
(විමුක්ති එස් රුද්‍රිගු)
චීන රජයේ අනුග්‍රහය ලබන හැකරුන් කණ්ඩායමක් ඇමෙරිකාවේ වැදගත් ආයතන සහ දෙපාර්තමේන්තු වෙත ප්‍රහාර එල්ල කිරීමට භාවිත කළ අන්තර්ජාල මෙවලම් කීපයක් එෆ්.බී.අයි ආයතනය, අධිකරණ දෙපාර්තමේන්තුව සමග එක්ව සිය භාරයට ගෙන අක්‍රීය කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.
කිව්.ස්කෑන් සහ කිව්.ටී රවුටර් යන මෙම මෙවලම් අක්‍රීය කිරීමත් සමග චීන හැකර් කණ්ඩායමේ පද්ධති මුළුමනින්ම අඩපණ වී ඇති බව ඇමෙරිකානු බලධාරීහු තහවුරු කළහ. නාසා ආයතනය, ෆෙඩරල් රිසර්ව් ඇමෙරිකානු මහ බැංකුව, ජාතික සෞඛ්‍ය ආයතනය, ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලය, මෙන්ම බලශක්ති, අධිකරණ, සහ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තු මෙම පරිගණක ප්‍රහාරවල ඉලක්ක බවට පත්ව තිබිණි.
එසේම රෝහල්, විශ්වවිද්‍යාල, ජංගම දුරකතන සැපැයුම්කරුවන්, විදුලිබල සමාගම්, මූල්‍ය ආයතන සහ ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන්ගේ පරිගණක ජාලයන් ද මෙම හැකරුන්ගේ ඉලක්කය වී ඇත.
කිව්.ටී.එෆ්.අයි නමින් හඳුන්වන මෙම හැකරුන් කණ්ඩායම චීනය පදනම් කරගත් 'නැන්ජින් ෂින්ජුවෙයි නෙට්වර්ක් ටෙක්නොලොජි' නමැති සමාගම විසින් මෙහෙයවා ඇති බවද පැවැසෙයි. එසේම එම හැකරුන් කණ්ඩායමට චීන ආරක්ෂක අමාත්‍යාංශයට සහ හමුදාවට සම්බන්ධකම් තිබෙන බවට ඇමෙරිකානු අධිකරණ වාර්තා අනාවරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd