IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කඩුගන්නාවේ අවසානයද?

නාය යාම් ලැයිස්තුවේ ඉහලින්ම ඇති කඩුගන්නාව අතීතයේ දුම්රිය මාර්ග ඉදි කිරීමට ගල් විද විශාල බිං ගෙවල් සකසා ඇති නිසාත් පිහිටි ගල මතින් බලන සිට කඩුගන්නාව දක්වා දුම්රිය මාර්ග ගොඩනඟද්දි කැඩු කළුගල් පහළ බෑවුමට දමා ඇතැයි විශ්වාස කෙරෙන නිසාත් කැඩි කැඩී කඩුගන්නා කන්ද පිටුපසට යනවා විය යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පසුගියදා එම ප්‍රදේශයේ නායයාම් නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට ප්‍රකාශ කළා. එම කැඩී ආ ගල් ප්‍රධාන මාර්ගයට ඉහළින් තිබෙන බැවුමේ රැඳී තිබිය හැකි බවත් ඉහළ බෑවුමේ තිබෙන්නේ පිහිටි ගලම කියා විශ්වාස කරමින්  වැඩ කළොත් අමාරුවේ වැටෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලා. 

                   මීට පෙර ඉරිතැලී ගිය ස්ථානවල තාර දමා වසා ඇති බවත් එය සාර්ථක ක්‍රමයක් නොවූ බවත් පවසමින් කියා සිටියේ..

"පාර යටින් කොන්ක්‍රීට් බැමි දාලා ස්ථාවර කරන්න ඕනේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා දුම්රිය මාර්ගයට පහළින් තිබෙන බෑවුමේ තිබෙන ඇතැම් ගල්වල පැළුම් තිබෙනවා. පිහිටි ගලේ ඇතිවන පිපිරුම් ඇතුලට ගස්වල මුල් ගමන් කිරීම නිසා මෙම පැල්ම තව තවත් ඈත් වීම මව් පාෂාණයේ කොටස් ගැලවී යනව.මේ ගැලවෙන අවස්ථා අද ද නැත්නම් අවුරුදු සීයකින් වෙයිද කියලා කියන්න බැහැ. ඩ්‍රෝන මඟින් මේ අවදානම් කලාප නිරීක්ෂණය කරන්න ඕනෙ. මහා මාර්ගයට පහළින් ඇති බෑවුම් ගැනත් විශේෂයෙන් සොයා බැලිය යුතුයි නාය ගිය ස්ථානයේ සිට මහනුවර දෙසට කිලෝමීටරයක පමණ දුරින් බෑවුම දෙසට වන්නට ගිලා බැසීමක් ද දක්නට ලැබෙනවා.මාර්ගයට ඉහළින් නැති කොටසේ පස් අඩුයි ගලකැඩි කැඩී යන එක තමයි දක්නට ලැබෙන්නේ. මේවා සකස් කරන්න අවශ්‍ය තාක්ෂණය අද ලෝකයේ තියෙනවා. මිනිස් ක්‍රියාකාරකම් නතර කරලා, අනවසර ඉදිකිරීම් නතර කරලා, වාහන සේදීම සඳහා නල මගින් අධි පීඩන යටතේ ජලය ලබා ගැනීම වැනි කටයුතු නතර කරන්න ඕනේ. මෙවැනි ගැටළු නිසා පසේ ඇතිවන මඩ සහිත ස්වභාවයත් සමඟ අධික වර්ෂාවත් ඇතිවුණාම මව් පාෂාණයෙන් බිඳෙන පාෂාණ කොටස් බෑවුම දෙසට ගල් තල්ලු වෙනවා. යහපත පිණිස තීන්දු තීරණ නොගත්තොත් ලොකු ව්‍යසනයක් අනාගතයේදී කඩුගන්නාවේ ඇතිවිය හැකියි.”

ලෙසිනි.

 

D.N. අභයවර්ධනය 

 
 
 
 



අදහස් (3)

කඩුගන්නාවේ අවසානයද?

Samanthika Perera Thursday, 27 November 2025 02:38 PM

මං හිතන්නේ ජනතාව දැනුවත් කරන්න ඕනෑ. නිතිය අකුරට ක්‍රියාත්මක කළ යුතුයි

:       0       16

tissa Thursday, 27 November 2025 04:06 PM

වසර 200 කට පමණ පෙර බ්‍රිතාන්‍යයන් විසින් ඉදි කරන ලද මෙම මාවත, ඔවුන්ගේ ඉංජිනේරු ශිල්ප දක්ෂතාව මැනවින් පිළිබිඹු කරන්නක්. නමුත් පැහැදිලිවම වර්තමාන වාහන ධාරිතාව මෙම මාර්ගයට තව දුරටත් දැරිය නොහැකියි. දැන් කළ යුත්තේ විකල්ප මාර්ගයක් ලෙස මහනුවර අධිවේගී මාර්ගය සදා නිම කිරීමයි.

:       1       30

බද්රානි Thursday, 04 December 2025 03:04 PM

ඉතාම වටිනා ලිපියක්... පවතින පාරිසරික තත්වය හමුවේ, අනාගතයේදී ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට මේ සඳහා රජයේ අවධානය යොමුකළ යුතුයි. අතීතයේ සුද්දෝ පවා ඉතාම ප්‍රවේශමෙන් අත ගැසූ කඳුකරයට ලාංකික අමනයින් කිසිදු පාරිසරික අධ්‍යනයකින් තොරව හිතුමතේ සිදුකළ ක්‍රියාවල ප්‍රතිවිපාක තමයි මේ.. දේශපාලන හිතවත්කම් මත පමණක් සිදුකරන සියලුම ඉදිකිරීම් සහ ව්‍යාපෘති හේතුවෙන් කඳුකරයට සිදුව ඇති ඛේදවාචකය තමයි මේ...ඒ වගේම ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල සිදුකළ පාරිසරික හානියටත් දැන් ස්වභාවධර්මයෙන් ප්‍රතිපල ලැබී තිබෙනවා. මිනිසුන් පරිසරයට මුදාහල ප්ලාස්ටික් බෝතල් ඇතුළු සියලුම කුණුකසල දැන් නැවතත් ඔවුන් අතටම පත්වී තිබෙනවා... සියලුම දේ දේශපාලන කෝණයෙන් බලා ඉතාම ආත්මාර්ථකාමී ලෙස හිතන පතන, ඒ අනුව සියලු වැරැදි සාධාරණය කරන ජනතාවට ස්වභාව ධර්මය පිළිතුරු දී තිබෙනවා. මේ විපතත්, දේශපාලන ජයග්‍රහණයක් කරගැනීමට වෙරදරන අමනයින් පිරුණු රටකට, මට නම් හිතෙන්නේ, ඒ කෙටි ස්වභාවික ප්‍රතිචාරය එතරම් ප්‍රමාණවත් නැහැ කියලයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site