IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලෝකේ පිරිසුදුම ’’Ceylon Tea’’වසර සියය සමරයි

සංවාදය - 

ශ්‍රී ලංකා තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපති ,ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්. ඒ. ජේ. එම්.ද කොස්තා 

ශ්‍රී ලංකා තේ පර්යේෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එම්.බී.රණතුංග 

 

ශ්‍රී ලංකා තේ පර්‍යේශණ ආයතනයේ ආරම්භය සහ ඉතිහාසය 

“තේ වගාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් බෝගයක්. ඒ නිසාම තේ වගාව කර්නාන්තයක් ලෙස මෙරට ව්‍යාප්ත වීමත් සමග යම් යම් රෝග සහ ගැටලු මේ වගාව ආශ්‍රිතව සිදුවූ නිසා ඒ සදහා පර්යේෂණ කටයුතු සිදුකිරීමට අවශ්‍යතාවයක් පැන නැගුණා. තේ වගාව කර්මාන්තයක් ලෙස පටන් ගත් මුල් කාලයේදී එම පර්යේෂණ කටයුතු සිදු කළේ රාජකීය උද්භිත උද්‍යානයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්. ඒ වන විට සෑම භෝගයකටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් විවිධ පර්යේෂණ සිදුකිරීම කරනු ලැබුවා. නමුත් තේ සදහා විශේෂයෙන් ලොකු ප්‍රමුඛතාවයක් සිදු උනේ නැහැ. එම නිසා එවකට හිටපු වැවිලිකරුවන්ට අවශ්‍යතාවයක් තිබුණා තේ සඳහාම වෙනවූ පර්යේෂණ ආයතනයක් බිහිකරන්න ඕනේ කියන අදහස සහ අවශ්‍යතාවය. ඒ ඔස්සේ වැවිලිකරුවන්ගේ සංගමයේ මූලිකත්වයෙන් මුල්ම තේ පර්යේෂණ ආයතනය බිහිවෙනවා.

ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය (TRI) 1925 වසරේදී පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය විද්‍යාත්මක හා තාක්ෂණික පදනමකින් ශක්තිමත් කිරීමේ අරමුණින්. බ්‍රිතාන්‍ය සමයේ තේ වගාව වේගයෙන් වර්ධනය වීමත් සමග ඊට අවශ්‍ය වූ කෘෂිකර්ම ක්‍රම සහ තත්ත්වය වැඩි දියුණු කිරීමේ අත්‍යවශ්‍යතාවයක් පැනනැගීම හේතුවෙන් ඒ සදහා ආයතනය පිහිටුවීම සිදුකරනු ලැබුවා. තේ පර්‍යේශණ ආයතනයේ ප්‍රධාන මධ්‍යස්ථානය නුවරඑලිය දිස්ත්‍රික්කයේ තලාවකැලේ පිහිටා තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ සියලුම තේ ප්‍රදේශවල පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වෙනවා.

මූලිකවම තේ පර්යේෂණ ආයතනයක් පිහිටුවීම සඳහා අවශ්‍ය සියලුම අණ පනත් සම්මත කරගන්න මූලික වීම සිදු වූයේ වැවිලිකරුවන්ගේ සංගමය මගින්. 

 වැවිලිකරුවන්ගේ සංගමය සඳහා ලොකු ඉතිහාසයක් තියෙනවා. එවකට හිටි රජයත් තේ පර්යේෂණ ආයතනයක් තිබීම අවශ්‍යතාවයක් ලෙස පිළිගෙන ඒ අනුව මුල්ම පර්යේෂණ ආයතනය බිහිවනවා. මූලිකව විද්‍යාඥයින් තුන්දෙනෙක්ගෙන් මෙම පර්යේෂණ ආයතනය ආරම්භ කළා. ඔවුන් තුන්දෙනාම සුදු ජාතික විද්‍යාඥයින්. ඉන් අනතුරුව පර්යේෂණ කටයුතු ව්‍යාප්තවීමත් සමඟ මුලින් ආරම්භ කර බංගලාවේ ඉඩ ගැටලුවත් සමග 1927දී දැනට තේ පර්යේෂණ ආයතනය පිහිටා ඇති තලවකැලේ ශාන්ත කූම්බ්ස් (St. Coombs Estate) වතු යාය මිලට අරගෙන එතන විද්‍යාගාරයක් හදන්න පටන්න ගත්තා. අදටත් ප්‍රධාන පර්යේෂණ ආයතනය පිහිටා තිබෙන්නේ තලවකැලේ ශාන්ත කූම්බ්ස් වතුයායේ. එදා තිබ්බේ එක පර්යේෂණ මධ්‍යස්ථානයක් පමණයි. නමුත් අද වන විට තේ වගාවේ ව්‍යාප්තියත් සමඟ පහතරට කලාපයේ කුඩා තේ වතු හිමියන් වෙනුවෙන්ම පර්යේෂණ කටයුතු සිදු කරන්න රත්නපුර මධ්‍යස්ථානයක් පිහිටුවීම සිදු කළා. ඉන් අනතුරුව මැද රට කලාපය සඳහා හන්තානයේ මධ්‍යස්ථානයක්ද, ඊට අමතරව ලංකාවේ තේ වගා කරන සියලුම කලාප වලට අවශ්‍ය උපදේශන සේවය ලබා දෙන්නට ඌව කලාපය සඳහා පාස්සර, ගාල්ල දිස්ත්‍රික්කය සඳහා කොට්ටවත් මාතර දිස්ත්‍රික්කය සඳහා දෙනියායෙත් වරින් වර තේ පර්යේෂණ සදහා උපදෙස් මධ්‍යස්ථාන පිහිටවා තිබෙනවා. අවසාන උපදෙස් මධ්‍යස්ථානය 2012 වසරේදී මතුගම මධ්‍යස්ථානයෙන් කළුතර දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කය සඳහා සේවාව සපයනවා. 

තේ පර්යේෂණ ආයතනය මුලින් වැවිලි කරුවන්ගේ ශාකාවක් ලෙස පටන් ගත්තත් පසු කාලීනව 1957 පමණ වන විට මෙම ආයතනය රජයට පවරාගෙන තිබෙනවා.1975 දී ශ්‍රී ලංකා තේ මණ්ඩලය යටතට තේ පර්යේෂණ ආයතනයේ කළමනාකාරීත්වය පත්වනවා. ඉන් පසුව 1993 දී තේ පර්යේෂණ මණ්ඩලය ලෙස පාර්ලිමේන්තු පනතින් අලුතින් පිහිටුවා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සම්පූර්ණයෙන්ම කළමනාකාරීත්වය තේ පර්යේෂණ මණ්ඩලයේ යටතට පත් කර තිබෙනවා. ඉන් පසුව 1993 සිට අද වනතුරුම තේ පර්යේෂණ ආයතනය ක්‍රියාත්මක වන්නේ තේ පර්යේෂණ මණ්ඩලයේ කළමනාකාරිත්වය යටතේ ඍජු අධීක්ෂණයෙන්. ආරම්භයේදී විද්‍යාඥයන් තුන්දෙනෙක්ගෙන් පටන් ගත් තේ පර්යේෂණ ආයතනය තුළ අද වන විට පර්යේෂණ අංශ නවයක් සහ උපදෙස් සහ ව්‍යාප්ති අංශක් ලෙස ව්‍යාප්ත වී තිබෙනවා. 

ඊට අමතරව පර්යේෂණ කටයුතු වල පහසුකම් සැපයීම සඳහා වතු යායන් දෙකක්ද අපට තිබෙනවා.ඒ උඩරට කලාපය සඳහා කූම්ස් වතු යායත් පහතරට කලාපය සඳහා ශාන්ත ජෝකින් වතු යායත්. මේ වතු යායන් දෙක තුළම කර්මාන්ත ශාලා දෙකක් තිබෙනවා. මූලික වශයෙන් මෙහි ලංකාවේ තේ ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ කටයුතු සිදුකීරීම සිදුවනවා. අද වන විට අපේ තේ පර්යේෂණ ආයතනය සමස්ත කාර්ය මණ්ඩලය 200 කට පමණ ආසන්න කාර්ය මණ්ඩලයක් අපට ඉන්නවා.

තේ ගොවියන්ට සහ කර්මාන්තයට ඇති ප්‍රතිඵල 

TRI ආයතනයේ පර්යේෂණ හා උපදෙස්වලින් ශ්‍රී ලංකා තේ ගොවියන්ට උසස් තත්ත්වයේ අස්වනු ලබාගැනීමට, ආදායම වැඩි කිරීමට, සහ තිරසාර වගාවක් පවත්වා ගැනීමට හැකිවී 

තිබෙනවා. එය ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ ජාත්‍යන්තර තරඟකාරීත්වය තදබල කරමින්, “Ceylon Tea” යන ලෝක ප්‍රසිද්ධ නාමය ගෞරවයෙන් රැක ගැනීමට ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරනවා.

ප්‍රධාන කාර්යයන් සහ වගකීම්

TRI ආයතනය තේ වගාව, රෝග හා පළිබෝධ පාලනය, සහ තේ සැකසුම් තාක්ෂණය පිළිබඳ නව පර්යේෂණ සිදු කරනවා. එමඟින් ගොවියන්ට හා කර්මාන්තශාලා අධිකාරීන්ට නවතම තොරතුරු සහ ක්‍රියාත්මක උපදෙස් ලබා දේ. තවද, TRI ආයතනය නව බීජ හා ක්ලෝනල් වර්ග නිපදවීම, පරිසර හිතකාමී වගා ක්‍රම සංවර්ධනය කිරීම, සහ තේ වල උසස් තත්ත්වය හා සුවඳ වැඩි දියුණු කිරීමේද නායකත්වය දරනවා.

මෙහි ප්‍රධාන කාර්ය භාරය වන්නේ පර්යේෂණ කටයුතු මාධ්‍යයෙන් තේ වගා දාමයේම කටයුතු වලට පර්යේෂණ මාධ්‍යයෙන් දායකත්වය ලබාදී එහි කාර්‍යක්ශමතාවය වැඩි කීරිමට ,නිෂ්පාදන වියදම අඩු කරන්නට, නිෂ්පාදනය කරන නිමි තේ වල ගුණාත්මකභාවය වැඩි කරන්න අවශ්‍ය වන තාක්ශණික දැනුම පර්යේෂණ හරහා ලබා දීම තමා මෙහි ප්‍රධානම කාර්යය. 

“Ceylon Tea” වල විශේෂත්වය සහ ලෝක වෙළඳපොළේ මේ වන විට තිබෙන ඉල්ලුම

ප්‍රධාන වශයෙන් කලුතේ මෙරට බහුලව භාවිතා වනවා. නමුත් කළු තේ වල වර්ග කිහිපයක් තිබෙනවා. ලෝකයේ කලු තේ වල සම්ප්‍රධායික කලු තේ ඕතඩොක්ස් කළු තේ (Orthodox Black Tea) හදන්නේ ලංකාවේ. අද වන විටත් ලෝකයේ තියෙන හොඳම ඕතඩොක්ස් කළු තේ (Orthodox Black Tea) හදන්නේ ලංකාව තුළ. ඒ නිසා තමයි අපිට ජාත්‍යන්තරව සිලෝන් ටී කියන නාමය ලෝකයේ අද වන තුරුත් පවත්වාගෙන යන්න පුලුවන් වෙලා තියෙන්නේ. ලෝකයේ තිබෙන ඕනෑම වෙළඳපොළක ,ඕනෑම පාරිභෝගිකයෙක් කලු තේ එකක් රස විදින්න ගන්නේ ලංකාවේ කලු තේ. ලංකාවේ තිබෙන කළුතේ වල විශේෂත්වයය තමයි ඒ සම්ප්‍රධායික ඕතඩොක්ස් කළු තේ (Orthodox Black Tea) වල ප්‍රධාන නිෂ්පාදකයා වගේම ප්‍රධානතම අපනයනය කරුවා ලංකාව බවට පත්වීම. මේ සඳහා ප්‍රධානතම හේතුව ලංකාවේ තිබෙන දේශගුණය. ඒ වගේම පසෙන් ලැබෙන සහයෝගයත් ගොඩක් වැදගත්. මූලික වශයෙන්ම මෙරටින් තේ වර්ග 7 සාම්ප්‍රදායික කළුතේ ලෙස නිෂ්පාදනය වනවා. එම නිසා ලෝකයේ තිබෙන අනිත් ඒ වර්ගත් එක්ක ලංකාවේ තේ වර්ග ඉතාම ඉහළ ගනයේ විශේෂත්වයකින් යුතු වනවා .

නමුත් මේ වන විට යම් යම් තර්ජන එල්ල වෙමින් පවතිනවා.කෙන්නියාව වැනි රටවල් වලින් ඕතඩොක්ස් කළු තේ (Orthodox Black Tea) සඳහා යම් නැඹුරුතාවයක් පෙන්වන බැවින්. නමුත් සාම්ප්‍රදායික කළු තේ වෙළඳපොලේ ප්‍රමුඛයා ලෙස ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාව. 

ලෝකයේ තිබෙන පිරිසිදුම තේ හදන්නේ ලංකාවේ.ඒ සඳහා මෙරට වෙනම සන්නාමයක් තිබෙනවා. ඒ වගේම ලෝකයේම තේ වගාව සඳහා පලිබෝධනාශක අවමව භාවිතා කරන රට ලෙස හඳුන්වන්න පුළුවන් අනෙත් රටවල් සමඟ සංසන්දනය කර බැලීමේදී. ලෝකයේ මෙරට සන්නාමය එක සේ රැඳී පවතින්න අපේ තේවල රසය ගුණය ලෝකයේ තිබෙන සුපිරි සිදුම තේ ලෙස ලබා ඇති සන්නාමයද අප ලබාගෙන තිබෙනවා.

ලබා තිබෙන ජයග්‍රහණ

පසුගිය වසර සීයය තුළ ලබා ඇති ප්‍රධානතම ජයග්‍රහණ කිහිපයක් තිබෙනවා. මුලින්ම 1931 වසර වන විටම ලංකාව ලෝකයේ වැවිලි බෝගයන් සඳහා වන ඉතාම හොද පොහොර ශාක මිශ්‍රණ වල දීර්ඝ කාලීන විද්‍යාත්මක පර්යේෂණයක් කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව පර්යේෂණ නියැදියක් ස්ථාපනය කරා. මේ වනවිට ලෝකයේ කිසිම රටක ඒ වගේ පර්යේෂණ නියැදියක් ස්ථාපනය කර නැහැ. ලංකාවේ තේ පර්යේෂණ ආයතනය තමා මුලින්ම වැවිලි භෝගයක් වන තේ බෝගය සදහා ඒවගේ පර්යේෂණ සැකැස්මක්සකස් කරලා ලෝකයට ඉදිරිපත් කළේ. ඊට අමතරව ලංකාවේ තිබෙන සෑම තේ ප්‍රභේදයක්ම නිර්මාණය කර තිබෙන්නේ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය මූලික කරගෙන .ඒ ඔස්සේ අද වන විටේ වර්ග හැත්තෑවක් පමණ නිර්මාණය කර තිබෙනවා. අද සහ හෙට පවත්වන අන්තර් ජාතික සම්මන්ත්‍රණයේදී අලුත්ම ප්‍රභේද හතරත් අපි නිකුත් කරනවා.ඒත්සමගම මුළු ප්‍රභේද ගණන හැත්තෑ හතරක් බවට පත්වෙනවා.මේ ප්‍රභේද සියල්ලම නිපදවා තිබෙන්නේ ශ්‍රී ලංකාද ඒ පර්යේෂණ මගින්. අපි ගාව කිසිම ආනයනය කළ තේ වර්ගයක් වගා කරන්නේ නැහැ. නමුත් අපි නිෂ්පාදනය කළ බෝග අනෙත් රටවල් වල ත් ඉතාම සාර්ථකව වගා කරනවා. එම රටවල් වල තේ කර්මාන්තය ආරම්භ කරන්නත් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය විසින් නිර්මාණය කරන ලද තේ වර්ග භාවිතා අර තිබෙනවා. එම රටවල් අදටත් ලංකාවට ස්තුතියි කරනවා ඒ වෙනුවෙන්. 

ඊට අමතරව තාක්ශණික ක්‍රියාවලීන් අතින්ද බොහෝ ලෙස මේ තේ ක්‍රියාවලිය සමග ලංකාව ඉදිරියෙන් තිබෙනවා .ඊට අමතව අන්තර්ජාතික සම්මාන වලටද තේ පර්යේෂණ ආයතනයක් සහ පර්යේෂණ මණ්ඩලයක් ලෙස ජයග්‍රහණ රැසකට භාජනය වී තිබෙනවා.

තේ වගාව සඳහා කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතා කරන අවස්ථා 

සාමාන්‍ය මිනිස් බුද්ධියෙන් අපට නොයෙකුත් දේවල් කරන්න පුලුවන්. නමුත් මිනිස් මොළයේ සීමාකාරී සාධක තිබෙනවා. එම නිසා අපේ පර්යේෂණ වලට කෘතිම බුද්ධිය එකතු කර ගත හැකි අවස්ථා සහ ඊට අදාල ක්ෂේත්‍ර බොහොමයක් තිබෙනවා. ඕනෑම තේ වර්ගයකට විශේෂ වූ රසක්,සුවඳක්, ගුණයක් තිබෙනවා. ඒ සියල්ලම රැඳී පවතින්නේ තේවල තියෙන රසායනික සංඝටක මත.  

ලෝකයේ සිදුවන දේශගුණික විපර්යාසත් සමඟ අපේ භෝගවල ව්‍යාප්තියේ වෙනස්කම්,ලෙඩ රෝග වල ව්‍යාප්තිය සිද්ධ වෙන්න පුළුවන්. ඒ සදහා ඉදිරියේ සිදුවන ගැටලු පිළිබඳව අධ්‍යයනය කරන්නත් මේ වන විට ලංකාව තුළ විශ්ව විද්‍යාල සමග අප ආරම්භ කර තිබෙනවා නිවැරදිව පුරෝකථනය කරන්නට තිබෙන හැකියාව සදහා විවිධ පර්‍යේශණ. 

ඒ වගේම මේ වන විට ලංකාවේ තේ වර්ග හැත්තෑ හතරක් තිබෙන බවට කලින් සඳහන් කලා. ඒ පිළිබඳව තේ පර්යේෂණ ආයතනයේ වැඩ කරන පිරිසට අමතරව සමාජයේ අනිත් පිරිස මේ තේ වර්ග ඉතාම හොඳින් හඳුනා ගැනීම සිදුකරන්නේ නැහැ ඒ පිළිබඳව දැනුවත් නැහැ ඒම නිසා අප බලාපොරොත්තු වෙනවා AI තාක්ෂණය යොදා ගනිමින් පත්‍රවල තිබෙන ඉතා සුළු වෙනස්කම් පවා ඉතාම නිවැරදිව හඳුනා ගන්නා ආකාරය පිළිබඳව හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් සිදු කිරීමට. ඊට අමතරව AI තාක්ෂණය තේ වගාවේ දියුණුව සඳහා විශාල වශයෙන් මේ වන විටත් භාවිතා කරමින් පවතිනවා ඉදිරියේදිත් විශාල ලෙස දායක කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

පියුමිකා වීරසූරිය



අදහස් (2)

ලෝකේ පිරිසුදුම ’’Ceylon Tea’’වසර සියය සමරයි

තිළිණි Tuesday, 11 November 2025 07:25 AM

ඉතාමත් වැදගත් ලිපියක් වන අතර වසර සියයක් පුරන තේ පර්යේෂණ ආයතනයට සුභ පතමි.

:       0       1

තිළිණි Tuesday, 11 November 2025 07:27 AM

ඉතාමත් හොඳ, වැදගත් ලිපියක් වන වෙන අතර ශ්‍රී ලංකා තේ පර්යේෂණය ආයතනයට වසර සියය ට සුභ පැතුම් ❤️

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 687 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2358 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site