(නිමල කොඩිතුවක්කු)

මාලිමා රජය බොරු දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති සකස් කරමින් ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇති බව සමගි ජනබලවේගයේ නායක  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිලිවෙල හමුවේ ගොවියා, ධීවරයා, කම්කරුවා, ව්‍යවසායකයා, දරුවන්, කාන්තාවන් ඇතුළු ලක්ෂ 220 ජනතාව අසහනයෙන් පීඩනයෙන් සිටින බවද  විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයේ රඹෑව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන ජන හමුවක් අමතමිනි.

මැතිවරණ සමයේ රජය දුන් පොරොන්දු සියල්ල පුස්සක් වි ඇති බවත් විදුලි බිල 33%කින් අඩුකර වරායේ ගොඩබාන මිලට තෙල් දීම සහ ලක්ෂ 12 ට විට්ස් කාර් තවමත් ලබාදී  නොමැති බවද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.