ලොකු අස්වැන්නක් දෙන වී හදන්න වියට්නාමය එක්ක ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඒකාබද්ධ ජාන සම්පත් හුවමාරුව සහ ඉහළ අස්වැන්නක් ලබා දෙන ලවණතාවට ඔරොත්තු දෙන වී ප්‍රභේද නිපදවීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 May 2026
අපනයන කෘෂිකර්ම පනත සංශෝධනයට අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 May 2026
මධ්‍යම ප්‍රවාහනයේ වැදගත් ලිපි ගොනු තොගයක් වනසලා මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ වැදගත් ලිපි ගොනු රැසක් විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) දීර්ඝව සාකච්ඡා කෙරිණ. 26 May 2026
තව බාල ගල් අඟුරු නැවක් ගෙනල්ලා සම්පූර්ණයෙන්ම ප්රතිකේෂප කළ යුතු ගල් අඟුරු නැවක් නොරොච්චෝලේට ගෙනවිත් තිබෙන බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 26 May 2026
මාතර ගොවීන් පන්දාහකට වන්දි නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් 5000ක් සඳහා වන්දි මුදල් ගෙවන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි. 26 May 2026
‘කුෂ්‘ සමඟ ගුවන් මඟියා අත්අඩංගුවට රුපියල් අට කෝටි තිස් හය ලක්ෂ පනස් දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (26 ) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 26 May 2026
“රට භයානක තැනකට ගිහින්” මෙරට භයංකාර ආර්ථික අවදානමකට මුහුණ දෙමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය 26 May 2026
ලංකාවට කොන්දේසි විරහිතව උදව් කරන්න සූදානම් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ පකිස්තාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය නයාර් නසීර් මහතා අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. 26 May 2026
ලාඕසයේ ලෙනක සිරවුණු හත්දෙනා බේරාගන්න සටනක් ලාඕසයේ ලෙනක, දින හතක් තිස්සේ සිරවී සිටින, ගම්වැසියන් හත් දෙනකු මුදා ගැනීමේ මෙහෙයුම් නොකඩවා සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 26 May 2026
අවුරුද්ද අවසානේ රට සල්ලි ගොන්නක් ලැබෙන බවට පුරෝකථන මේ වසර අවසාන වන විට මෙරට ඉතිහාසයේ හිමිවූ වැඩිම විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කිරීමට හැකි වෙතියි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවැසීය. 26 May 2026
ඝාතන සැකකරු වසර තුනකට පසු කොටුවෙයි තලවකැලේ, ළිදුල, ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුනේදී කාන්තාවකගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර කදු මුදුනේම දමා ගිය සැකකරු වසර 3කට පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 26 May 2026
ද්විත්ව ඝාතනයකට යොදාගත් යතුරුපැදියක් අවි-උණ්ඩ සමඟ අයෙක් අල්ලයි ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික උජිත කුමාර නොහොත් වනාතේ කුඩු දුමින්ද නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පාළු නිවසක් තුළ වල දමා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ මෙන්ම ද්විත්ව ඝාතනයට යොදාගත් යතුරුපැදියක්ද සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි. 26 May 2026
සරණට එරෙහි නඩු තීන්දුව ජූනි 9යට කල්යයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන අවභාවිතා කළ බවට හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩු හතරක තීන්දු ජුනි 09 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද (26) දැනුම් දුන්නේය. 26 May 2026
දකුණු ඉරානයට ඇමෙරිකාවෙන් ප්‍රහාර දකුණු දිග ඉරානයට ඇමෙරිකන් හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඒ, දකුණු ඉරානයේ ඇති ඉරාන විප්ලවීය හමුදාවට අයත් මිසයිල කඳවුරු සහ මුහුදේ බෝම්බ ඇතිරීමට යොදා ගන්නා නාවික යාත්‍රා අංගන ඉලක්ක කර ගනිමිනි. 26 May 2026
ඝාතන තැතක් නූලෙන් වැළකේ මීටියාගොඩ ගලගොඩ මාර්ගයේ ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් රැදී සිටි හිටපු නාවික හමුදා සෙබළෙක් විදෙස් රටක නිෂ්පාදිත මිලි මීටර් නවයේ පිස්තෝලයක් ඉනේ ගසාගෙන සිටියදී ඊයේ(25) අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 26 May 2026
මානව වර්ගයා කෘත්‍රිම බුද්ධියේ වහලෙක් මානව වර්ගයා කෘත්‍රිම බුද්ධියේ වහලකු වී ඇතැයි ශුද්ධෝත්තම ලියෝ පාප්තුමා අනතුරු අඟවති. 14 වැනි ලියෝ පාප්තුමා මෙලෙස අනතුරු ඇඟවීම් කළේ කෘත්‍රිම බුද්ධි පද්ධති සඳහා රාජ්‍ය මට්ටමින් නියාමනයක් සිදුනොවන්නේ නම්, එය බරපතල වියසනයකට හේතුවක් වනු ඇතැයි ද පෙන්වා දෙමිණි. 26 May 2026
මුදල් ගැන එක එක්කෙනාගේ ප්‍රකාශ ගණන් නොගන්න මුදල් අච්චු ගැසීම, මුදල් සැපයුම සහ විනිමය අනුපාත තීරණය කිරීම යන කරුණු සම්බන්ධයෙන් ඒ පිළිබඳ තාක්ෂණික දැනුමක් නොමැති පුද්ගලයන් සිදුකරනු ලබන විග්රහයන් සම්බන්ධයෙන් නොරැවටෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේය, 25 May 2026
ඇඟලුම් බසය පෙරළී 19කට තුවාල ඇඟලුම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් කහතුඩුව දියගම පාරේ කලඑලි ඕවිට වෙල්යායට අද (25) පස්වරුෙව් පෙරළීමෙන් 19 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය සඳහන් කරයි 25 May 2026
මුහුදේ ගිය සිසුවිය බේරා ගන්න ගිය විදුහල්පති මරුට කිරින්ද වෙරළ තීරයේදී බඩල්කුඹුර ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයා මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය පැවසීය. 25 May 2026
අපනයන ආදායම සීග්‍ර වර්ධනයක් මෙම වසරේ මුල් මාස 4 තුළ අපනය ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.784 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවැසීය. 25 May 2026
අඟුණුකොළේ රැදවියන් උසාවිවලට ගෙනයෑම නවත්වයි අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් නඩු කටයුතු සදහා අධිකරණවෙත රැගෙන යාම තාවකාලිකව අත්හිටුවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 25 May 2026
‘ශ්‍රේෂ්ඨතම පුරවැසි’ සම්මාන උළෙලට නාම යෝජනා කැඳවයි සමාජ සේවය, නායකත්වය සහ නවෝත්පාදනය හරහා සමාජයට විශිෂ්ඨ දායකත්වයක් දුන් ලාංකිකයින් ඇගයීම සඳහා ජාත්‍යයන්තර සිංහ දිස්ත්රිත් 306 ඩී 1 විසින් පැවැත්වීමට නියමිත ‘ශ්රේ්යෂ්ඨතම පුරවැසි’ සම්මාන උළෙල සඳහා නාම යෝජනා කැඳවා ඇත. 25 May 2026
මොළේ උණ මඩින්න උපදෙස් මාලාවක් මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය පැතිරීම පාලනය සහ වැළැක්වීම පිළිබඳ සියලු අංශ සහ ආයතන වෙත වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. 25 May 2026
දැරිය අපයෝජන සිද්ධියට එරෙහිව මන්ත්‍රීවරයෝ පෙරට එති අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදු වීමට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කරයි. 25 May 2026
රූපවාහිනී විකාශන ඩිජිටල් කරන වැඩ අරඹයි ශ්‍රී ලංකාවේ භූමිගත රූපවාහිනී විකාශන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ (DTTB) ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) අතර පැවැත්වෙන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ව්‍යාපෘතිය කඩිනමින් ඉදිරියට ගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී අද (25)පැවැත්විණි. 25 May 2026
වෙසක් සහ හජ්ජි වෙනුවෙන් රැඳවියන්ට අමුත්තන් පෙන්වීම 28-30 වෙසක් සහ හජ්ජි උත්සව වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් සළසමින් මෙම මස 28 සහ 30 යන දෙදින වෙන්කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේනතුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසීය. 25 May 2026
මිලියන 1034ක වැට් බදු පොල්ලට කොළඹ මහ නගර සභාවට එරෙහිව නඩු කොළඹ මහ නගර සභාව විසින් රජයට නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් මිලියන 1034 වැට් බදු අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ (25) නඩු පැවරීය. 25 May 2026
මැතිසබේ හිංසාවටත් සාධාරණය නෑ: සේවකයන්ගෙන් ජනපතිට ලිපියක් හිංසනයට ලක් වූ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට එහි පරිපාලනය තවමත් සාධාරණය ඉටු නොකිරීම ඉතාම කණගාටුදායක කරුණක් බව පාර්ලිමේන්තු සේවකයෝ පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් දැනුම් දෙති. 25 May 2026
ඡන්ද නීති මැතිසබා කමිටුවට ජනයා කැදවයි මැතිවරණ නීති සමාලෝචනය සඳහා මහජන අදහස් ගැනීමට මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත. 25 May 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026