IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දින තුනක් තිස්සේ පන්සලේ චෛත්‍ය උඩ සිට දිවි බේරාගත් හාමුදුරුවෝ

රන්දොඹේ පියනන්ද හිමි                                   

කලාඔය පාලම අසල බස්රථයක් සිරවීම අයහපත් කාළගුණ තත්ත්වය යටතේ ඇති වූ ජලගැලීම් නිසා සිදුවූ බිහිසුනු සිදුවීමකි. බස් රථයේ සිටි 67 දෙනෙකු බේරා ගැනුණේ දින එකහමාරකට වඩා වැය කළ මෙහෙයුමකිනි. එම බස්රථය අවසානයේ නැවතුන විහාරස්ථානනය වූයේ කලාඔය සිරිවිජය බෝධිරාජාරාම විහාරස්ථානයයි.   දින තුනක් තිස්සේ පැවති අධික ගංවතුර මැද සිය විහාරස්ථානයේ චෛත්‍යය ඉහළ කොටසක සිය දායක මහතෙකු සමග කොටුවී සිටි කලාඔය සිරිවිජය බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ,උතුර උතුරු මැද දෙපලාතේ උපප්‍රධාන සංඝනායක රන්දොඹේ පියනන්ද හිමියෝ අද 30දින උදෑසන සිය ොඅත්දැකීම් මෙසේ විස්තර කළහ.

" 27දින රාත්‍රිය වනවිට ගංවතුර ඇතිවන බව දැනගත්තා .නමුත් මීට පෙර අවස්ථා කිහිපයකම තියෙන අත් දැකීම් අනුව මට හිතුන වෙනද වගේම සාමන්‍ය ගංවතුර තත්වයක් ඇතිවයි කියල.ඒ නිසා මම හිටියා.මමත් එක්ක බාලසූරිය මාමත් හිටිය .චෛත්‍ය පහළ ඉඳලා වතුර වැඩි වෙනකොට චෛත්‍ය උඩටම ගියා එහි කොටසක ඉන්න පුළුවන් කම තියෙනව .වැස්ස නිසා කුඩත් ඉහළගෙන හිටිය . පස්සෙ හමුදාව බෝට්ටුවලින් ඇවිත් ඉන්නවත් දැක්කා.‘‘

ස්වාමීන් වහන්සේ රැදී සිටි චෛත්‍ය 

‘‘අපි එයාලට කෑගහුව නමුත් වැඩක් වුනේ නෑ. අපි දන්න නෑ බස් එකක් පංසල ඉස්සරහ පාරේ නැවතිල මිනිස්සු අනතුරට පත්වෙලා කියලා. අද තමයි බස් එක දැක්කෙත්.වෙන දෙයක් වෙන්න කියල අන්තිමට අපි හිටියා. ඩ්‍රෝනයකින් අපිට යම්යම් දේ ලැබුණ‘‘.

බාලසූරි්ය මහතා 

උන්වහන්සේ මෙසේද කීහ. " මට දැන් වයස පනහක් විතර වෙනව.මගෙ ජීවිත කාලයට මෙහෙම ව්‍යසනයක් දැකල නෑ. දැන් ඒව වැඩක් නෑ.පංසලට කෝටි ගනණක විනාශයක් වෙලා තියෙන්නෙ .අපි දැන් බලන්න ඕන කාගෙත් උදව් ඇතිව පංසල හදාගන්න. "

‘‘ගංවතුර වතුර වැඩි වෙද්දි අපිට පිටවෙන්න ඕනකම තිබුණ නමුත් ඒකට ක්‍රමයක් තිබුණේ නැතිකොට ඕන දෙයක් වෙද්දෙන් කියල ඉන්නව හැර අපිට වෙන විකල්පයක් තිබුණේ නෑ. නැත්නම් මේ ගොඩනැගිලි දාල යන්න බැරිව හිටිය එහෙම නෙවෙයි. වෙනදටත් ගංවතුර මේ කාලදි ආව නමුත් මේතරන් දරුණු වෙයි කියල හිතුවෙ නෑ‘‘ යැයිද උන්වහන්සේ පැවසූහ.

කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි



අදහස් (1)

දින තුනක් තිස්සේ පන්සලේ චෛත්‍ය උඩ සිට දිවි බේරාගත් හාමුදුරුවෝ

janabala asamagi Wednesday, 03 December 2025 09:38 AM

සෝදා පවිත්‍ර කරන්න වේවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site