පාම්බන් පාලම මෝදි අතින් විවෘත වෙයි රාම දෙවියන්ගේ ජන්ම දිනය ලෙස සැලකෙන රාම නවමි දිනය අදට යෙදී ඇති අතර, ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් යළි ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තමිල්නාඩුවේ, පාම්බන් පාලම විවෘත කළේය. 06 April 2025
ඉන්දියානූ සූපවේදීනිය කොකේන් සමඟ කටුනායකින් අල්ලයි රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද(06) කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 06 April 2025
රජයේ රෝහල් ’’සැප තැන්’’ කරන්න යයි රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණට ලක්කර ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 06 April 2025
මෝදි ලංකාවට සමු දෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වූ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙන් අද (06) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය. 06 April 2025
එස්. එම්. රංජිත් බන්ධනාගර මුද්‍රණ අංශයේ සේවයට වැලිකඩ බන්ධනාගාරයේ වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් විඳින උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා එම බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයට යොදවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 06 April 2025
මෝදි- අනුර කෝච්චියට සිග්නල් දෙති මහව- ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව - අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා ස්ථාපනය කරන ලද සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම 06 April 2025
ගුජරාටයෙන් හමුවූ සර්වඥ ධාතු ලංකාවේ ප්‍රදර්ශනයට තමන් උපන් ගුජරාට් ප්‍රදේශයේ 60 දශකයේදී සිදු කරන ලද කැණීම් වලින් සොයා ගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට අවස්ථාව සලසා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා පැවසීය. 06 April 2025
මෝදි- අනුර සිරිමා බෝධිය වඳිති ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව අද (6) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්හ. 06 April 2025
රට විරු වාහන බලපතින් ගැහිල්ලක් විදේශගත නොවූ සිවු දෙනෙකුටත් විදේශගත ශ්‍රමිකයන්ට දෙන තීරු බදු රහිත විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව ) තොරතුරු අනාවරණය වී ඇත. 06 April 2025
මෝදිට අනුරගෙන් භෝජන සංග්‍රහයක් ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොළඹ ජනාධිපති මන්දිරයේදී ඊයේ (05) රාත්‍රියේ පැවැත්විණි. 06 April 2025
ගැනුම්කරුවන් නැතිව මැති සබේ සුපිරි වාහන වේලෙයි විකිණීමට ටෙන්ඩර් කැඳවුණු පාර්ලිමේන්තුවේ සුපිරි වාහන තක්සේරු කළ මිලට ගැනීමට තවමත් නිසි ගැනුම්කරුවන් ඉදිරිපත්ව නැතැයි වාර්තාවේ. 06 April 2025
මෝදි අනුරාධපුරයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා අද (06) පෙරවරුවේ අනුරාධපුරයට ළඟා විය. 06 April 2025
පිහියෙන් ඇන බිරිය මරලා බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කළ සැමියෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 06 April 2025
’’ඔන්ලයින් පනත’’ කුණු කූඩෙට දාන්න රවීගෙන් අලුත් පනතක් ආන්දෝලනයට තුඩු දුන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත( Online Safety Bill ) සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත. 06 April 2025
අද සිට තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි පලාත් පාලන ආයතන ජන්ද විමසීම වෙනුවෙන් අද (6) සිට මැයි 7 දා දක්වා තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා පැවසීය. 06 April 2025
අදත් සවස් කාලයේදී වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 April 2025
ප්‍රා.ස.අපේක්ෂකයා ගංජා සමඟ අල්ලයි මෙවර පළාත් පාලන මැතිවරණයට කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවට තරඟ කරනු ලබන ස්වාධීන කණ්ඩායමක නායකයකු නීති විරෝධී ලෙස ගංජා සන්තකයෙ තබා ගෙන සිටියදී අත් අඩංගුවට ගෙන ඇත. 06 April 2025
යතුරු පැදි උස්සන පහක් මාට්ටු මහමග නවත්වා තිබෙන යතුරුපැදි සොරාගෙන ගොස් කැබලි කර විකිණීමේ නිරත වූ කාන්තාවක ඇතුළු එකම පවුලේ පුද්ගලයන් පස් දෙනකු සොරා ගත් යතුරුපැදි හයක්, කැබලි කළ යතුරුපැදි අමතර කොටස් තොගයක් සමගින් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි 06 April 2025
කෝටි 1000 මත්ද්‍රව්‍ය සමඟ ධීවරයන් හතක් අත්අඩංගුවට මෙරට ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන රුපියල් කෝටි 1000ක් පමණ වෙළඳ වටිනාකමක් තිබෙන අයිස් සහ හෙරොයින් මත්කුඩු තොගයක් ධීවරයන් හත් දෙනකු සමඟ ගැඹුරු මුහුදේදී නාවික හමුදා බාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය. 05 April 2025
වැලිකඩ තරුණයාගේ සිද්ධිය සීඅයිඩියට වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය 05 April 2025
ඉන්දීය අගමැති විපක්ෂ නායක හමුවෙයි මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද (5) කොළඹ දී සිදුවිය. 05 April 2025
දේශබන්දු යෝජනාවට පක්ෂ රැසකින් රතු එළියක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විරෝධය පළකර ඇත. 05 April 2025
මෝදි- අනුර එක්ව ලංකාවේ දැවැන්ත වැඩ තුනක් අරඹයි ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 3ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගීත්වයෙන් අද (05) පෙරවරුවේ සිදු කෙරිණි. 05 April 2025
සහන කණ්ඩායම මියන්මාරයට පිටත් වෙයි භූමි කම්පාවෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසි හය දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය සහ සහන සේවා කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් අද පිටත් වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 05 April 2025
බද්ද ගැන රජය ඇමරිකාව එක්ක සාකච්ඡා කරන්න යයි එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 05 April 2025
ඉන්දු-ලංකා අවබෝධතා ගිවිසුම් හතක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 7ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීයානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහත්වරුන් ඉදිරියේ අද (05) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි. 05 April 2025
පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොටුවේ විරෝධතාවක ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග ලංකාවේ ආණ්ඩුව අත්සන් කිරීමට නියමිත ගිවිසුම් හා ඒවා අත්සන් කරන අත්තනෝමතික ආකාරයට විරෝධය දැක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (5) පස්වරුවේ පැවැත්විණි. 05 April 2025
ඉන්දු - ශ්‍රී ලංකා නියෝජිතයි අතර සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර සාකච්ඡාව අද (5) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 05 April 2025
අමාරු කාල වලදී ලංකාවට උදව් කරන්න ලැබීම සතුටක් සියලු අසීරු අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ශක්තියක් දෙමින් කටයුතු කර ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා ඉන්දු ලංකා ඒකාබද්ධ ප්‍රකාශයේ දී පැවසීය. 05 April 2025
’’සංවර්ධන මාවත එක්ව ගොඩ නගමු’’ අසල්වැසියන් ලෙසත් සමීප මිතුරන් ලෙසත් එක්ව සංවර්ධනයේ මාවතක් ගොඩනඟා ගැනීමට අදිටන් කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දු ලංකා ඒකාබද්ධ හමුවට සහභාගී වෙමින් ජනාධිපති කාර්යාලයේදී අද පැවසීය. 05 April 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026