IMG-LOGO

වැරදි පෙන්වන ගමන්ම හොඳ අගැයීමත් වැදගත්

නව කොරෝනා වයිරසයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ “වියෝන්” ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.


සෞඛ්‍ය සේවකයන්, යුද හමුදාව හා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විශිෂ්ට සේවයක් ඉටු කරමින් සිටින බව ද අවධාරණය කර ඇති හිටපු අගමැතිවරයා පෞද්ගලික අංශය සහ රටේ ජනතාව ඊට සහයෝගය දක්වමින් සිටින බවද කියා සිටියේය. ඒ සමගම ආණ්ඩුව පැත්තෙන් නොකෙරුනු දේ ගැන ද කතාකිරීමට ඔහු අමතක නොකළේය. පරීක්ෂණ සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය සහ උපකරණ ගෙන්වා ගැනීම සඳහා නිසි වෙලාවට ක්‍රියාත්මක නොවුණු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යනු මෙරට ප්‍රධාන ප්‍රති විපක්ෂ පක්ෂයේ නායකයාය. දේශපාලන සංස්කෘතිය අනුව ඕනෑම රටක විපක්ෂය නියෝජනය කරන පක්ෂයක ඒකාන්ත අරමුණ බලයේ සිටින ආණ්ඩුව පෙරළා දමා තම පක්ෂය බලයට රැගෙන ඒමය. ඒ වෙනුවෙන් ඇසට පේන “පරම සත්‍ය” පවා නොදැක්කා සේ නන් දෙඩවීම දේශපාලන චාරිත්‍රයක් ලෙස ප්‍රගුණ කරන්නකි. දියුණු දේශපාලන සංස්කෘතියක් නැති තෙවැනි ලොව රටවල මෙම අවරගණයේ දේශපාලනයට වැඩි ඉඩකඩක් ද පවතී. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ “වියෝන්” ප්‍රවෘත්ති සේවයට දැක් වූ අදහස් විශේෂිත වන්නේ ඉහත පරිසරය තුළය.

විපක්ෂය නියෝජනය කරන පක්ෂයක කාර්යභාරය විය යුත්තේ ආණ්‍ඩුවේ සෑම දෙයටම විරුද්ධවීම නොවේ. අවශ්‍ය නම් එසේ ද කළ හැකිය. එහෙත් එවැනි පක්ෂ වැඩි කල් නොගොස්ම ජනතාවගෙන් වියෝ වී ඉතිහාසයේ කුණු බක්කියට වැටේ. වගකීම් සහගත විපක්ෂයක කාර්ය භාරය විය යුත්තේ ආණ්ඩුවේ යහපත් තීන්දු තීරණ හා ක්‍රියාමාර්ගවලට කොන්දේසි විරහිතව සහයෝගය දැක්වීමය.

ආණ්ඩුවේ අනීතික හා ජනතා ද්‍රෝහී තීන්දු තීරණ හා ක්‍රියාමාර්ගවලට සම්මුති විරහිතව එරෙහිවීමය. එබඳු ක්‍රියා මාර්ගවලට එදිරිව අතරමග සමාදානයකින් තොරව සටන් කිරීමය. ජනතාවගේ අවධානයට ලක්වන්නේත්, ජනතාව තුළ බලාපොරොත්තු ජනිත කරවීමට සමත් වන්නේත් එබඳු දියුණු දේශපාලන ක්‍රියාකාරීත්වයක් සහිත දේශපාලන ව්‍යාපාරයන්ය.

එළැඹ ඇත්තේ ලෝක වසංගත තත්ත්වයකි. හිටපු අගමැතිවරයා වියෝන් පුවත් සේවයට ප්‍රකාශ කර ඇති පරිදිම දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන විශාලතම අභියෝගය මෙයයි.

“දෙවැනි ලෝක යුද්ධය වේවා, වෙනත් ඕනෑම යුද්ධයක් හෝ වේවා, අයි.එස්.අයි.එස්. සංවිධානය වේවා සතුරා කවුදැයි අපි දන්නවා. එහෙත් මේ වසංගතයේ සතුරා කවුදැයි අප දන්නේ නෑ...” හිටපු අග්‍රාමාත්‍යවරයා වියෝන් පුවත් සේවයට ප්‍රකාශ කර තිබිණි.

ලොව හමුවේත්, රට හමුවේත් ඇති අනතුර කුමක්දැයි ඉඳුරා පැහැදිළිය. මේ එළැඹ තිබෙන්නේ ඉතිහාසයේ අන් කිසි දිනෙක අත් නුදුටු භයානක තත්ත්වයකි. පූර්ව අත්දැකීම් නොමැති හෙයින්ම විසඳුම් නිර්දේශ කිරීම ද දුෂ්කර වීම ස්වාභාවිකය. පියවරෙන් පියවර ඉදිරියට යමින් ඉදිරිය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම කළ යුතුය. මුළු ලෝකයමත්, අප රටත් අද කරමින් සිටින්නේ එයය.

එම ක්‍රියා මාර්ගයේ අඩුපාඩු පෙන්වා දීම ද ජාතික යුතුකමකි. “කොරෝනා මර්දන මෙහෙයුමේ දී උපකරණ ගෙන ඒමේදී ආණ්ඩුව අතින් ප්‍රමාදයක් වුණා. පරීක්ෂණ කට්ටල, මුඛ ආවරණ, ස්වසන සංවාතන යන්ත්‍ර ගෙන ඒමේදී ආණ්‍ඩුව අතින් ප්‍රමාදයක් වුණා. ඒවා ජනවාරි මාසයේ දී ගෙන්වීමට තිබූ ඒවා” යනුවෙන් හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර තිබිණි.

මෙය යහපත් ප්‍රවණතාවකි. අවශ්‍ය වන්නේ තම දේශපාලන ගිණුම තර කර ගැනීමේ කෑදර මෙහෙයුම් නොව රට මේ ව්‍යසනයෙන් ගොඩගත හැකි සද්භාවයෙන් යුතු මෙහෙයුම්ය. දේශපාලනය කිරීමට ආණ්ඩු පෙරැළීමට, ආණ්ඩු පත් කිරීමට මේ ආදී කවර කටයුත්තකට වූවද රට ආරක්ෂාකාරී වී තිබිය යුතුය.

එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ මහ මැතිවරණය කඩිනමින් පවත්වන්නේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන උපදෙස් අකුරටම පිළිපැද කොරෝනාවලින් රට සම්පූර්ණයෙන්ම මුදාගත යුතු බවය. දේශපාලන උඩගුකම් පෙන්වමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම වසංගතය රට පුරා පැතිර යාමට හේතුවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

මෙම අදහස් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අතිශයින්ම වැදගත්ය. සියලු අදහස් සැලකිල්ලට ලක් කර හොඳම අදහස නිර්දේශ කර එය ක්‍රියාත්මක කළ යුතුය. රටක් වශයෙන් අපට සාර්ථක විය හැකි වන්නේ එමඟිනි. සියල්ලන්ටම අවශ්‍ය වන්නේ මේ රට මේ සැහැසි ග්‍රහණයෙන් මුදාගැනීමය. පංගුපේරුවකින් තොරව ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගැනීම සියලු දෙනාගේම වගකීමය.



අදහස් (2)

වැරදි පෙන්වන ගමන්ම හොඳ අගැයීමත් වැදගත්

Raveendra Monday, 20 April 2020 09:52 AM

ඇත්ත වශයෙන්ම වැරදි දුටුවිට එය දැඩිලෙස විවේචනය කිරීමට අප කිසිවෙකු බියවියයුතු නැත. එමෙන්ම හොද දෙය අප නිර්ලොබිව ,නිහතමානිව එය අගය කරන්නෙමු. අප කිසිදු පක්ෂයකට ගැත්තන් නොවෙන්නොය. අවාසනාවකට අප රටේ වැඩිදෙනෙකු අදහස් කරන්නේ විවේචනය කරන කෙනා එයට අදාළ පක්ෂයේ විරුද්ධවාදියකු හැටියටත් හොද දෙයක් අගයන්නා ඒ අදාළ පක්ෂයේ පක්කලියෙක් හෝ ගොට්ටෙක් හැටියටය. එය ඉතාම අවසානාවන්ත කරුණකි.

:       2       36

Ratna P Wednesday, 22 April 2020 02:14 AM

අනුන්ගේ වැරදි එකක් දෙකක් පෙන්නන ගමන්ම තමන් කරපු හෝ කරන වැරදි සිය ගණනක් අවබෝද කරගෙන ඒවා හදාගන්න එකත් හොදයි.

:       0       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 78 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 251 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site