IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ජනපති ට්‍රම්ප්ගේ සටන් විරාමය රැවටීමක්ද?

අදහස් දැක්වීම  - විවෘත විශ්ව විද්‍යාලයේ, සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ,ජාත්‍යන්තර සම්බන්ධතා හා දේශපානය විද්‍යාව පිළිබදව, කථිකාචාර්ය කලණ ගයන්ත මහතා 

“ මැද පෙරදිග කලාපය නොසන්සුන් තාවය ඇති වුයේ 2023 ඔක්තෝබර් 7 වැනිදා ගාසා හමාස් සටන්කාමීන්, දේශ සීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී පහර දී ඊශ්‍රායල වැසියන් පැහැරගෙන යෑමෙන් අනතුරුවය. හමාස් සටන්කාමීන් විසින් පැහැරගෙන යනු ලැබූ ඊශ්‍රායල් වැසියන් ගණන 200 කට වැඩිය. හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදාව ඉවක් බවක් නැතිව ගාසා තීරයට පහර දුන්නේ, ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ අරමුණින්ය.                                                                                                                                                     ඊශ්‍රායල ප්‍රහාර හමුවේ අසරණ වූ  67,869 දෙනාගෙන් වැඩිදෙනා පලස්තීන කුඩා දරුවෝ සහ කාන්තාවෝය. ගාසා තීරයට ආධාර (ආහාර සහ ඖෂධ) ලැබීම අවහිර කිරීමට ඊශ්‍රායලය කටයුතු කළ බැවින්, කුසට අහරක් නොමැතිව මියගිය පලස්තීනුවෝ ද වෙති. ඊශ්‍රායල ප්‍රහාර වලින් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 170,105 ක් යැයි පලස්තීනය එහි සෞඛ්‍ය අමත්‍යාංශයට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. තුවාල ලැබූ වැඩි දෙනා ද කාන්තාවන් සහ කුඩා දරුවන් බව ද පැවැසිණි. 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහරදීම  ඇරැඹුවේය.

මෙහිදී විශේෂයෙන්ම ඊශ්‍රායල් රජය චෝදනා කලේ  හමාස් සංවිධානය සඳහා ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය සහයෝගය මේ සඳහා හිමිවන බවයි. ඒ වගේම මෙහිදී තිබෙන ප්‍රධාන කාරණාවක් තමයි ඊශ්‍රායලය විශේෂයෙන් ම තමන්ගේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා ආරම්භ කළ මෙහෙයුමත් සමග එල්ල කල අමානුෂික ප්‍රහාර හමුවේ පලස්තීන ජනතාව මියගියා. ඒ වගේම පලස්තීනයේ ජීවත්වන කුඩා දරුවෝ විශාල ප්‍රමාණයක් මිය ගියා. අනෙක් කාරණාව තමයි ගාසා තීරයේ තිබෙන විශේෂයෙන් රෝහල් ඉලක්ක කරගෙන, ළමා සහ කාන්තාවන් සරණාගත කදවුරු ඉලක්ක කරගෙන තමයි ඔවුන් ප්‍රහාර එල්ල කළේ. ප්‍රහාර එල්ල කිරීමත් සමග  පලස්තීන කාන්තාවන් සහ ළමුන් විශාල සංඛ්‍යාවක් මියගියා.  ඊශ්‍රායල රජය විසින් අනුගමනය කරන ලද මෙම ක්‍රියාමාර්ග වලට එරෙහිව ලෝකය පුරා සිටි ජනතාව හඬ නැගුවා. ඒ වගේම හොඳම කාරණාව තමයි විශේෂයෙන්ම ඊශ්‍රායලයේ හැසිරීම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝනි ඒ වගේම කැනඩා අග්‍රාමාත්‍යවරයා Mark Carney , අයර්ලන්තයේ අග්‍රාමාත්‍ය Micheál Martin, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යය Anthony Albanese බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer, ඒ වගේම කාටර්,ඉරානය,පාකිස්තාය,ඊජිප්තුව, ඉන්දුනීසියාව,ලෙබනය යන මුස්ලිම් රාජ්‍යයන් හෙලා දැක්කා. ඊට පිළිතුරු වශයෙන් විශේෂයෙන් ඔස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, අයර්ලන්තය, බ්‍රිතාන්‍ය යන රටවල් තීරණය කළා පලස්තීනය නිල රාජ්‍යයක් විදිහට පිළිගන්න. ඇත්තටම මෙම තීරණය ගත්තේ ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග වලට විරුද්ධව. එතකොට අපි දන්නවා ලෝකයේ පංච මහා බලවතුන් නැත්නම් නිශේධ බලයන් හිමි රාජ්‍යයන් පහක් තිබෙනවා. ඒ තමා ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, චීනය සහ රුසියාව. එතකොට මේ රටවල් වලින් ඇමෙරිකාව හැර බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව සහ චීනය යන රටවල් හතර දැනටමත් පලස්තීනය රාජ්‍යයක් විදියට පිළි අරගෙන තියෙනවා. එතකොට මේ තත්ත්වය නිසා ට්‍රම්ප්ට අමතර පීඩනයක් එල්ල වුණා මෙම ගැටුම අනිවාර්යෙන් නතර කළ යුතුයි කියන තැනට පැමිණීමට. නැත්නම් මෙම ගැටළුව සඳහා මැදිහත් විය යුතුයි කියලා ජාත්‍යන්තර සංවිධාන වලින් පීඩන එල්ල වුණා. ඒකට ගොඩක් හේතුව තමයි ප්‍රංශ ජනාධිපතිවරයා සහ බ්‍රිතාන්‍ය අගමැතිවරයා යන මේ දෙදෙනා විශේෂයෙන්ම ඊශ්‍රායලයේ ක්‍රියාකාරකම් දැඩිව ප්‍රතික්ෂේප කිරීම නිසා. එයට විසඳුමක් ලෙස ඇමරිකාවට සිදුවුණා මෙයට විරුද්ධව ඊශ්‍රායලය පොළඹවන්න සාම ගිවිසුමක් ඇති කරන්න. විශේෂයෙන්ම මෙම ගැටුම අතරතුර නැතහොත් මෙම කාලය පරිච්ඡේදය අතරතුර ඊශ්‍රායලය සහ ඉරානය අතර දින කිහිපයක් ගැටුමක් ඇතිවුණා මෙම ගැටුමට ඇමරිකාවත් සම්බන්ධ වුණා. ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කරගනිමින් ඇමරිකාව එල්ල කරපු ගුවන් ප්‍රහාරත් එක්ක. නමුත් මෙම ගැටුමට මැදිහත්වීම සඳහා ට්‍රම්ප් උපක්‍රමශීලී මැදිහත්වීමක් විදිහට තමයි මම පෞද්ගලිකව දකින්නේ.

ඔක්තෝබර්  13 වැනිදා   අත්සන් කල සටන් විරාමය 

ඔක්තෝබර්  13 වැනිදා ඊජිප්තුවේ දී අත්සන් කරනු ලැබූ සටන් විරාමය සඳහා විශේෂයෙන්ම ඇමෙරිකාව, කටාර් ,ඊජිප්තුව සහ තුර්කිය ප්‍රධාන මූලිකත්වය ගැන ක්‍රියා කළා. ඊට අමතරව බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉතාලිය, පකිස්ථානය ඇතුළු රටවල් විස්සකට අධික ප්‍රමාණයක රාජ්‍ය නායකයෝ පිරිසක් සහභාගී වෙලා හිටියා. ඒ වගේම මේක ට්‍රම්ප් හඳුන්වා දුන්නේ මැද පෙරදි කලාපය තුළට නැවත සාමය ප්‍රතිස්ථාපනය කිරීමක් විදිහට තමයි ට්‍රම්ප් ජනාධිපතිවරයා හඳුන්වා දුන්නේ. නමුත් මගේ පෞද්ගලික අදහස් වන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයාට මැද පෙරදිග සාමයක් ඇති කිරීම සඳහා මම අර කලින් කිව්ව කාරණා ගොඩක් දුරට හේතු උනා. මොකද ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ඒ වගේම යුරෝපා රටවල් විශේෂයෙන්ම ඊශ්‍රායලයට එරෙහිව, ජාත්‍යයන්තරය තුල අනුගමනය කරනු ලැබූ ක්‍රියා මාර්ග නිසා ඇමෙරිකාවට සිදු උනා සාමයකට ඊශාලය පොළබවන්න. ඒ වගේම තමයි ට්‍රම්ප් ජනාධිපතිවරයාට ජාත්‍යන්තරය තුලින් සහ ඇමරිකාව අභ්‍යන්තරය තුළ ඇතිවූ පීඩනය ගොඩක් දුරට තවත් හේතු වුණා. ඒ වගේම තමා ඊශ්‍රායලය, කටාර් රාජ්‍යයට එල්ල කරන ලද ප්‍රහාරය. ඒ වගේම ඊශ්‍රායලය පසුගිය මාසයේදී කටාරයට දෝහා නුවර විශේෂයෙන්ම හමාස් සංවිධාන නායකයින් සිටින ස්ථානයට ප්‍රහාරයක් එල්ල කළා. එතකොට කටාර්වල ප්‍රධානියා, එමීර්වරයාTamim bin Hamad bin Khalifa Al Thani  මෙම ප්‍රහාරය තරයේ හෙලා දැක්කා. ස්වාධීන රාජ්‍යකට එරෙහිව එහෙම ඊශ්‍රායලය  මැදිහත් වෙලා ප්‍රහාරයක් එල්ල කරන්න බැහැ.  මේ නිසා කටාර් රාජ්‍යත් ඊශ්‍රායලයේ හැසිරීමට දැඩි විරුද්ධත්වයක් දැක්වුවා. ඒකත් හේතු වුණා විශේෂයෙන්ම ඇමරිකාව ඊශ්‍රායලය පාලනයේ තබාගත යුතුයි නැත්නම් ලෝකයේ ජාත්‍යන්තර රටවල් විරුද්ධවනවා කියන මතය ඔවුන්ට එල්ලවෙන්න් පටන් ගත්තා. ඒකත් විශේෂ හේතුවක් වුණා සාමයකට යොමු වෙන්න.  ඇත්තටම මගේ මතය වන්නේ විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම ගැටුම වළක්වන්න ගොඩක් හේතු උනා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ඊශ්‍රායලය යුධ අපරාධ හෙලා දැකීම. හිටපු ජගත් මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස්වරියක් වන නවනීදන් පිල්ලේ මුල්කරගත් අධ්‍යනයකින් පවා ඊශ්‍රායලය යුධ අපරාධ කල බව සනාත උනා. ප්‍රංශය බ්‍රිතාන්‍ය සහ යුරෝපා රටවල් ඊශ්‍රායල ක්‍රියාමාර්ග වලට එරෙහිව ගත්ත ජාත්‍යන්තර හඬ නැගීම්, ගෝලීය පද්ධතිය විශේෂයෙන් ඇමරිකාව ඇතුලෙන්ම ඊශ්‍රායලයේ යුධමය ක්‍රියාමාර්ග වලට දැඩි විරෝධයක් ආවා.  ඒ වගේම ට්‍රම්ප්ට තව අවශ්‍යතාවයක් තිබුණා ලෝකය තුල තමන් ගැටුම් වළක්වා ගන්නට මුල පුරන නායකයෙක් ලෙස තමන්ගේ පෞද්ගලික චරිතය ලෝකය තුළ වර්ධනය කරගෙන නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීම ඉලක්ක කර ගනිමින් තමන්ට පෞද්ගලික ප්‍රචාරයක් ලබාගන්න උත්සහ කලා ඒකත් ට්‍රම්ප්ගේ එක හේතුවක් වුණා මේකට මැදිහත් වෙන්න.නමුත් මගේ මතය වන්නේ විශේෂයෙන්ම මෙම ගැටුම සඳහා මේ ලබාදුන් විසඳුම ස්ථිර විසඳුමක් නොවේ. ඒ වගේම ජාත්‍යන්තර සබඳතා වශයෙන් අපි මේක් කතා කරද්දි Edward E. Azar මහාචාර්යවරයා විසින් ඉදිරිපත් කරලා තියෙනවා න්‍යායක් සමාජ දිග්ගැසුණු ගැටුම් න්‍යාය ( Protracted social conflict ). දිග්ගැස්සුනු සමාජ ගැටුම යනු ආරක්ෂාව, පිළිගැනීම සහ ආර්ථික සහභාගීත්වය වැනි මූලික අවශ්‍යතා සඳහා වාර්ගික කණ්ඩායම් අතර දිගුකාලීන, බොහෝ විට ප්‍රචණ්ඩකාරී, අරගල වේ. සමාජ දිග්ගැසුණු ගැටුමක් විදියට තමයි ඊශ්‍රායල පලස්තීන ගැටුම හඳුන්වන්න පුළුවන්. 1948 ඊශායලය බිහිවුන දා ඉදලා අද වෙනකම් ගැටුම දශක ගනන් ඇදිලා එනවා. තවත් හේතුක් තමයි ඉදිරිපත් වෙච්ච සෑම විසඳුමක් ම තාවකාලික විසඳුම්. ඒවා  අළු යට සැඟවිලා තියෙන ගිනි පොකුරු වගේ තියෙනවා. අළු ඉවත් වෙච්ච දවසට නැවතත් ගිනි පොකුරු මතු වෙන්න පුළුවන්. ඒ නිසා මේ විසඳුම් සාධාරණ විසඳුම් ලැබුනා කියලා මම හිතන්න බැහැ. පලස්තීනයට නියම ස්ථිර සාමයක් විසඳුමක් ලබාගන්න පුළුවන් පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෙස නිල රාජ්‍යයක් විදිහට පිළි අරගෙන ඊශ්‍රායලය හා පලස්තීනයට දිවි රාජ්‍ය විසඳුමකට පමණයි කියන එක තමයි මගේ මතය. මම හිතන් නෑ ජනාධිපති ට්‍රම්ප්ගේ තාවකාලික යෝජනාව සාර්ථක වේ කියලා. දීර්කාලීනව ට්‍රම්ප් තමන්ගේ පෞද්ගලික චරිතය තුල ප්‍රචාරයක් ලබාගන්න සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ලවන බලපෑම් වලින් මිදෙන්න කරපු ක්‍රියාමාර්ගයක් විතරයි මේක. ඒ නිසා මේක සාධාරණ විසඳුමක් විදිහට මම දකින්නේ නෑ.”                                                                                                                                                                                                                                                          පියුමිකා වීරසූරිය



අදහස් (1)

ජනපති ට්‍රම්ප්ගේ සටන් විරාමය රැවටීමක්ද?

ලුම්බිණි Wednesday, 22 October 2025 07:25 AM

අඩු වශයෙන් ට්‍රම්ප් යුද්දේ නැවැත්තුවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1246 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site