමරා  හා ජංගම රථවල සවිකරන ලද සහ වෙනත්  සී.සී.ටී.වී කැමරා හරහා විවිධ ප්‍රදේශ හා  ස්ථාන  ආවරණය කරමින්  ලබා ගන්නා  දර්ශන මෙන්ම  සමාජ මාධ්‍ය ජාලාවන්හි මැතිවරණයට අදාළව පළවන සැබැඳින් මෙම විශේෂ මෙහෙයුම් මැදිරියේ සිට  මැතිවරණ කටයුතු අවසන් වන තුරු නිරීක්ෂණය කරමින් අවශ්‍ය පියවරයන් ගන්නා බව තල්දූව මහතා පැවසීය.

මෙම නිරීක්ෂණ කටයුතු කිරීම,වාර්තා කිරීම සහ අවශ්‍ය පියවර ගැනීම සඳහා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, ගුවන්, නාවික හා යුධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් මෙහෙයුම් මැදිරියේ රාජකාරි සිදුකරන බවද නියෝජ්‍ය පොලිස්පති  නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.



අදහස් (0)

මහ ඡන්දෙ ආරක්ෂාවට පොලිසියෙන් අලුත් වැඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site