(අංජුල මහික වීරරත්න)
රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බලන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදත් (26)ගියේය.
ප්‍රේමදාස මහතා හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් බලන්නට ගියේ හතරවන වරටයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා කීවේ තර්ජන ගර්ජන මර්දන හරහා විපක්ෂය විනාශ කිරීමේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක බවයි. මේ තර්ජන ගර්ජන මර්දනයට බිය නොවන බවද විපක්ෂ නායකවරයා එහිදී කීය.
ඕනෑම අභියෝගයකට මුහුණ දී ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ අරමුණින් ජනතාව සමග එකට එකතු වී ශක්තිමත් නායකත්වය හා මගපෙන්වීම ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කරන්නෙ වෙනම වැඩක්, ඔතනට ගියා කියල ඔය කියපු එකක්වත් වෙන්නෙ නැහැ, ඔතනට යන්නෙ මැරිලද බලන්නද, දොස්තරල ඉන්නව ඔතන ඉහටත් උඩින්, අයි සී යුනිට් එකේ ඉන්න කෙනෙක් ඔහොම බලන්න යනඑක හරිද, තමුන් දැක්කම පරන තරහ, වෙචිච දේට මුල තමුන් බව දැනිල ලෙඩ ඇවිස්සෙනව, ඒක නෙවෙයි එළියෙ වැඩ වලින් මග හරින්න කරන කපටි වැඩක් ඔතන ලගින්න එන එක.
මෙයාව නම් බන්ධනාගාර රෝහලට යවන්නත් හොද නැහැ කටේ නරිවාදම නැති වෙන්නත් එක්ක යවන්න ඕනා වාට්ටුවකටම.
සජිත් ගොයියා බලන් ඉන්නේ රනිල් නැති උනාම UNP නායකයා වෙන්න බෑ
අපරාදේ… ඒ මනුස්සයාට තැන දීලා චන්දේ කරා නම් ඉවරයිනේ … දැන් බොරුවට කිම්බුල් කඳුළු හෙලන්නේ නැතුව.
අනුර රනිල් ගිවිසුම් කියලා බෙරිහන් දුන්න නඩේ ගුරා රනිල් එක්ක හොර පට්ට ලව් එකක් නේ තිබිලා තියෙන්නේ....
පැදුරයි, කොට්ටෙයි අරගෙන ගිහිං පදිංචි වුණානම් ඉවරයිනේ.
ළාමක ටින් ටින් මේ ටිකේම ජාතික රෝහලට යනවා. අනේ මෙහෙම කරුණාවක්. ඔය දැක්කාමයි. දැන්නම් සජිත් රනිල්ගේ ආදර අන්දරය පටන් අරන් වගේ?
මිය යන පියාගෙන් සියලු ධනය ලබා දෙන ලෙස පුතෙකු අයැද සිටිනවාක් මෙන්, ඔහු පක්ෂ නායක ධුරය සඳහා අයැද සිටිනවා විය යුතුය.