
දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ නායයෑමක් හේතුවෙන් මිය ගිය කිරි ගවයින් 12 දෙනා සමඟ දීර්ග කාලයක් එකම ගව ගාලේ ජීවත් වූ සුනඛයෙකු එම කිරි ගවයින් මිය ගොස් මාසයක් ගත වී තිබියදීත් අදත් නායයෑම සිදු වූ ස්ථානයට පැමිණ හඩමින් තම සගයින් වළ දැමූ ස්ථානය හාරමින් හැකි පමණ හඩ නගමින් හඩමින් සිටින අයුරු අතිශයින්ම හැඟීම් බර සිදුවීමක් වෙයි.

මහනුවර දිගන අඹකොටේ පදිංචි මුත්තයියා කනගරාජා කිරි ගවයින් 15 දෙනෙකු සමඟ සිය සත්ව ගොවිපළ පවත්වාගෙන ගොස් තිබේ. ඔහු ප්‍රකශ කරන ආකාරයට ඉංග්‍රීසි පාලන සමයේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි සිය පරම්පරාවේ මුත්තාගේ කාලයේ පටන්ම මෙම ගව පාලනය කර ගෙන පැමිණ තිබේ. එම පරම්පරාවේ වර්තමාන පුරුක තමන් බවත් තමන් ගවයින් 15 දෙනෙකු සමඟ කිරි ගව පාලනය කර ගෙන ගිය බවත් ඔහු කියයි. දිනකට කිරි ලීටර් 40 ක් 50ක් පමණ තමන් ලබා ගත් බවත් එමගින් රුපියල් 7,000 ක පමණ දෛනික ආදායමක් තමන්ට ලැබුණු බවත් ඔහු සඳහන් කරයි.
පසුගිය නොවැම්බර් මස 27 වනදා රාත්‍රී 11 ට පමණ තම කිරි ගව ගාල මතට විශාල ගල් පර්වත සමඟ පස් කන්දක් කඩා වැටි සිදු වූ නාය යෑම නිසා ගව ගාල සම්පූර්ණයෙන් යටවූ බවත් එහි සිටි ගවයින් 15 දෙනාම එයට යට වූ නමුත් එයින් තිදෙනෙකු තුවාල සහිතව බේරා ගත් බවත් ඉතිරි ගවයින් 12 දෙනාම මිය ගිය බවත් ඔහු කියයි.
මෙම මිය ගිය සතුන් එම ස්ථානයේම වළ දැමූ බවත් එම ගවයින් සමඟම සිටි සුනඛයින් දෙදෙනාගෙන් එක් සුනඛයෙකු නිවසට පැමිණ නැවත ඒ දෙසටවත් ගමන් නොකරන බවත් අනෙක් සුනඛයා මෙම මාසය පුරාම එම ස්ථානයට ගොස් ශෝකයෙන් තම සගයින් වළ දැමූ ස්ථානය හාරමින් සිටින බවත් ඔහු කියයි.
ඉංග්‍රීසි පාලන සමයේ පටන් තම මුතුන් මිත්තන්ගේ කාලයේ සිට පවත්වා ගෙන ආ මෙම කිරි ගව පාලනය යළි ගොඩ නැගීම සඳහා තමන්ට රජය මගින් මෙන්ම වෙනත් සමාගම්ද ඉදිරිපත් වී උපකාර කළ යුතුව ඇති බවත් කනගරාජා මහතා තව දුරටත් ඉල්ලා සිටියේය. මෙම නායයෑම මගින් තමන්ට රුපියල් කෝටියක පමණ අලාභයක් සිදුව ඇති බවත් ඔහු කියයි.
මොහොමඩ් ආසික්
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නායයෑමට බිලි වූ තම සගයින් 12 දෙනා සොයමින් වැළපෙන සුනඛයෙකුගේ කතාව