
(විමුක්ති එස් රුද්‍රිගු)
ලබන වසරේදී ශ්‍රී ලංකාව සියයට 6 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීමට ඉලක්ක කර තිබෙන බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
එම ඉලක්කයෙන් කොටසක් රජයේ ප්‍රාග්ධන වියදම් හරහා සපුරා ගැනීමට බලාපොරොත්තු වන බවත් අයවැය සම්මත කර ගැනීමට ප්‍රමාදවීම මෙම වසරේ ආර්ථික වර්ධනයේ ප්‍රගතියට බලපානු ඇති බවත් අමාත්‍යවරයා පැවැසුවේය.
නිදහසින් පසුව මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ එමින් පවතින මෙම අවස්ථාවේ ආයෝජකයන් සහ ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු සහගතව සිටිය යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව පසුගිය වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබෙන නමුත් අයවැය සම්මත කර ගැනීමට ප්‍රමාදවීම හේතුවෙන් රජයේ වියදම් මන්දගාමී වූ බැවින් මෙම වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 4ත් 4.5ත් අතර ප්‍රතිශතයකට පහළ යනු ඇතැයි අමාත්‍යවරයා කීය.
ලබන වසරේදී ශ්‍රී ලංකාවට සියයට 5ත් 6ත් අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා එම ප්‍රතිශතය ඉලක්කය කර ගනු ඇති බවත් ඔහු පැවැසුවේය.
වසර පහකට පසුව සංවර්ධනය වෙමින් පවතින රටවල් පවත්වාගෙන යන ආර්ථික වර්ධනය ශ්‍රී ලංකාවද පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත් එම ප්‍රතිශතය සියයට 6ත් 7ත් අතර වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ලබන වසරේදී රජය සිය ප්‍රාග්ධන වියදම සියයට 8 කින් රුපියල් ට්‍රිලියන 1.4 දක්වා වැඩි කිරීමට බලාපාරොත්තු වන බවද ප්‍රනාන්දු මහතා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිල නම් මේ මාස 10ට 60%ක විතර ආර්ථික වර්ධනයක් අත්කරගෙන තියෙනව කියල ආරංචියි.
උපායමාර්ගික සහ ක්‍රියාකාරී සැලැස්ම කුමක්ද?
මේවා නිකම්ම කියලා වැඩක් නෑ. හරි සැලසුමක් තියෙන්න ඕනේ. මේ අවුරුද්දේ සංවර්ධන වේගය 3.1 ක. අපිට නම් පෙනෙන්න නෑ සැලසුම් කිසිවක්. බදුගහල විතරක් රටක් ඉදිරියට ගෙනියන්න බෑ.
මහ බැංකුවද ෆෝබ්ස්ද නැත්නම් මේ රෙජීමයේ බොරුකාරයෝද. ඔයා විශ්වාස කරන්නේ කාවද? ෆිච් ශ්‍රේණිගත කිරීම?. මහ බැංකුව වාර්ෂිකව සංඛ්‍යාලේඛන. අවුරුදු 2ක් ඇතුළත රනිල් මේ රට සාමාන්‍ය තත්ත්වයට පත් කළා. දේශපාලනඥයන් කිහිප දෙනෙකු හිරේ යැව්වාට පස්සේ සති 2ක ඇප දීලා එළියට ආවාට වඩා මේ රෙජීමය මොනවද කළේ. එකක් පැහැදිලියි. පෙර රෙජීමයට "76 ශාපය" කියලා දොස් කියපු ඒ එන්පීපී හෙංචයියෝ දැන් බදු නොගෙවා මිලියන ගණන් බිලියන ගණන් උපයාගෙන තියෙනවා.