(තුසිත කුමාර ද සිල්වා)
‘දොස්තර නෝනා කෙනෙක් වෙන්න ඉගෙන ගත්ත මගේ රත්තරං දුවට මෙහෙම දෙයක් වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේනැහැ. මගේ රත්තරං දරුවා හොරු අරන් ගියා වගෙයි’ යැයි ඉකුත් 22 දා යාපනයේදී ඝාතනයට ලක්වූ වෛද්‍ය සිසුවියගේ මව කේ.වී.පේ‍්‍රමාමාලනී මහත්මිය හඬා වැටෙමින් පැවසුවාය.
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වූ රෝෂිනී කාංචනා (28) මහත්මියගේ දේහය බේරුවල බදනාගොඩ ඇගේ නිවසට අද (24) රැගෙන ආ අවස්ථාවේදී ඇගේ මව මෙසේ කියමින් හඬා වැලපුණාය. කිලිනොචිචිය පරන්තන්හි 662 වන බළසේනා මුලස්ථානයේ වෛද්‍ය බළකායේ සේවය කරන සැමියාගේ පිහි පහරින්පසුගිය 22 දා ඇය යාපනය පන්නෙයි කොටුව අසළදී ඝාතනයට ලක්වූවාය.
මියගිය රෝෂිනි කාංචනා බදනගොඩ විදුහලෙන් බේරුවල ඩී. එස්. සේනානායක විදුහලෙන් සහ මතුගම මධ්‍ය මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටියාය.
රෝෂනීගේ මව වූ කේ.වී. පේ‍්‍රමාමලනී (57) මහත්මිය හඬා වැළපෙමින් වාවාගත නොහැකි සොවින් මෙසේ කීවාය.
“මිය ගියේ මගේ වැඩිමහල් දියණිය. හැම අවුරුද්දකටම ඉගෙන ගත්ත ගුරුවරුන්ට බුලත්දෙනවා. ඒ තරම් ගුරු භක්තියක් තියෙන මගේ දරුවට මොකද මේ වුණේ. එදා දවල් 1.30ට කෝල් කරලා කිව්වා මම කෑම කාලා අම්මාට කෝල් කරන්නම් කියලා. කොල් කළේ නැති නිසා මම කෝල් එකක් ගත්තා. කථා කලේ යාපනයේ පොලිසියෙන්. පොලිසියෙන් කිව්වා ෆෝන් එක අයිති කාන්තාවගේ බෙල්ල කපලා මරලා කියලා. මගේ පපුව හිරවෙන්න ආවා. කවුද දෙයියනේ මගේ දුවගේ බත් එක එකට කාලා බෙල්ල කපයි කියලා හිතන්නේ“
මේ අවට ගම් හතටම තවත් මාස තුනකින් වෛද්‍යවරියක් වෙන්න හිටිය පළමු කෙනා මගේ ලොකු දුව. ලෝකෙට මිල කරන්න බැරි සම්පත අපට අහිමි කළා“ යයිද රෝෂිනිගේ මව පැවසුවාය.
මියගිය වෛද්‍ය සිසුවියගේ පියා වන එච්.ඩී. දයානන්ද මහතා මෙසේ පැවසීය.
මියගොස් සිටින්නේ මගේ වැඩිමහල් දියණිය. එයා විවාහ වුණේ 2016.12.31 එයාගේ පවුලේ ප‍්‍රශ්න තිබුණා. නමුත් මේ වගේ දෙයක් කරයි කියලා අපි හිතුවේ නැහැ. එයා නංගිටයි මල්ලිලා දෙන්නටයි ගොඩක් ආදරෙයි. ලොකු මල්ලිවත් එයාගේම උනන්දුවෙන් වෛද්‍ය විද්‍යාලයට යැව්වා.
නංගිවත් කවදාහරි වෛද්‍ය විද්‍යාලයට යවනවා කියලා හැමදාම කිව්වා. මම සේවය කරන්නේ කළුතර පොලිස් අධිකාරි කාර්යාලයේ. දරුවාව දොස්තර නෝනා කෙනෙක් කරන්න මම හීන දැක්කා. එයා තුන් වතාවක් උසස් පෙළ කරලා ධෛර්‍යයෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණේ. වෛද්‍ය සිහිනය සැබෑ කරගන්න. ඒ හීන හැම එකක්ම බොඳවෙලා ගියා.
මියගිය රෝෂනී කාංචනාගේවැඩිමහල් සොයුරු වෛද්‍ය ශිෂ්‍ය රොෂාන් කලණ (26) සහෝදර පේ‍්‍රමය වාවාගත නොහැකිව හැඬු කදුලින් මෙසේ පැවසීය.
මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අවසන් වසරේ ඉගෙන ගන්නේ. කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ මේ දිනවල පුහුණුව ලබන්නේ. නැන්දා කෙනෙක් කථා කරලා කිව්වාම මට අදහා ගන්න බැරි වුණා. අක්කයි මමයි දෙන්නම තව මාස තුනකින් වෛද්‍යවරුන් වෙන්න හිටියේ.
මම කලුතර දිස්ති‍්‍රක්කයෙන් 9 වෙනියා. අක්කා 21 වෙනියා. මාවත් වෛද්‍ය විද්‍යාලයට ගෙනියන්න හිටිය අක්කා අපිව දාලා ගියා. අක්ක හැමදාම විසි තිස් වතාවක් ගෙදරට කෝල් කරලා දුක සැප අහනවා. අක්කාට තියෙන්නේ උණුවෙන හදවතක්. අපි කොහොමද මේ දුක දරාගන්නේ.
අක්කා පොඩි කාලේ විකට ඇදුම් තරගෙට හැමදාම ඇන්දේ වෛද්‍යවරියට. ඒ හීනය සැබෑ කරගන්න ඇය ගොඩක් දුක් වින්දා. ගිය සෙනසුරාදා පාන්දර 4.00 ට විතර ගෙදර ඇවිත් දවසෙම විවිධ කෑම වර්ග උයලා ගෙදර අයත් එක්ක සතුටින් ඉදලා ඉරිදා උදේ ගියේ. එයාට සැමියාගෙන් ගොඩක් හිරිහැර තිබුණා. අපේ පවුලත් එක්ක තියෙන බැදීම නවත්වන්න අක්කාගේ සැමියා අක්කාගේ ෆෝන් දෙකක් කුඩු කළා.
අක්කාගේ වම් අතේ අස්ථිය පේන්න පිහියෙන් කපලා. එකෙන් බේරෙන්න අක්කා පිහිය අල්ලලා. එතකොට ඇගිලි කැපිලා. ඊට පස්සේ ඒ මිනිහා අක්කාගේ බෙල්ල ගැඹුරටම කපලා කලපුවට තල්ලු කරලා යැයි සංවේදීව පැවසුවාය.
ඇයගේ බාල සොයුරු ඉසන්ත සසින්ත සහ බාල සොයුරිය සඳුනි එරන්දි කිසිවක් කරකියා ගත නොහැකිව වික්ෂිපතව බලා සිටින අයුරු දැකගත හැකිවිය.
ඇයගේ මාමා කෙනෙක් වූ එස්. අනුරුද්ධ මහතා හැඬු කදුළින් මෙසේ පැවසීය. බේරුවල බඳනාගොඩ ගමෙන් බිහිවෙන්න හිටිය පළමු වෛද්‍යවරිය අකාලයේ අපට අහිමි වුණා. මේ මරණය බේරුවල ප‍්‍රදේශයම කම්පා කරවන්නක්. ඇය ගමේ කා අතරත් හොද හිත දිනාගෙන හිටපු කෙනෙක්.
මියගිය වෛද්‍ය සිසුවියගේ අවසන් කටයුතු සෙනසුරාදා (25)සවස 2.00 ට කාලවිල කන්ද පොදු සුසාන භූමියේදී සිදුකිරිමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට මොනවද මේ වෙන්නේ...? කොහොමද මේ විදියට මිනිසුන්ව මරන්න සිත් ඇති වෙන්නේ.. යුද හමුදාවේ ගෞරවයත් කෙළෙසනවා... මොහු විසින් අපරාධය සිදුකළා කියන එක තහවුරු වී ඇති බැවින් ඉතා ඉක්මණින්ම මරණ දඬුවමට ලක් කරන්න ඕනෑ. ඉන්න අයට හරි හැදෙන්න. නීතියේ තිබෙන දුර්වලතා නිසා රටේ අපරාධ සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා. අම්මා, තාත්තට සහෝදර සහෝදරයින්ට මොනතරම් දුකක් ඇතිද..?
හැමෝටම මේවා හොඳ පාඩම්... තේරුණු විගස අයින් වෙනවා මිස ප්‍රශ්න පිට අදගෙනයාම නොකළ යුතුයි. අධික ඉරිසියාව සහ මෝහය මෙවැනි මරණවලට හේතුව වේ.
මගේ සහෝදරියෙක් හෝ දියණියක් මේ වගේ මරලා දැම්මොත්... මට මිනීමරුවා රණවිරුවෙක් හෝ මොකෙක් වුණත් කමක් නැහැ." මම ඌව මරනවා... ඒ විදිහටම වද දීලා මරනවා.. සමහරවිට මිනීමරුවා සිවිල් අධිකරණයෙන් නිදහස් වෙන්න පුළුවනි... සමහර විට අවුරුදු 5ක් විතර සිර දඬුවමකින්.. ඒක මට අදාළ නැහැ එ්කා නිදහස් වුණාට පස්සේ මම මගේ දඬුවම දෙනවා ඒක ස්ථිරයි." වනචාරීන්ට වනචාරී ලෙස දඬුවම් දිය යුතුයි. තව දෙයක්...
ලෝකෙටම වටිනා දිරිය දියණියක්.... මෙවන් අපරාධ කරන කාලකන්නින්ට මරණ දඬුවම දෙන එකයි හොඳ...
ඉවසීම, දරාගැනීමේ ශක්තිය නොමැති නිවට සොල්දාදුවෙකු විසින් කරන ලද මෙම පාපකර්මයට ඔහු විසින් මෙලොවදීම දඬුවම් විඳිනු ඇත. අප රටේ තරුණ දූ දරුවන්ට මෙය තම ජීවිතයට හොඳ පාඩමක් ලෙස ගැනීමට හැකිවේවා.. මෙම රත්තරන් දුවට නිවන්සුව අත්වේවා..!!! යලි කිසිඳු භවයක මෙවන් විපතක් නොවේවා...!!!
රටකට ඵලදායි මෙවන් වටිනා දරුවන් අහිමි වීම කණගාටුවට කාරණාවක් වෙනවා. මන්ද බුද්ධිකයින්ගෙන් බුද්ධිමත් දරුවන් ආරක්ෂා කරගන්න බලන්න.
රණවිරුවෙක්...
මන්ද බුද්ධිකයින්ගෙන්, බුද්ධිමතුන් බේරාගැනීමට මන් බැලිය යුතුයි.
නොගැලපෙන විවාහයක අවසන් ප්‍රතිඵලය මරණය හෝ මැරි මැරී ජීවත් වෙමි...
පිහියකුත් අරගෙන ආපු එකෙන් පේනවා මේ මිනීමැරුම කරන්නට හිතාගෙන ආපු බව.... මොකද්ද මේ මිනිහට මේ තැනැත්තිය මැරීමට හේතුව ගැණත් හිතා බැලිය යුතුයි.
යුද්ධය කාලේ අවුරුද්දකට 1000ක් විතර මැරුණා යුද්ධය නැතිකරපු රණවිරුවන් නිසා අද 10000වඩා ජීවත් වෙනවා. එක මිනිහෙකු නිසා රණවිරුවන්ට නින්දා කිරීම අවලන් වැඩක්...
නොගැලපෙන විවාහ. බිරිඳගේ සමාජ තත්ත්වය මත සැකය කියන විෂ ශරීර ගතවීම මේ මරණයට හේතුවයි. මොන තරම් ආදර කතා තිබුනත් නොගැලපෙන වෘත්තීන් අතර මෙවැනි විවාහ මගින් දෙදෙනා අතර සහ සම්බන්ධතා ගෙනියන්න බැහැ. නොකලයුතුව තිබුන විවාහයක්. වැඩිහිටියන්ගේත් නොසැලකිල්ල?
දරුවන් විවාහ වූ පසුව අසීමිත බලපෑම් කිරීමේ කණගාටුදායක ප්‍රතිඵලයක්. අපේ රටේ සමහර අම්මලා තවමත් සිතන්නේ විවාහය පමණක් නොවෙයි දරුවන් විසින් එය පවත්වා ගෙන යාමද තමන්ගේ මනාපය පරිදි කළ යුතුයි කියාය.
මෙහි තිබෙන සත්‍ය පවසා තිබෙන සියලුම කොමෙන්ට් වලට ඩිස්ලයින් දාන්න තරම් අය ඉන්න රටක් මේක.