IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


මම තමයි චීනේ මැණික් බිස්නස් පටන් ගත්ත දෙවැනි ශ්‍රී ලාංකිකයා

මම මැණික්ගල් එකතු කලේ අවුරුදු පහේ හයේ ඉඳලා.පුංචි කාලෙ ඉඳල එකතු කරපු පාට පාට මැණික් ගල් තාම මගේ ළඟ වීදුරු බෝතල් වල දාලා තියෙනවා. දැන් මම ලෝකෙ ලොකුම මැණික් වෙළඳපළ තියෙන චීනෙත්  ව්‍යාපාර පවත්වාගෙන යන,චීන ජාතිකයන්ටත් උගන්වන ලංකාවෙන් දෙවනි තැනට මැණික් ව්‍යාපාර කරන්න චීනෙට ගිය කෙනා. මගේ නම කංචන චරිත රණසිංහ. 
 
මගේ සීයා බකමූණ ඇලහැර පැත්ත මැණික් වලට ප්‍රසිද්ධ නිසා එයාගේ යාළුවො කට්ටියක් එක්ක එකතු වෙලා මැණික් පතලක් ආරම්භ කරලා තියෙනවා.ඒ කාලේ මගේ සීයාට මේ පතල ගැන එච්චර දැනුමක් තිබිලා නෑ. ටික ටික කරගෙන යද්දි දැනුමක් ලැබිලා තියෙනවා මැණිකුත් හම්බවෙලා තියෙනවා.යාළුවොත් එක්ක බෙදා හදාගෙන මේ වැඩේ කරගෙන යද්දී සීයාගෙ අම්ම නැති වෙලා තියෙනවා. 
 
ඒ නිසා සීයා මේ වැඩේ අතහැරලා දාලා නුවරට පදිංචියට ඇවිත් තියෙනවා. සීයාගෙ දරුවෝ කාටවත් වුවමනාවක් තිබුණේ නෑ මේ පතල් හා මැණික් සම්බන්ධව වැඩ කරන්න.ඒ කාලේ මම හරි පුංචියි, සීයා නිතරම මට කියනවා මේවායේ මැණික් තියෙනවා මේ ගැන ආසාවක් තියෙනවනම් මේවා කරන්න බලන්න එන්න කියලා. ඇත්තටම මටත් පොඩි කාලේ ඉදන් ඒ ගැන ආසාවක් තිබුණා. මට ගල් කීපෙකුත් සීයා දීල තිබුනා. මම පොඩි කාලේ ඉඳලා ගල් එකතු කලා.මං අවුරුදු පහේ හයේ ඉඳලා එකතු කරපු ගල් තවමත් මගේ ළඟ බෝතලයකට දාලා තියෙනවා. සීයා නැති උනාට පස්සේ ආච්චි මට කිව්ව එතැනට ගිහිල්ල පොඩ්ඩක් බලන්නන කියලා මේ තැන්වල මැණික් තියෙනවා කියලා.මමත් තව යාළුවෝ කීපදෙනෙක් එක්ක ගිහින් ඒ පතල් වලට  බැහැලා බැලුවා. පොඩි පොඩි ගල් කීපයකුත් හම්බවුණා.
 
එතකොට මට වයස අවුරුදු  දාසයක් දාහතක් විතර ඇති. ඊට පස්සේ මටත්  ලොකු ආසාවක් ආවා මේ ගැන වැඩිපුර හොයලා බලන්න. මම පොඩ්ඩ පොඩ්ඩ වැඩ පටන් ගත්තා. තවත් ගල් කීපයකුත් හම්බවුණා,ඒ ගල් එක එක්කෙනා මගෙන් ගත්තා. එකෙන් තව තව ආසාව වැඩි වුණා. ඒ වෙනකොට මට වයස අවුරුදු දාසයක් දාහතක් විතර ඇති. ඒ කාලෙදි මට ඉගෙන ගන්න බල කරන්න කවුරුත් හිටියෙත් නැහැ. ඒ නිසා බොහොම නිදහසේ මම මේක කරගෙන ගියා. කොහොමත් බිස්නස් කරන්න තමයි මං ආසාවෙන් හිටියේ.
 
නිසා මට මේ බිස්නස් එකෙන් දැනුම වර්ධනය කරගන්න වුවමනා උනා. කොහොමත් ලංකාවේ මිනිස්සු ආර්ථික අපහසුතාවලින් පිරුණු නිසායි, මේ වැඩේ ලොකු කට්ටක් කන්න ඕන නිසයි මේකට තිබුණු ඉල්ලුම බොහොම අඩුයි. ඒ නිසා මේ බිස්නස් එක දියුණු කරගන්න විදියක් මං කල්පනා කළා. ඒ කාලේ අන්තර්ජාල පහසුකම් ලබාගන්න තිබුනේ  ඉන්ටර්නෙට් කැෆේ වල විතරයි. . මං මේ කැෆේ එකකට ගිහිල්ලා අන්තර්ජාලය හරහා සර්ච් කරලා බැලුවා මේ සඳහා වෙළඳපළ ඉල්ලුම ගැන.
 
ඒකෙදි මම දැක්කා චීනය තමයි වැඩිම ඉල්ලුම තිබුනේ මැණික්වලට කියලා.  මගේ හොඳම යාළුවෙක් හිටිය චිනෙ ටෝනි කියලා, ලංකාව බලන්න ඇවිත් මිතුරන් වුන. මම ටෝනිට ඊමේල් එකක් දැම්මා "මම මෙහෙම වැඩක් කරන්න යනවා මට උදව් කරන්න පුළුවන්ද කියලා". ටෝනිගෙන් මට ඉක්මන් පිළිතුරක් ලැබුණා. “එහෙම දෙයක් කරන එක හොඳයි. මොකද මගේ අම්මා මැණික් කලෙක්ටර් කෙනෙක් , මගේ අම්මට Museum එකක් තියෙනවා” කියලා. ඒක තමයි මගේ ජීවිතේ හැරවූම් ලක්ෂය.   ටෝනි උදව් ඇතුව මම ගල් දහතුනක් අරගෙන පළවෙනි වතාවට චීනෙට ගියා. ඒ 2009 වර්ෂයේ. ඒ ගල් දහතුනෙන් ගල් නමයක් එයාගේ අම්මා මිලදී ගත්තා. මට ඒ කාලේ හිතා ගන්න බැරි මුදලක් ලැබුණා. ලංකාවේ සල්ලි වලින් ඒක විශාල ගණනක්. මට ඕන උනා මේක ටිකක් ලොකු ව්‍යාපාරයක් විදියට දියුණු කරගන්න. හැබැයි ඉතින් මැණික් showroom එකක් හදන්න ලොකු මුදලක් ඕනේ. ඒකටත් මම ලොකු කට්ටක් කාලා කාලයක් තිස්සේ සල්ලි ඉතුරු කරගත්තා.  ටෝනි එක්ක එකතුවෙලා අපි දෙන්නා පළවෙනි showroom එක චීනේ Hunan changsha වල විවෘත කළා. ඒ 2010 වර්ෂයේ. ඒ⁣⁣ වෙනකොට සීයා  ජීවතුන් අතර හිටියේ නැහැ. සීයාගෙන් මට ලැබිලා තිබුණා වැව රවුමේ ඉඩමක්. එතනත් මම ව්‍යාපාරයක් ආරම්භ කළා.  මේ කාලෙම මගේ ව්‍යාපාර හුඟක් දියුණු වෙමින් තිබුණා. මම චි්නෙ shenzhen වල දෙවෙනි Showroom  එකත් ඇරියා. මේ ව්‍යාපාර දියුණු කරගන්න අතරේ නුවර වැව රවුමෙ කරගෙන යන ව්‍යාපාරයත් මම වැඩිදියුණු කරගත්තා.හෝටල් පරිශ්‍රයක් එක්ක මැණික් ව්‍යාපාරයත් එතන ආරම්භ කළා. 
 
එකෙ Jem Museum එකකුත් තියෙනවා.ලංකාවෙ තියෙන හැම ගලක්ම වගේ මගේ ළඟ තියෙනවා. ඒ වගේම ලෝකෙ පුරා රටවල් ගණනාවක ගිහින් එකතු කරගෙන ආපු මැණික්ගල් ගොඩක් මගෙ ළඟ තියෙනවා. මම හිතන්නේ මං ළඟ තමයි වැඩිම ගල් එකතුවක් තියෙන්නේ.ඒ වගේම  1840 ඉදල එකතු කරපු මැණික් සම්බන්ධ හැම ඡායාරූපයක්ම මගේ ළඟ තියෙනවා. මේ ඡායාරූප වල එකතුවක් විදිහට Museum එකේම ආට් ගැලරි එකකුත් මම කරගෙන යනවා. විදෙස් ජාතිකයින්ට ලංකාවේ  මැණික් සම්බන්ධව  හැමදේම විවෘතව තිබුණත්  ලංකාවේ මැණික් සම්බන්ධව, ලංකාවේ මිනිස්සුන්ට කිසිම විවෘත භාවයක් නැතිකම හරිම අඩුපාඩුවක්. එනිසාම මගෙ ළඟට එන හැම දෙස් විදෙස් ජාතිකයෙකුටම මගේ museum එකට ආවාම මම පියවර හතරකින් මැණික් සම්බන්ධව සියලු කරුණු පැහැදිලි කරනවා.
 
මුලින්ම අපි ලංකා පාෂාණ ගැන කියලා දෙනවා. ඊට පස්සේ විදේශ පාෂාණ ගැන කියලා දෙනවා .ඊට පස්සේ පතල් ගැන කියලා දෙනවා. ඊට පස්සේ වීඩියෝ සෙක්ශන් එකක් තියෙනවා.  ඊට පස්සේ old art gallery කියලා එකක් තියෙනවා. මේකෙ ලෝකෙ තියෙන විවිධාකාර රටවලින් ගෙනාපු විවිධාකාර පාෂාණ වර්ග මැණික් වර්ග තියෙනවා. ඇත්තටම නොදන්න අය මේක දැක බලා ගන්න ආවහම හුඟක් දෙනා “ ලංකාවේ මේ වගේ දෙයක් තියෙනවද කියලා “ පුදුම වෙනවා. 
 
ලංකාවේ දැනට හුඟක් මේ වගේ museum තිබුනත් ශ්‍රී ලාංකිකයින්ට ඒවා විවෘත වෙලා නැහැ.  දැනට ලංකාව පුරා ඉන්න විශ්ව විද්‍යවල ශිෂ්‍යයෝ මැණික් සම්බන්ධව හදාරන්න මෙතනට එනවා. ඒ පහසුකම් මම ඔවුන්ට ලබා දෙන්නේ නොමිලේ. මමත් බොහොම උනන්දුවෙන් ඒ කටයුත්ත කරගෙන යනවා. මොකද කවදාහරි දවසක මං වගේ මැණික් සම්බන්ධව ව්‍යාපාර කරන්න ආසාවක් ඇති වුනොත් ඒගොල්ලෝ මේ වැඩේ ඉදිරියට කරගෙන යයි කියලා මම බලාපොරොත්තු වෙනවා.මේ ළඟදි  චීනේ එක්තරා ප්‍රාන්තයක රත්තරන් පතලකින් මම රත්තරන් ගලක් අරන් ආවා.  ඒකත් මේකට එන කෙනෙක්ට බලන්න පුළුවන්.  
 
මේ ව්‍යාපාර වලට අමතරව මම චීනේ මගේ ව්‍යාපාර දැන්  මහාපරිමාණයෙන් කරගෙන යනවා. මම තමයි චීනේ මැණික්  බිස්නස් පටන් ගත්ත දෙවැනි ශ්‍රී ලාංකිකයා. පළවෙනි එක්කෙනා තමයි  සෑම් ජෙම්ස් කියන්නේ.දෙවෙනි පුද්ගලයා තමයි මම. දැනට මම අවුරුද්දකට international exhibition හතළිහක් කරනවා. මමයි මගේ පුතයි එකතුවෙලා තමයි  මේ වැඩේ කරගෙන යන්නේ.
 
දැනුම තව තවත් වර්ධනය කරගන්න ඕන නිසා මම තායිලන්ත තියෙන  පාඨමාලාවක් කළා. ඊට අමතරව මේක විද්‍යාත්මක පැත්තත් ඉගෙන ගන්න ඕන නිසා  ලංකාවේ මේ සම්බන්ධව තියෙන පාඨමාලාවකුත්  මම හැදෑරුවා. මම හිතනවා දැනට මට මැණික් සම්බන්ධ හොඳ දැනුමක් තියෙනවා කියලා.මුලින්ම මම චීනයට ගිහිල්ල ව්‍යාපාරය ආරම්භ කරන කාලෙ මට මගේ මිතුර ටෝනි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් චීන ගැන කියලා දුන්නෙත් නෑ, මේ බිස්නස් ගැන කියලා දුන්නෙත් නෑ, මම පුදුම දුකක්  විඳලා  තමයි මේ තැනට  අද ආවේ.  පොඩි කාලේ මම කරන්නේ මොකද්ද කියලා මට හිතාගන්න බැරුව හිටියේ.මගේ පස්සෙන් පන්නල මට ඉගෙන ගන්න කියලා කියන්න කෙනෙක් හිටියේ නැහැ.ඒ කාලේ මං ගොඩක් දුක් වින්දා.
 
පොඩි පොඩි රැකියා ගොඩක් කලා.හොටෙල්  වල cleaning ජොබ් කරන්න ගිහින් තියෙනවා.ඒ දවස්වල තමයි මං මුලින්ම හිතා ගත්තේ මටම කියලා හොටෙල් එකක් මම කවද හරි ආරම්භ කරනවා කියලා. මම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා.මට මේ හැමදෙයක්ම ලැබුණේ ඒ නිසා කියලා මම විශ්වාස කරනවා.
 
ඒ වගේම මං ගොඩක් පින් කරන කෙනෙක්. ඒවා රටට ලෝකෙට කියන්න නම් මම කැමති නැහැ.  මුළු නුවරම ඉන්න යාචකයන්ට සතියට දවස් දෙකක් රාත්‍රී ආහාර වේල් ලබා දෙන එක ඒකෙන් එකක්. ඉතින් මම හැමෝටම කියන්නේ තමන් ආස කරන දේ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න, කැපවීමෙන්. හැබැයි “Go with the Education” ඒක මගේ ජීවිතයේ ආදර්ශ පාඨයක්. 
 
  චීනේ බිස්නස් කරන එක ලේසි නෑ. හැබැයි මම චීනෙත් එක්ක හැප්පිලා වසර පහළොවක් තිස්සේ මේ ව්‍යාපාරය කරගෙන යනවා. මහන්සියයි කැපවීමයි තියෙනවා නම් කරන්න බැරි දේකුත් නැහැ.  දැන් නම් මට චීන යාළුවෝ දහස් ගාණක් ඉන්නවා හැබැයි මං කිසිම දවසකේ කිසිම කෙනෙක්ට කියලා නෑ අනේ මගෙන්  මැණික් ගලක් ගන්න කියලා. මගෙන් ඉල්ලුවොත් විතරක්  මම දෙනවා.  ඒක මගේ ප්‍රතිපත්තියක්.
 
 
D.N.අභයවර්ධන
 
 
 



අදහස් (0)

මම තමයි චීනේ මැණික් බිස්නස් පටන් ගත්ත දෙවැනි ශ්‍රී ලාංකිකයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 416 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 327 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site