(සජීව විජේවීර)
මිනිසුන් කණ්ඩායමක් තවත් මිනිසුන් කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව සහ සැලසුම් සහගතව ඝාතනය කිරීම කොතරම් ම්ලේච්ඡ ක්‍රියාවක් ද යන්න කීමට අටුවා ටීකා අවශ්‍ය නැත.
ලෝක ඉතිහාසයේ නාසි හමුදාව විසින් යුදෙව්වන් ලක්ෂ ගණනක් සමූල ඝාතනය කළ සිදුවීම සියලු ලෝ වැසියන් විසින් අද (ජනවාරි 27) සමරනු ලබයි.
ඒ ''යුදෙව් සමූල ඝාතනය සැමරුම් දිනය" ලෙසිනි. 2001 වර්ෂයේ ජනවාරි 27 වැනි දින සිට මෙම දිනය සමරනු ලබන අතර එක්සත් රාජධානියේ සහ ඉතාලියේ මෙය ජාතික උත්සවයක් ලෙස පිළිගෙන ඇත.
වාර්ගිකත්වය පදනම් කරගෙන සිදුකළ මේ ජන සංහාරයේ දී 1941 වර්ෂයේ සිට 1945 දක්වා කාලයේ දී දරුවන් ලක්ෂ 20ක් සහ වැඩිහිටි ගැහැනු පිරිමි ලක්ෂ 50ක් ඝාතනය කළ බව සඳහන්වේ.
වර්ෂ 1933 දී හිට්ලර් ජර්මනියේ බලයට පත්වන්නේ මහජන ඡන්දයෙනි. හිට්ලර් තම රාජ්‍යයේ ගැලවුම්කාරයා යැයි ජර්මන් ජාතිකයෝ සිතූහ. ඔහුගේ දේශන ඉතා උද්වේගකර හා ජනප්‍රිය විය. වාර්ගික ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ ඔහු සිය දේශනවලින් නිතර නිතර කියා සිටියේය. ආර්යයන්ගේ ශ්‍රේෂ්ඨත්වයට යුදෙව් ජාතිකයන්ගෙන් තර්ජන පවතින බව විශ්වාස කළ හිට්ලර් මේන් කාමෆ් ( Mein Kamapf ) පොතක් ලියා ප්‍රකාශයට පත්කළ අතර එය ජර්මානුවන් අතර ප්‍රචලිත විය.
කිසිවෙකු හිට්ලර්ට අභියෝග කළේ නැත. හිට්ලර් යුදෙව් ජාතිකයන් සමූල ඝාතනය කිරීම ජර්මානු ජනතාවගෙන් සඟවන ලදී. ජර්මනියේ හෝ අත්පත් කරගත් අනෙක් ප්‍රදේශවල කිසිදු ආකාරයකින් යුදෙව්වන් සමූහ ලෙස මරා නොදමන බව නාසි ප්‍රචාරක කටයුතු සිදුකළ ජෝසර් ගොබෙල්ස් නිතර පැවසුවේය.
හිට්ලර් බලයට පත්වන විට ජර්මනියේ ජීවත් වූ යුදෙව්වන් සංඛ්‍යාව ලක්ෂ පහකට අධිකය. ඔවුන් රටේ ඉතා සමගි සම්පන්නව සාමකාමීව ජීවත් වූ නමුත් 1938 නොවැම්බර් 09 වැනි දා නාසි හමුදාව ජර්මානු යුදෙව්වන්ට එරෙහිව ක්‍රිස්ටල්නෑෂ්, පළිඟ රාත්‍රිය හෙවත් බිඳුණු වීදුරුවේ රාත්‍රිය නමින් ප්‍රහාර මාලාවක් දියත් කළේය. නාසි හමුදා කණ්ඩායම් යුදෙව් ව්‍යාපාරික ස්ථාන විනාශ කරමින් නිවාසවලට පහර දෙමින් යුදෙව් පල්ලි ගිනිබත් කරමින් මේ ප්‍රහාරය දියත් කරන්නට විය. පසුව හෙළිදරව්වුණේ මේ ප්‍රහාරය ජෝසප් ගොබෙල්ස් විසින් මෙහෙයවන ලද්දක් බවයි.
ඉන් පසු ජර්මනියේ හා අත්පත් කරගත් ප්‍රදේශවල යුදෙව්වන් සමූල ඝාතනය කිරීමය. එම අවසාන විසඳුම 1933 සිට 1941 අතර කාලයේදී ක්‍රියාවට නැංවිණි. හෙන්රිච් හිම්ලර් සහ ඇඩොල්ෆ් අයික්‌මාන් සැලැස්‌මේ ප්‍රධාන මොළකරුවෝ වූහ.
නාසි හමුදා විසින් යුරෝපයේ යටත් කරගත් ප්‍රදේශවල සිටි ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් වධකාගාර වෙත යැවීමට අයික්‌මාන්ව පත් කරන ලදී. හෙන්රිච් හිම්ලර් යුදෙව්වන් ලක්ෂ 60කට වැඩි පිරිසක් ඝාතනය කිරීමේ ප්‍රධානිය වූයේය. හිට්ලර් කියා සිටියේ බටහිර බලවතුන් සමග කටයුතු කරන විට යුදෙව්වන් ප්‍රාණ ඇපකරුවන් ලෙස කටයුතු කරන බවයි.
දෙවැනි ලෝක යුද්ධය අවසානයේ දී හෙළිදරව් වුණේ නාසි හමුදා විසින් අත්ත් කරගත් රටවල කඳවුරු 15,000ක යුදෙව්වන් ඝාතනය කළ බවයි. එහි වඩාත් කෲර හා පිළිකුල් සහගත තොරතුරක් වූයේ යුදෙව්වන් මරා ඔවුන්ගේ සිරුරුවල අඩංගු වූ මේදය භාවිතා කරමින් සබන් නිෂ්පාදනය කිරීමට ගත් උත්සාහයයි.
ලක්ෂ 40ක යුදෙව්වන් පිරිසක් අවුෂ්විට්ස්වල දී ඝාතනය කෙරුණු අතර බොහෝ යුදෙව්වෝ හාමතින්, ලෙඩ රෝග හේතුවෙන්, වධ හිංසා හේතුවෙන් මෙන්ම කුරිරු වෛද්‍ය පරීක්ෂණ හේතුවෙන් ද මිය ගියහ.
1933 වන විට යුරෝපයේ සිටි යුදෙව්වන් ලක්ෂ 90ක පිරිස 1945 වනවිට ලක්ෂ 30 දක්වා අඩුවීමෙන් ඝාතනයේ විශාලත්වය පෙනී යයි. ජර්මනිය යුද්ධයෙන් පරාජය වීමෙන් පසු මුදවාගත් යුදෙව්වන් පිළිබඳ සටහන් තැබූ බ්‍රිතාන්‍ය හමුදා පවසන්නේ වධකාගාරවල සිටි වැරහැලි ඇඳගත් අපිරිසිදු මළ සිරුරු වැනි යුදෙව්වන් ඇවිදින විට මැරී වැටුණු බවයි.
මේ සමූල ඝාතනයට ගොදුරුවූවන්ගේ මතකයට ගෞරව කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලුම සාමාජික රටවලින් ඉල්ලා සිටී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට වග කියන්න ඕනේ හිට්ලර්වත්, නාසිවදයවත් නොවේ.. ජර්මිනිය කොන් කරන්න හදපු මෝඩ ප්‍රංශයයි, එංගලන්තයයි...
හිට්ලර්ගේ නාසි වාදය බංකලොත් වෙනකොට යුදෙව්වන්ට වරද පැටෙව්වා. පළමු ලෝක සංග්‍රාමයේදී ජර්මනියේ සිටින දහස ගණන් යුදෙව්වන් ජර්මනිය වෙනුවෙන් සටන්කර දිවිදුන්නා. ඔය කියන්නේ කොටි සංවිධානය ඇතිවෙන්න හේතුව ප්‍රභාකරන්ගේ හොර බඩු ජාවාරම සිරිමාවෝ ආණ්ඩුවෙන් අවහිර කල නිසා කියන එක වගේ තමා. ජර්මනිය අල්ලාගත් රටවල් වලත් ඉන්න යුදෙව්වොත් මරලා දැම්ම මොකද ගැහැණු, කුඩා ළමයි කියලා වෙනසක් තිබුනේ නැහැ.
ඔය මොනවා කීවත් යුදෙව්වන් කියන්නේ මේ ලෝකයේ බිහිවුන නරකම ජාතියයි. එදත් එහෙමයි. අද ඊටත් වඩා නරක විදිහට ඔවුන් හැසිරෙන්නේ.
S.P., ඔයාල වගේ අය හින්ද තමයි අදටත් අපේ වගේ රටවල් මේ තත්වෙම ඉන්නෙ.
ඉදලා ඉදලා නමත් හංගගෙන ගොන් පාට් කොමෙන්ට් එකකුත් දැම්මා.
ඔහු හරි මේකට හේතුව උනේ යුරෝපා ආධිපත්‍ය සහ ඔවුන් යුදෙව්වන් ආයුධයක් ලෙස යොදවා එම රටේ ආර්ථික දියුණුව විනාශ කිරීමට උත්සහ ගැනීමය.
ලංකාවෙත් 20% පමණ නියම ආර්යන් සිටිනවා ඔවුන් මේ රටේ බොහොම නිහතමානී අපරාද වලට කෙසේ වත් යොමු නොවන පිරිසක් අනෙක් පිරිස විවිධ ජාතින් ඉන්දියාවේ කර්ණාටක අන්ද්‍රා තමිල්නාඩු කේරල මන්ගලොරේ සොලී ආක්‍රමණයෙන් පසු මෙහි ඉතරි වූ මිශ්‍ර පිරිස් මේ පිලිබඳ සත්‍ය දැනගත යුතුවන්නේ 20% න් පමණි
මේ සමූල ඝාතනයට ගොදුරුවූවන්ගේ මතකයට අපි සියල්ල ගෞරව කල යුතුයි.
මෙම අදහස් ශ්‍රී ලාංකිකයෙකු ලෙස දැකීමට මම ලැජ්ජා වෙමි..
යුදෙව්වන් මරලා ඉවර කරන්න බැහැ. යුදෙව්වන් එක්ක සටන් කරලා දිනන්න බැහැ. අදටත් ලෝකයේ පාලනය තියෙන්නේ යුදෙව්වන් අතේ තමයි. ලෝකයේ ලොකුම ධනපතියත් ඇමරිකන් යුදෙව්වෙක් තමා යුදෙව්වන් එක්ක සෙල්ලම් බැහැ එච්චරයි කියන්න තියෙන්නේ...
මේ අය බීලද ඉන්නේ? ඔය සාමාන්‍ය ඉන්දියන් කාරයෙක්ගෙන් අහන්න ජාතිය, ජනවර්ගය ගැන.., ඔවුන් සුපිරි ආර්ය වාදය ගැන නියමෙට කරුණු දක්වාවි. බටහිර සුද්දන්ටත් වඩා ආර්යවාදය කරේ තියන් ඉන්න කාලකන්නි, වර්ගවාදී ජාතිවාදීන් ටිකක්, සැකයක් තියෙනවා නම් නිකමට ඔය ප්‍රසිද්ධ වෙබ් අඩවි වල ඉන්දියන් ආර්යයන් ගැන සර්ච් කරලා බලන්න. මට දැන් පැහැදිලිවෙන දෙය තමයි ලංකාවෙත් ඒ හා සමාන අමනයන් පිරිසක් ඉන්න බව. මේවා පරිවර්තනය කරලා මුළු ලෝකෙට ප්‍රසිද්ධ කරන්න ඊනියා ආගන්තුක සත්කාරය දන්නා යහපත් ගුණවත් සියල්ලන්ටම එක ලෙස සලකන ශ්‍රී ලාංකිකයින්ගේ රෙදිත් ගැලවේවි.
හිට්ලර් කියන්නේ අසාධාරණයට ලක්වුණු අයෙක් කියන අලුත් මතයක් මේ කාලයේ හරි වේගෙන් පැතිරෙනවා. හිට්ලර් කියන්නේ සත්ව හිංසනයට විරුද්ධ කලාකාමී ශ්‍රේෂ්ඨ නිර්මාණ ශිල්පියෙක් වගේ අදහස් තියෙන වීඩියෝ විශාල වශයෙන් තියෙනවා. එත් උන් මිනිසුන් බලහත්කාරයෙන් සිරකරගෙන මැරෙනතුරු වැඩ ගත්තා. මැරුණම අස්ථි කුඩු කරලා පොහොර හදන්නත්, ශරීර වල මේදයෙන් සබන් හදන්නත් මළවුන්ගේ සමෙන් වැඩ ගන්න, වගේ අමන නින්දිත යෝජනා තිබුණා. මේ කාරණා ආර්ථික වශයෙන් ප්‍රයෝජනය අඩු නිසා දිගටම ක්‍රියාවේ නොයෙදෙව්වත් මරා දැමු මිනිසුන්ගේ දත් ගලවා රත්රන් එකතු කිරීම, ජර්මන් කර්මාන්ත වලට යුදෙව්වන් යොදවා මැරෙනතුරු වැඩ ගැනීම කෙරුනා. ආර්ය නොවන මිනිසුන් කියන්නේ ගොවිපොළවල් හදන සතෙක් තරමටවත් අයිතිවාසිකම් නැති අය බව ඒ අය පෙන්වා දුන්නා. අදත් එහි අතුරු විපාක මේ ලෝකය අත්විඳිනවා.
මෙවැනි අශිෂ්ඨ ජන සංහාර මනුෂ්‍යත්වයට නිගාවකි. කිසිත් නොදන්නා කුඩා දරුවන් පවා යුදෙව්ව්වන් වීම නිසා මරණයට පත්වීම කොතරම් ඛේදජනකද? ජර්මනියේ හිට්ලර්ගේ නමක් පවා වර්තමානයේ සඳහන් නොවන්නේ මේ නිසාය. හිට්ලර් යනු මිනීමරුවෙකි.