නිවාස අධිකාරියේ කොළඹ අක්කරයක ඉඩමක් ඉබා ගාතේ ගිහින් නිවාස සහ වෙළඳ සංකීර්ණයක් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා විදේශීය සමාගමකට ලබාදී තිබූ කොළඹ ඩාර්ලි පාරේ අක්කර 01යි පර්චස් 26.5 ක ඉඩමක් නියමිත සංවර්ධන කාර්යය ඉටු කිරීම පසෙක දමා වෙනත් සමාගමකට පවරා ඇති බව පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය 27 May 2026
වැට් බදු - TIN අංක වංචාවට උඩුබද්දාව ව්‍යාපාරිකයෙකුට දඩ වැට් බදු රජයට නොගෙවිම, ව්‍යාපාරය ලියාපදිංචි නොකර ඉන්වොයිසි නිකුත් කිරීම හා ටින් අංකයක් භාවිතා නොකිරීම යන චෝදනාවන්ට වරද පිළිගත් පල්ලෙවෙල, උඩු බද්දාව ව්‍යාපාරිකයෙකුට රුපියල් තිස් දහසක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා අද (27) නියම කළේය. 27 May 2026
’’පළාත් ඡන්දෙ පැරැණි ක්‍රමයට තියන්න’’ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ එම මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් කොළඹදී ඊයේ (26) පැවැත්විණි. 27 May 2026
අගමැති රුව යොදා බොරු පුවත් හදලා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන ඒ.අයි තාක්ෂණයෙන් ව්‍යාජ පුවත් නිර්මාණය කර ඇතැයි මාධ්‍ය අංශය පවසයි. 27 May 2026
විනයක් ඇති ආර්ථිකයක් රටේ ගොඩ නැගිලා ජනතාවගේ ආණ්ඩුවක් සහ විනයක් සහිත ශක්තිමත් ආර්ථිකයක් මේ වන විට රට තුළ ගොඩනැගී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 27 May 2026
නිලධාරී 2000ක හිඟයක්: හිරගෙදර වැඩ කොටඋඩ දිවයින පුරා සියලුම බන්ධනාගාරවල නිලධාරීන් දෙදහසක පමණ හිඟයක් පවතින බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 27 May 2026
චිත්‍රපටි සංස්ථාවේ කෝටි 48ක් වතුරෙ ගිහින් චිත්‍රපට සංස්ථාව චිත්‍රපටි නිෂ්පාදනයට සහ සහ සිනමා ශාලා සඳහා ලබාදී ඇති ණය මුදල්වලින් සහ වෙනත් හිඟ මුදල් වලින් කෝටි හතළිස් හතකට වැඩි මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 27 May 2026
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුමයි මෙම වසර තුළ අනිවාර්යෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි ‘මාලිමා’ ආණ්ඩුවට බලකරන බවත් කිසිම පක්ෂයක ලේකම්වරයෙකුට පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නෑ යැයි ප්‍රකාශ කිරීමට සදාචාරාත්මක සහ නීතිමය අයිතියක් නොමැති බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (27) පැවසීය. 27 May 2026
ඉබෝලා සැක උගන්ඩා කාන්තාවට ඉබෝලා නෑ ඉබෝලා වයිරසය ආසාධනය වී ඇති බවට සැක කරමින් නිරෝධායනයට යොමු කළ උගන්ඩා ජාතික කාන්තාවකට එම වයිරසය ආසාදනය වී නොමැති බව ඉන්දීය සෞඛ්‍ය අංශ තහවුරු කළේය. 27 May 2026
ලාංකිකයන්ට කොරියා රැකියා දිගටම කොරියා රජය සමඟ ඍජු සාකච්ඡා පවත්වමින් එම රැකියා ක්ෂේත්‍ර තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කරන බව වැඩ බලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවැසීය. 27 May 2026
දරුවකු අපයෝජන සිද්ධියකට විහාරාධිපති හිමි වසර 30ක් සිරගෙට පැවිදිවීම සඳහා විහාරස්ථානයට ආ 14 හැවිරිදි ආ දරුවකුට පැමිණි පළමු දිනයේම බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියකට වරදකරු බවට තීන්දු කළ ළමා අපරාධ පිළිබද අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා හිමිනමට බරපතල වැඩ සහිතව වසර 30 ක සිර දඩුවමක් අද නියම කළේය. 27 May 2026
අඟුණකොලේ පාළු නිවසකින් ගිනි, අවි උණ්ඩ අගුණකොළපැලැස්ස වරායාය ප්‍රදේශයේ පාලු නිවසක නාන කාමරයේ බිත්තියක් මත සගවා තිබූ ගිණි අවියක් සහ උණ්ඩ කිහිපයක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 27 May 2026
චීන පාස්පෝට් ළඟ තබාගත් වැලිකඩ OIC අත්අඩංගුවට චීන ජාතිකයින් පිරිසකට අයත් විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධී ආකාරයෙන් ළඟතබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා පොලිසිය විසින්අත්අඩංගුවට ගන්නා ලදී. 27 May 2026
වෙසක් සතියේ තහනම් දේවල් ප්‍රකාශයට වෙසක් සතිය යෙදෙන මැයි 30,31 සහ ජුනි 1 යන දින තුන දිවයින පුරා මස් පිණිස සතුන් මරණ ස්ථාන සහ මස් මාංශ අලෙවි සල් වසා තබන ලෙස රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා දැනුම් දෙයි. 27 May 2026
උක් වගාව දියුණු කරන්න බ්‍රසීලය එක්ක ගිවිසුමක් ’ ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය ’ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර සහයෝගීතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2026
මුදල්- වටිනාකම් පැවරුම් නියෝග පාර්ලිමේන්තුවට මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2026
ආර්ථිකය ස්ථාවර කිරීම සරල රේඛීය පාරක් නොවේ වර්තමානය වනවිට රටේ ආර්ථිකය ස්ථාවර කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 27 May 2026
දින 20ක බිළිදා අලෙවි කළ මව අත්අඩංගුවට දින 20 ක බිළිදෙකු රුපියල් ලක්ෂයකට අලෙවි කල සැකකාර මවක් සමග එම බිළිදා මීලදි ගත් බව කියන කාන්තාවක් පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයෙ නිළධාරීන් අද( 26) අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි. 26 May 2026
ආබාධිත අයට ගෙවල් බෙදිල්ල කොටඋඩ ආබාධිත සහිත තැනැත්තන් සඳහා වූ ජාතිකා අරමුදලට රුපියල් කෝටි පහළොවකට වැඩි මුදලක් ලැබිය යුතුව වුවත් ඊට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පමණක් ලැබීම හේතුවෙන් ආබාධ තැනැත්තන් සඳහා නිවාස ආධාර වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකිව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 26 May 2026
හින්දු පූජකවරු ජනපති ලේකම් හමුවෙති ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ පූජකවරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (26) පැවැත්විණි. 26 May 2026
’’අරවින්දගේ නිවසේ CCTV DVR වසර දෙකකට පෙර හොඳට වැඩ කළා’’ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගිය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවෙසේ සී සී ටී වී දර්ශන පටිගත වූ ඩී වී ආර් යන්ත්‍ර හොඳින් ක්‍රියාත්මක වෙමින් පැවැති බවත්, වසර දෙකකට පෙර කැමරා පද්ධතිය අලුත් කිරීමේදී තමන් එය පරික්ෂා කළ බවත් ජයසිංහ මුදියන්සේලාගේ හේමන්ත සමන් කුමාර කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් අද (26) පැවසීය. 26 May 2026
විපක්ෂෙ කිසි කෙනෙක් ගන්න බලාපොරොත්තුවක් නෑ පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ ධුරය අහෝසි කිරීමෙි පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 26 May 2026
පළාත් ඡන්දෙ තියන්න සල්ලි ගැටලුවක් නෑ පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීම සඳහා ප්‍රතිපාදන වල කිසිදු ගැටලුවක් නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 May 2026
ඉන්ධන මිල ඉහළ දාන්නේ නෑ ඉන්ධන මිල ඉදිරියේදී ඉහළ දැමුවද අප්‍රේල් මස මෙන් ඉහළ අගයකින් ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත් කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ‘ලංකාදීප’යට පැවසීය. 26 May 2026
තරුණ සේවා සභාවෙන් ලස්සන දන් දෙන දන්සැලක් ජාතික තරුණ සේවා සභාව වෙසක් පොහොය නිමිත්තෙන් ’’ලස්සන’’ දන් දීමේ දන්සැලක් දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි ජාතික තරුණ සේවා සභා පරිශ්‍ර වලදී වෙසක් දා (30) දවස පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ. 26 May 2026
පූගොඩ නඩු බඩු ගබඩාවට කවුදෝ රිංගලා? පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙහි නඩු භාණ්ඩ කාමරයට ඊයේ (25) දින රාත්‍රී කිසිවෙකු ඇතුලු වී ඇතැයි ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව පූගොඩ පොලිසිය පවසයි. 26 May 2026
නීතිපති මැකෝ මැතිසබයට කැඳවයි පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන්ගෙන් පසුගියදා කරුණු විමසීය. 26 May 2026
මෑන් පවර් සේවකයන්ට හොඳ ආරංචියක් රාජ්‍ය ව්‍යවසායන් සඳහා මෑන් පවර් ආයතන වල සේවාවන් ලබා ගැනීම නියාමනය කිරීම සහ මෑන් පවර් සේවකයින්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 May 2026
බල ශක්තිය රකින්න මෙහෙයුමක් ’සුරකිමු ලංකා ’ බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 May 2026
යුරෝපෙට යවන ආහාර වල ප්‍රමිතිය වැඩි කරයි යුරෝපා සංගමයේ සාමාජික රටවල් වෙත සිදු කරනු ලබන කෘෂිකාර්මික ආහාර ද්‍රව්‍ය අපනයනය සඳහා පරීක්ෂණ හා ආහාර ආරක්ෂණ ක්‍රම වේදය විධිමත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 May 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026