(කාංචන කුමාර ආරියදාස)
ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසති.
මේ දිනවල නිතරම අකුණු සැර වදින බවත් මීට දින කිහිපයකට ඉහත දී මෙම වහලයට අකුණු පාත් වූ බවත් මෙහි පවතින අවදානම පිළිබඳව ජනපති ඇතුළු වගකිව යුතු සියලු අමාත්‍යාංශ නිලධාරින් ලිඛිතව හා වාචිකව දැනුම් දී ඇතත් මෙතෙක් කිසිදු අවධානයක් යොමු නොකළ බව උන්වහන්සේ පවසති.
අවුකන බුද්ධ ප්‍රතිමාවට අකුණක් මගින් යම්කිසි හෝ හානියක් සිදු වුවහොත් එහි වගකීම විෂයභාර ඇමැති දැරිය යුතු බවත් එමෙන්ම වහලය නිසියාකාරව සවි නොකිරීම නිසා වහලය මත වෑස්සෙන වතුර බුදු පිළිමය පිහිටි මලුවට පතිත වන බව ද උන්වහන්සේ පෙන්වා දෙති.
තමන් වහන්සේගේ මෙම ඉල්ලීම පිළිබඳව බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකරන නිසා තමන් බලවත් කනස්සල්ලට පත්ව සිටින බවද උන්වහන්සේ පවසති. මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ හෝ අවධානය යොමුවී අවුකන බුද්ධ ප්‍රතිමාව ආරක්ෂා කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි උන්වහන්සේ පුරාවිද්‍යා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි දන්නා කෙනෙක් උන් වහන්සේට කියල දුන්න නම් හරි නේද අකුණු සන්නායකයක් සහ එය වැඩ කරන්නේ කොහොමද කියලා? එයින් ආරක්ෂා වන්නේ කුමක්ද කෙසේද කියලා.
මම ලංකාවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලයේ එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ සිටි තරුණ ආචාර්යවරයෙක් ලිපියක් ඒවා තිබුණා මේ ගැන. අද එතුමා ලංකාවේ නැහැ. ඔහු දැන් මුළු ලොවම දන්නා අකුණු පිලිබඳ මහාචාර්යවරයෙක්. කැනඩාවේ පවා ඔහුගේ සේවය ලබාගන්නවා. මේ ගැන එතුමාගෙන් අසා දැනගත්තා නම් යෙහෙකි.
අකුණු සන්නායකයක් හයි කරගන්න කියන්න .
වර්තමානයේ ඉදිකිරීම් කරනවිට හැම අංශයකම ඉදිකිරිම කරනවා මිස එය කලාම ඇතිවන අයහපත් තත්වය ගැන කිසිම කෙනෙක් බලන්නේ නැහැ. වැඩ කොන්ත්‍රාත් දුන්නට පස්සේ අධීක්‍ෂණ නිලධාරීන් යන්නේ වැඩ ඉවරද බලන්න පමණි. පවතින දුර්වලතා පෙන්නුවොත් බැනුම් කෙළවරක් නැහැ
වසර සිය ගනනක් නොනැසී පැවති අපේ ජාතික උරුමයන් විද්‍යාත්මක පදනමකින් තොරව ආක්ෂා කිරීමට යාමෙන් ඉක්මනින්ම විනාශ වේ.
ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේ වසර සිය ගණනක් තිස්සේ අව්වෙන් වැස්සෙන් බැට කමින්, 2015 වසර වෙන තුරු යහතින් වැඩ සිටි බව ඉතිහාසය පෙන්නුම් කර තිබෙන බව කවුරුත් දන්නා රහසකි. කාගේ උවමනාවකටද මේ අවලස්සන වහලය ඉදිකරේ ? එමගින් බුදු පිළිම වහන්සේගේ ශාන්ත කලාත්මක භාවය විනාශවී ගියා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ අට්ටාලය අනුමත කරාද ? වහලය මත වෑස්සෙන වතුර බුදු පිළිමය පිහිටි මලුවට පතිත නොවන අන්දමට වහලක්වත් නිර්මාණය කිරීමට බැරි වුන ඉංජිනේරුවරයා සමහරවිට අකුණු සන්නායකයක් කියන්නේ කුමක්ද කියාවත් නොදැන සිටින්න ඇති !
නිසිදනුමක් නැති ඔවුන් කරන්නෙම නිශ්ඵල දේවල්. ඔබලාම සිතන්න අද ලංකාවේ මේවට උදාහරණ ගොඩක් තියෙනවා. """පස්වන සත්වර්ෂයේ පටන් පැවත එන මෙම ප්‍රතිමාවට 2016 වෙනතුරු අකුණු ප්‍රශ්නයක් තිබුනේ නැහැ, දැන් ඉතින් මෙම පිළිම වහන්සේට අලුත් තර්ජනයක් ඇතිවෙලා, කව්ද මේවට වගවිය යුත්තේ ? විද්‍යාත්මක පදනමකින් තොරව, හිතුවක්කාර ලෙස කරන ,අවිධිමත් සැලසුම් වලින් සිදුකරන ව්‍යාපෘති නිසා අපේ රටේ ප්‍රශ්න රාශියක් ඇතිවෙලා. දඹුල්ල පන්සලේ පින් කැටය වගේම අවුකනත් අර්බුධයක් නිර්මාණය කරලා ඉවරයි. මෙම ඉදිකිරීමෙන් සංරක්ෂණයක් බලාපොරොත්තු වුවත් අපට පෙනීයන්නේ විනාශ වීමක් පමණි .
කොච්චර ලස්සන දර්ශනයක්ද. සාදු සාදු සාදු මේවා අපේ රජ දරුවන්ගේ විශ්මිත නිර්මාණ. ඉර හඳ පවතින තාක් කල් පවතින්න ඕන දේවල්,
සොබා දහම මොන තරම් සුන්දර ද? අකුනකට පුලුවන්ද බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේට අනතුරක් කරන්න
අවුකන පිළිමයට ඉදිකළ ප්‍රථම ආවරණය මෙය නොවෙයි. මිට පෙර මැටි ගඩොල් වලින් බුදු පිළිමය වටා ආරුක්කුවක් ඉදිකර තිබුන, මට මතක හැටියට 70 දශකයේ විතර තමයි ඉදිකර තිබුනේ. නමුත් එහි ගඩොල් ගැලවී පිළිමය මතට පතිත වීමට පටන් ගත් නිසා එයත් ඉවත් කිරීමට සිදුවුණා. ඉන් පසුව ඉදිකළ ආවරණය තමයි මේ. පැරණි රජ දවස ඉදිකිරීම් ශිල්පීන්ගේ නිර්මාණ ගැන, ඔවුන්ගේ හැකියාවන් ගැන ආඩම්බර වන අපිට වර්තමාන නිර්මාණ ශිල්පින් ගැන එසේ සිතන්න බැරි ඔවුන්ගේ නිර්මාණ ශිලිත්වයේ අඩුවක් නිසාද නැත්නම් ලාබය ගැන පමණක් හිතන කොන්ත්‍රාත් කරුවන් නිසාද? වැඩ පරීක්ෂක නිලධාරීන් පවා අල්ලසට යටවී ඇති යුගයක හොද නිර්මාණ කවද එලි දකීවිද? අඩුම තරමින් මෙවන් පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථාන ආරක්ෂා කරගැනීමට රාජ්‍ය මැදිහත්වීම මිට වඩා අවශ්‍යයි.
මේක යකඩින් නොකර කොන්ක්‍රීට් කණු දාලා උළු වහලයක් හැදුවනම් අකුණු ප්‍රශ්න එන්නේ නෑ. මේ තරම් ඕනෙමනම් අකුණු සන්නායකයක් දාන්න.