IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දැන් උගත්තු පොත පතට උනන්දු නෑ

 

ශාස්ත්‍රීය පර් යේෂණ කෘති ගණනාවක් සිංහල ඉංග්‍රීසි දෙබසින්ම ලියා පළ කළ මහාචාර්ය විමල් විජේරත්න මහතාගේ නවතම කෘතිය ‘සිරි සඟබෝ රජු හිස දන්දුන් අත්තනගල්ල’ නමින් පසුගියදා එළිදැක්වුණි. මතු දැක්වෙන්නේ ඔහු සමඟ එය නිමිති කොටගෙන අප කළ සංවාදයක සටහනකි.

• සිරි සඟබෝ හිස දන්දීමේ ඓතිහාසික සිද්ධිය සිදුවූයේ හත්ථිකුච්ඡියේ ද අත්තනගල්ලේ ද යන්න බොහෝ දෙනාගේ මත විමසුමට ලක්වූ කරුණක්.

ඔබ  පර් යේෂණ කෘතිය හරහා ඒ පිළිබඳ නිරවුල් මතය සාධනය කරනවා. මේ පර් යේෂණයේ පසුබිම සම්බන්ධයෙන් අදහස් දැනගන්න කැමතියි.

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය මගින් ග්‍රන්ථයක් නිකුත් කෙරුණා ‘රාජාංගනය හත්ථිකුච්ඡි පබ්බත විහාරය හා බෝධිසත්ව සිරි සංඝ බෝධි’ නමින් ඔවුන්ගේ මෙම පර් යේෂණයේ දී හමුවූ ශිලා ලේඛනයක තොරතුරු  මෙහි සඳහන් වෙනවා. එහි අදහස ලෙස දක්වා ඇත්තේ සිය ශීර්ෂය දන් දුන් බවට පුවතයි.

මේ ලිපිය කියැවූ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ අදහස වුණේ ‘ බලඇණියේ ප්‍රධානියා වූ දිනසිරි නමැත්තා වෙමි. මේ විහාරයට කහවණු සියයක විහාර සලාකය දුන්නෙමි.’ යන අදහස එහි ඇතුළත්ව ඇති බවයි. ඒ අනුව පැහැදිලි වුණා හිස දන් දුන් සිද්ධියක් සම්බන්ධයෙන් මෙහි විස්තර නොවන බව. සිරිසඟබෝ රජුගේ කිසිදු සම්බන්ධයක් ඒ සෙල්ලිපියේ සඳහන් වන බවක් පෙනෙන්නට නැහැ. ඒ අනුව මේ කෘතියේ ප්‍රධාන සාක්ෂිය ලෙස හැඟෙන පුරාවිද්‍යා මූලාශ්‍රය නිෂ්ප්‍රභ වුණා.

රාජාංගණ හත්ථිකුච්ඡි පබ්බත විහාරය හා බෝධිසත්ව සිරි සංඝබෝධි කෘතියේ ඉදිරිපත් කොට තිබූ තවත් අදහසක් වූයේ හත්ථිකුච්ඡි විහාර කටුගෙයි ඇති ශිලා ලිපි ශීර්ෂයක මල්ලක් රැගත් මගියකුගේ කැටයම සිරිසඟබෝ රජුගේ හිස රැගෙන අනුරාධපුරයට යන මගියා යන මතයයි. එය ද අපි නැවත පරික්ෂා කළා. එහිදී ද හෙට්ටිආරච්චි මහාචාර්යවරයා ප්‍රකාශ කළේ එය අත්තාණි කණුවක ශිර්ෂයක් බවත් මෙහි තොරතුරු අනුව විස්තර කෙරෙන්නේ විහාරස්ථානයට පූජා කළ දෑවලට හානි කළහොත් විනාශයට පත්වන බවත්ය. එයින් ද කෘතියේ මතු කරන මේ සාක්ෂියත් නිෂ්ප්‍රභ වෙනවා. ඒ නිසා තමයි මේ පර් යේෂණය තවදුරටත් මෙහෙයවිය යුතු යැයි අපි කල්පනා කළේ.

• සිරි සඟබෝ හිස දන්දීමේ සිද්ධිය අත්තනගල්ල විහාරයේම සිදුවූ බව සාධනය කිරීමට ඔබ ඔබේ කෘතියේ ඉදිරිපත් කරන සාහිත්‍යමය පුරා විද්‍යාත්මක ඇතුළු වෙනත් සාක්ෂි මොනවාද?

මේ සඳහා අපි වසර හතරක් පමණ කාලයක් තිස්සේ අධ්‍යයනය කළා. එහිදී අපට හැකියාව ලැබුණා හිස දන් දීමේ සිද්ධිය අත්තනගල්ල හා බැඳුණු එකක්ය යන්න තෝරා බේරා ගැනීමට. සිරිසඟබෝ රජ දවස අත්තනගල්ල විහාරය දක්නට ලැබී නැහැ. එය කැලෑබද පෙදෙසක්.

ගෝඨභය කුමරු තම හමුදාව සමඟ නගරය ආක්‍රමණය කිරීමට පැමිණි අවස්ථාවේ සිරිසඟබෝ රජු යුද්ධයේ විපාක දැක රජකම අතහැර පෙරහන්කඩක් පමණක් අතින්ගෙන නගරයේ දක්ෂිණ දොරටුවෙන් පිටව ගිය බව දැක්වෙනවා. එසේ පිටවගොස් වාසය කොට ඇත්තේ හත්ථවනගල්ල ආරණ්‍ය ප්‍රදේශයේය. පාලි හත්ථවනගල්ල විහාරවංශය, එළු අත්තනගලු වංශය යන කෘතිවල මේ බව සඳහන් වෙනවා.

මගියා විසින් අනුරාධපුරයට ගෙන එනු ලැබූ සිරිසඟබෝ රජුගේ ශීර්ෂය දැක ගෝඨාභය මහරජතුමා සංවේගප්‍රාප්ත වී මගියාට කහවණු දහස දී අනුරාධපුරයේ ඉසුරුමුණි විහාරයේ දකුණු අත පැත්තේ තැනක ඒ ශීර්ෂය ආදාහනය කොට පුද සත්කාර කළ බව මහාවංශ ටීකාවේ දැක්වෙනවා. එසේම ඒ භෂ්මාවශේෂ මත විහාරයක් ඉදි කොට එය සිරිසඟබෝධි නමින් නම් තැබූ බවත් එහි තවදුරටත් සඳහන් වෙනවා. 

මෙහි සත්‍යතාව තවදුරටත් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාව මට තිබුණා. මේ කරුණ හා බෙහෙවින් සමපාත වන පුරාවිද්‍යාත්මක කරුණු රැසක් සොයා ගැනීමටත් අපට හැකි වුණා. අනුරාධපුර ප්‍රදේශයේ අනුරාධපුර – කුරුණෑගල මාර්ගයේ ලැබී ඇති නටඹුන්වල දැක්වෙන සංකේත කැටයම් හත්ථවනගල්ල විහාර වංශ කෘතියේ එන සිරිසඟබෝ දෑවුරුදු රාජ්‍ය කාලයේ සිදුවූ සොරුන්ගේ දමනය, වැස්සවලාහක දේවතාවා කැඳවීම, ශීර්ෂය දන්දීම, ශීර්ෂයට කහවණු දහස ලබාදීම යන තොරතුරු සමඟ සමපාත වෙනවා.

• ඓතිහාසික හා සාහිත්‍යමය කරුණු මේ අන්දමට නැවත ප්‍රශ්න කරමින් නව පර් යේෂණ කෘති බිහි කිරීම ඒ ඒ විෂය ක්ෂේත්‍රවල ප්‍රබෝධයට හේතුවන්නක් බවයි විද්වතුන්ගේ පිළිගැනීම, එහෙත් එබඳු පර් යේෂණ වත්මන් සාහිත්‍යයේ දැකිය හැක්කේ ඉතාම අඩුවෙන් බවයි පෙනෙන්නේ.

එය ඉතාම අවශ්‍ය කරුණක්. යම් යම් කාරණා සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත්වීමත් වැදගත්. ඒ ඔස්සේ තව කෙනෙකුට පුළුවන් අදාළ කාරණා ගැන තවදුරටත් සත්‍ය අසත්‍යතාවන් විමසමින් පර් යේෂණයේ යෙදෙන්න. එතකොටයි ශාස්ත්‍රිය සංවාදවල සාහිත්‍යය තුළ යම් පිබිදීමක් ඇති වෙන්නේ.

විශ්වවිද්‍යාලවල එවැනි ශාස්ත්‍රීය පර් යේෂණ නොකෙරෙනවා නොවෙයි. අපි වුණත් මේ පර් යේෂණය කළේ කොරෝනා වසංගතය මැද්දේ. විවිධ අභියෝග එල්ල වුණා. මට හිතෙන්නේ වත්මන් විශ්වවිද්‍යාල ගුරුවරුන්ට පර් යේෂණ සඳහා ලැබෙන අවස්ථා ප්‍රමාණවත් නැහැ කියලයි. කොරෝනා වසංගතයෙන් පසුව සමාජයේ ඇතිවූ අයහපත් තත්ත්වය මීට බලපෑ බව පෙනෙනවා.

එහෙම නැතුව උගතුන්ගේ පර් යේෂණ හැකියාවන්වල අඩුවක් නැති නිසයි මම නම් සිතන්නේ. ඒ සඳහා ඉතාම සුදුස්සන් අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම සිටිනවා. උසස් පර් යේෂණ කිරීමට සුදුසු සමාජ පරිසරයක් සහ යහපත් මානසික තත්ත්වයක් ඇති කිරීමයි කළ යුත්තේ.

• ඒත් ශාස්ත්‍රීය පර් යේෂණ, භාෂාව, සාහිත්‍ය, කලාව, ඉතිහාසය වැනි විෂය ක්ෂේත්‍ර කෙරෙහි ඇති සමාජ අවධානය දුර්වල මට්ටමක තිබෙන බව බොහෝ දෙනා චෝදනා කරනවා.

ඒක ඇත්තක්. පර් යේෂකයන් නිර්මාණකරුවන් ඉන්නවා. ඒත් ඒවා රසවිඳින්න, විචාරය කරන්න පිරිසක් නෑ. තෑගි වශයෙන් පොතක් දුන්නත් බොහෝ දෙනා කියන්නේ ඔවුනට ඒවා කියවන්නට  වෙලාවක් නැති බවයි. එයින් තේරෙන්නේ ශාස්ත්‍රීය දැනුමක් ලැබූ අය පවා දැන් පොතපතට උනන්දු නැති බවයි. අවිවේක බව ගැන තමයි කියන්නේ. මාරයා ආවාමත් ඕක කියනවාද?

ඒ නිසා පර් යේෂණ අගය කරන උගතුන් ඇත්තෙත් නෑ. විමසන්න කෙනෙකුත් නෑ. මේක මහා විනාශයක්. පාසල් දරුවන් ගත්තොත් ඒ අය පොතපත පැත්තකට දාලා ජංගම දුරකතනය අතට අරගෙන. සමාජය කුණු වීමේ ප්‍රතිඵලයක්. කාටවත් දොස් කියලා වැඩක් නෑ. හැම තැනම පැතිරිලා විෂබීජයක් වගේ.

හැමෝටම වගකීමක් තියෙනවා. ඒ වගකීම වෙනුවෙන් විද්වතුන් එකතු වෙන්න ඕනෑ. විද්වතුන්ගේ සංසදයක් මගින් හොඳ නිර්මාණවල ඇති ගුණ සමාජයට ඉදිරිපත් කරන්න ඕනෑ.

අපට ප්‍රබල සම්ප්‍රදායක් තිබුණා. ඒක අපි විනාශ කරගැනීම මහා අපරාධයක්. ක්‍රි.පූ. 3 වැනි සියවසෙන් සිංහල ගී සම්ප්‍රදායෙන් පටන් අරන් සීගිරි ගීයෙන් ගුත්තිලයෙන්, යසෝධරාවතෙන් භාවගීත දක්වා ආපු ගමනක් අපට තියෙනවා. දැන් කවුද මේ ඉතිහාසය අපේ දරුවන්ට හොයලා දෙන්නේ? රසවින්දනය හදන්නෙ කවුද ඔවුන්ගෙ. රසවින්දනයක් නැති වුණාම සමාජයේම විනය පිරිහිලා යනවා. දැන් වෙලා තියෙන්නෙ ඒක.

සංවාද සටහන ගාමිණි කන්දේපොළ

මහාචාර්ය විමල් විජේරත්න



අදහස් (1)

දැන් උගත්තු පොත පතට උනන්දු නෑ

ගාමිණි කන්දේපොළ Thursday, 18 May 2023 09:02 AM

ඒ නිසා පර්යේෂණ අගය කරන උගතුන් ඇත්තෙත් නෑ. විමසන්න කෙනෙකුත් නෑ. මේක මහා විනාශයක්. පාසල් දරුවන් ගත්තොත් ඒ අය පොතපත පැත්තකට දාලා ජංගම දුරකතනය අතට අරගෙන. සමාජය කුණුවීමේ ප්‍රතිඵලයක්. කාටවත් දොස් කියලා වැඩක් නෑ. හැමතැනම පැතිරිලා විෂබීජයක් වගේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site