
( මහින්ද නිශ්ශංක )
මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
තැපැල් කාර්යාලයට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ලබා ගැනීමට යාමේදී තම අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යය බව ද ඒ මහතා සඳහන් කළේය.
මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීම පසුගිය ඔක්තෝබර් 27 දා සිට නොවැම්බර් 7 දා දක්වා සිදු කෙරුණු අතර නෙවැම්බර් 8 දා සිට අද දක්වා ඒවා තැපැල් කාර්යාලයෙන් ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd