(නිමල කොඩිතුවක්කු)

ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 72ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 94,292 ක් වාර්තා වී ඇති බවත් එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

අගෝස්තු මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් රෝගීන් 8956 දෙනෙකු හඳුනාගෙන ඇත.

සමස්ථ ඩෙංගු රෝගීන්ගෙන් 29,962ක් ම වාර්තා වී ඇත්තේ ජූලි මාසයේ බවද ඔහු පැවසීය.