IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


දියණියක් විකුණන්න ගිය පියෙකුට අත්වූ ඉරණම

 
 පියකු විසින් සිය වයස අවුරුදු 14 පමණ වන බාලවයස්කාර දැරියක්  ජෝරදාන් රටේ මෙහෙකාර සේවයේ යෙදවිම සම්බන්ධයෙන් ළමා වෙළදාමක් සිදුකර ඇති බවට චෝදනා නගමින් ගරු නීතිපතිතුමන් විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා. 
මෙහිදී මෙම වින්ධිත දවරුවාගේ දෙමාපියන් දික්කසාද වීමෙන් අනතුරුව ආච්චි සහ සීයා සමග හැදී  වැඩී තිබුණා. පසුකාලීව ඇතිවූ විවිධ ආරථික දුෂකරතා හා සමාජ ගැරහීම් හමුවේ මෙම වින්දිත දරුවා  පාසල් යාම නතරකළ තිබෙනවා. පසුව ඇයගේ පියා විසින් තවත් තැරව්කරවකු සමග එක්වී ආරථික දුෂ්කරතා වලින් මිදීමට දරුවාට ජෝර්දානයට යාමට පෙළඹවීමක් සිදුකළ බවත්, අසරණතාවය හමුවේ දරුවා ඊට කැමැත්ත ඵල කරබවත්, ඒ අනුව පියාගේ සහය ඇතිව අච්චි හා සීයා රවටා , තමාගේම දරුවකු සේ බලාගන්නවායැයි පොරොන්දු ලබා දෙමින් දරුවා විදේශගත කිරීමට කටයුතු කර තිබෙන බව මේ නඩුවේදී සාක්ෂි වලින් අනාවරණය වුණා. 
දරුවා සතුව උප්පැනන් සහතිකයක් පවා නොමැතිව තිබියදී එක් දිනකින් විදේශ ගමන් බලපත්‍රයක් හා වීසා ඇතුළු ලේඛණ කොළඹට ගෙනවිත් සකස් කිරීමටත් අපරාධකරුවන් කටයුතු කර තිබෙනවා. දරුවා රට යවන්නේ මෙහෙකාර සේවයට බව දරුවාට කියලා නැහැ. ගුවන්තොටුපලේදී ආගමන විගමන නිලධාරීන්ට බොරු කියන විදියත් අපරාධකරුවන් දරුවට උගන්වලා තිබුණා. 
අවසාන මොහොතේ ගුවන්තොටුපලේදී පමණක් ඇයට විදේශ ගමන් බලපත්‍රය ඇතුළු ලේඛණ ලබා දී තියෙනවා. ගුවන් තොටුපලේදී තමයි ඇයට අන්තිම මොහොතේ කියල තියෙන්නේ මෙහෙකාර සේවය කරන්න වෙනවා කියලා. මේ දැරිය හඩා වැටෙමින්  ප්‍රකාශ කරලා තියෙනවා යන්න බෑ කියලා. යන්න බැරිනම් ලියකියවිලි සකස් කරන්න ගිය වියදම් නැවත දෙනන් කියල අවුරුදු 14 වයස ඇති මේ දරුවාට හිත් පිත් නැති අපරාධ කරුවන් බලපෑම්කර තිබෙනවා. ඒවා පියවන්න සල්ලි නැති නිසා දරුවා අකමැත්තෙන් වුවද හැඩූ කදුලින් විදේශගත වෙලා තියෙනවා. 
මෙහෙකාර සේවයේදී වයස අවුරුදු 14 වන දරුවාට නිවසේ සියලු දේ අස්පස් කිරීම, වැසිකිලි පවා පිරිසිදු කිරීම වැනි ක්‍රියාවන් සිදුකිරීමට දරුවාට සිදුවුණි. ඒ් විතරක් නෙවෙයි, දරුවා කෲර අමානුෂික වදහිංසා වලට ලක්වෙලා තියෙනවා. හාම්පුතා සහ නිවසේ සිටි මැඩම් අමානුෂික ලෙස දරුවාට පහරදී ඇති බවත් අනතුරුව මෙහෙකාර සේවයේ යෙදවීමට ජෝර්දානයේ සිට ක්‍රියාකල ඒ්ජන්ත වරයාට යොමුකළ පසු එම ඒජන්තවරයා පවා ‌බෙල්ට් එකකින් දරුවාට කුරිරු ලෙස පහරදී ඇති බවත් සාක්ෂි වලින් අනාවරණය වුණා.
පැමිණිල්ල වෙනුවෙන් රාජ්‍ය අධිනීතීඥ කේශණී විජේසිංහ මහත්මිය පෙනීසිටි අතර සාක්ෂි අධ්‍යනයෙන්  අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ගරු නවරත්න  මාරසිංහ මැතිතුමා විසින් චූදිතයින් වැරදිකරු කරමින් තීන්දුව ප්‍රකාශයට පත්කළ අතර චූදිත පියා හට වසර 12 සිරදඩුවමකින් දඩුවම් නියම කර අති අතර බාලවයස්කාර දැරිය වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවන ලෙසද නියමකර ඇත. විවෘත අධිකරණයේදී ප්‍රකාශයක්  සිදුකළ  මහාධිකරණ විනිසුරු ගරු නවරත්න  මාරසිංහ මැතිතුමා,
“ බාලවයස්කාර දරුවන් මිනිස් වෙළදාම සදහා යොදාගැනීම මනුශ්‍යත්වයට  නොගැලපෙන තිරශ්චීන ක්‍රියාවක්” බවද අවාධාරණය කරනු ලැබීය. 
මෙය සමාජයට හොද පණිවිඩයක් ලබා දෙනවා. දෙමාපියන් පවා දඩුවමට ලක්වෙන්න පුලුවන් දරුවන්ට එරෙහිව මෙවැනි වැරදි කරොත්. (පුද්ගලිකත්වයේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන පරිදි  නම්ගම් සදහන් නොකර ලදි.)
 
 දරුවන් විකුණන ක්‍රම  
 
සරළවම කිව්වොත් දරුවන් විවිධ නීති විරෝධී හෝ නීත්‍යානුකූල  සේවාවන් හා ව්‍යාපෘති වල යොදවන්න තමයි මෙහෙම විකුණන්නේ. උදාහරණ විදියට ගත්තොත්, 
දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම, ගණිකා වෘත්තියේ යෙදවීම, 
වෙනත්යම් ලිංගික සූරාකෑම් වලට ලක්කිරීම, 
අසබ්‍ය  වීඩියෝ , නිල් චිත්‍රපටි වලට යොදා ගැනීමට, 
ළමා සොල්දාදුවන් වශයෙන් යුධමය කටයුතු වලට සම්බන්ධ කරවීමට, 
මත්ද්‍රව්‍ය වෙළදාම හා ප්‍රවාහන කටයුතු වලට යෙදවීමට,
අවිආයුධ හා අන්තරාදායක විෂ රසායණික ද්‍රව්‍ය වෙළදාම හා ප්‍රවාහනය කිරීමට
මෙහෙකාර සේවයේ යෙදවීමට
සිගමනේ යෙදවීම 
දරුවන්ගේ වකුගඩු, හදවත් වැනි අවයව ගලවා විකිනීමට
දරුවන් නිශ්පාදන ක්‍රියාවලිය සදහා බලහත් කාරයෙන් අඩු වයසින් විවාහ කරවීමට
 බර එසවීම, ගල්කැඩීම වැනි බරපතල සේවාවන් වල යෙදවීම වැනි නීති විරෝධී ක්‍රියාවන්ට 
හදුකූරු, කපුරු බෝල, පත්තර, පොත් පත් විකිණීම වැනි වෙනයම් ආකාරයේ කුමන හෝ නීතියෙන් තහනම් නොවන රැකියාවක යෙදවීම සදහා විකිණීම තමයි ළමා වෙළදාමේදී අපරාධකරුවන්ගේ අරමුණ වෙන්නේ. මේ සදහන් කරේ කීපයක් පමණයි.
 
 
 දරුවන් විකිණීම වැරදිකරුවන් වන අය 
 
දරුවන් විකුණන විට  විකුණන පුද්ගලයා පමණක් නොවෙයි වැරදි. 
විකුණන පුද්ගලයන්
මිලදී ගනු ලබන පුද්ගලයන්
ප්‍රවාහනය කරන පුද්ගලයන්
යම් සේවා ස්ථානයකට බඳවා ගන්නා පුද්ගලයන්
සේවයේ යොදවන පුද්ගලයන්
රහසිගතව රඳවා තබා ගන්නා පුද්ගලයන්
එක් ස්ථානයකින් තවත් ස්ථායකට මාරු කරන පුද්ගලයන්
මෙකී යම් ක්‍රියාවක් සදහා අසත්භාවයෙන් අධාර අනුබල දෙන හෝ ඊට සම්බන්ධ වෙනත් යම් ක්‍රියාවක් කරන ඕනෑම අයකු සැකකාරයින්   වශයෙන් හදුනාගෙන ඔවුන්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කළ හැකියි.
 
දරුවෙකු කැමැත්තෙන් කරන රැකියාව සහ නීතිය
 ළමයෙක් , ඒ කියන්නේ වයස අවුරුදු 18 අඩු පුද්ගලයෙක් කැමත්ත ඇතිව සිදුකරත් කැමැත්ත නැතිව සිදුකරත් අධිකරණයට චූදිතයින් වැරදි කරුවන් කරනවා.දඩුවම් පමුණවනවා.
දරුවා ගේ කැමැත්ත කියන එක නීතිය ඉදිරියේදී සලකා බලන කාරණයක් නෙවෙයි.  විශේෂයෙන්ම දරුවන් මෙවැනි අපරාධ ක්‍රියා වලදී වැඩිහිටියන්ගේ පෙළඹවීමට හා බලපෑමට ලක්වෙන්ව. ඒ් වගේම දරුවන්ගේ දුප්පත්කම වැනි තවත් අසරණතාවයන් වැඩිහිටියන් අවභාවිතා කරනව. ඒ වගේම දරුවන් බරපතල ලෙස රැවටීමට ලක්කිරීමෙන් , තාවකාලික ත්‍යාග , වරප්‍රසාද  ලබා දෙමින් සුරංගනා ලෝක මවමින් දරුවන් බරලතල ලෙස මුලා කර දරුවන් ළමා වෙළදාමේ ගොදුරු බවට පත්කරන්න අපාරාධකරුවන් සූක්ෂම ලෙස කටයුතු කරනවා. 
 
ළමා වෙළදාම කලොත් දඩුවම මේකයි 
 
ළමා වෙලදාමට වැරදිකරුවන් වන පුද්ගලෙයෙක්ට අවුරුදු 20 දක්වා සිරදඩුවම් නියම කිරීමේ බලය අධිකරණයට ලබා දී තියෙනවා. ලැබිය හැකි අවම සිරදඩුවම පවා අවුරුදු තුනක්.  මෙම වරද ලංකා අපරාධ නඩුවිධාන සංහ්‍රහ පනතේ ප්‍රතිපාදන  අනුව ,ඇප ලබාදිය නොහැකි,සමථකළ නොහැකි හා වරෙන්තුවක් නොමැතිව සැකකාරයකු අත්අඩංගුවට ගත හැති වරදක්.
 
 
 මවුපියන්ගේ කැමැත්තෙන් දරුවෙකු රැකියාවේ යෙදෙව්වොත්
 
දෙමාපියන් කියන්නේ, නීතියට අනුව දරුවන් වෙනුවෙන් යුතුකම් හා වගකීම් ඉටුකුළ යුතු දෙනෙක්. දරුවන්ගේ පරම භාරකාරයා වෙන්නේ දිසා අධිකරණය. දරුවන් නොසලා හැරීම හා දරුවන්ට වෙනස් කොට සැලකීම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට ගෙන ඒන ලද 1995 අංක 22 දරණ පනතේ 308A වගනිතිය යටතේ බරපතළ ගනයේ වරදක් වශයෙන් සලකනවා . ඒ වගේම 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජ්යා්ත්යවන්තර සම්මුති පනතේ (ICCPR Act) 5(ඇ) වගන්තිය අනුව අයුතු සැලකීම්, අවමන් සහගත සැකලීම් හා අපයෝජනයන් හා නොසලකා හැරීමෙන් වැලකීමේ දරුවන්ට පවතින අයිතින් අයිතිවාසිනම් වශයෙන් ලංකා නීතිය මගින් හදුනාගෙන ඇත. ඒ අනුව දෙමාපියන් පවා දරුවකුට එරෙහිව එවැනි වරදක් සිදුකරන විට දෙමාපියන්ට එරෙහිව පවා නීතියෙන් දඩුවම් කළ හැකියි.
 
 
සමාන්‍යයෙන් දරුවන් මෙලෙස විකිණීම සම්බන්ධයෙන් වසරකට පැමිණිලි කොපමණ ලැබෙනවද?
 
ජාතික ළමා ආක්ෂණ අධිකාරියේ වෙබ්අඩවිය මගින් එම අධිකාරිය වෙත වාර්තාවෙන මෙවැණි පැමිණිලි ගැන අවුරුදු පතා වාර් තා  කරනවා. එම සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ ඒවැනි සිදුවීම් වාර්තා වෙන්නේ ඉතා කලාතුරකින බව. ඊට හේතුව තමයි මිනිසසු මේගැන  දැනුවත්වී නොමැති බව. අනික මිනිසුන් අපරාධකරුවන් විසින් බයගන්වනවා. ඇත්ත  කීවොත් අධිකරණයෙන් ඔවුනටත් දඩුවම් ලැබෙනව කියල. ඒක අමූලික බොරුවක්. නීතිය වින්ධිතයින් ආරක්ෂා කරන්වා. අපරාධකරුවන්ට විතරයි දඩුවම් කරන්නේ. අපි කලින් කතාකර නඩු තීන්දුව මේකට කදිම නිදර්ශනයක්. 
 
 ළමා වෙළදාමක් දැනගත්විට  
 
 ළමයින් මේ වගේ අපරාධයකට ගොදුරුවන බව පේනවනම් අඩුම තරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 යන අංකයට පොලීසියේ 109තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර් ය සාධක බාලකායේ 076 8447700 දරණ අංක වෙත දැනුම්දීමක් කිරීමට කටයුතු කරන්න.  
 
අදහස්‍ දැක්වීම - තැනැත්තන් වෙළදාමට එරෙහි
ජාතික කාර්ය සාධක බලකායේ සාමාජික ,
ආරක්ෂක අමාත්‍යංශයේ  නීති නිළධාරී ,
නීතීඥ , මේජර් සදුන් ගුණවර්ධන 
 
සටහන - පියුමිකා වීරසූරිය
 
 
 
 



අදහස් (0)

දියණියක් විකුණන්න ගිය පියෙකුට අත්වූ ඉරණම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 989 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 410 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site