මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීමේ මෝසම විසි කරයි මොරටුව මෝල්පේ ප්‍රාදේශයේ එන්නත් කරන වැඩසටහනකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීමක් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා අද ප්‍රතික්ෂේප කළේය. 01 June 2021
පාර්ලිමේන්තුවේ සියලු කටයුතු 07 වැනිදා තෙක් නවතී පාර්ලිමේන්තු සංකීර්ණයේ සියලුම කාර්යාල ලබන (7)වැනිදා දක්වා වසා දමා ඇතැයි එහි නිලධාරීහු පවසති . 01 June 2021
පෙර පාසල් ගුරුවරියන්ට 2,500ක මාසික දීමනාවක් පෙර පාසල් ගුරුවරියන් සදහා රුපියල් 2,500ක මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත . 01 June 2021
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට සාමාජිකයෝ පත් කෙරෙති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා ජනාධිපති ගෝඨාභය මහතා විසින් සාමාජිකයෝ හත් දෙනෙක් අද (31) පත්කරනු ලැබූහ. 31 May 2021
‘‘රැකියාව කරන්න දුන් සහන අවභාවිතා කළොත් ඒ ගැන සිතන්න වෙනවා‘‘ ජනතාවගේ සහ විවිධ රැකියා කරන්නන්ගේ පහසුව සඳහා ලබාදුන් යම් යම් සහන සහ විවිධ නීති ලිහිල් කිරීම් යළි සලකා බැලීමට හා සමාලෝචනය කිරීමට සිදුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය . 31 May 2021
සහරාන්ට රැකවරණය දුන් විවාහ ලේකම්වරයකු අත්අඩංගුවට සහරාන් හෂීම්ගේ අන්තවාදයට ආධාර අනුබල ලබාදුන් සහ ඔහු ඇතුළු පස් දෙනකුට රැකවරණය ලබා දුන් ඔලුවිල් ප්‍රදෙශයේ විවාහ රෙජිස්ටාර්වරයකු අත් අඩංගුවට ගත් බව ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය කියයි. 31 May 2021
‘‘වසංගතය පාලනය වන තෙක් සංචරණ සිමා තිබිය යුතුයි‘‘ රජය මගින් පනවා තිබෙන සංචරණ හා අනෙකුත් සීමා කොරෝනා වසංගතය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට යෝජනා කරයි. 31 May 2021
‘‘කොළඹ කොටුවේ අක්කර දෙසීයක් විකුණන්න යනවා‘‘ වරාය නගර ව්‍යාපෘතියට සමගාමීව කොළඹ කොටුව ප්‍රදේශයේ අක්කර දෙසීයක තවත් විශාල භූමි ප්‍රදේශයක් විදේශයට විකිණීමට රජය සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා චෝදනා කරයි 30 May 2021
පියාගේ අවමඟුලදා පවුලේ හතරකට කොරෝනා ව්‍යාපාරික පියාගේ අවසන් කටයුතු සිදු කර පැය කිහිපයකින් පුතා ලේලිය ඇතුළු පවුලේ සාමාජිකයන් සිව් දෙනෙක් හා කොරෝනා ආසාධිතයන් බව අනාවරණයවීම හේතුවෙන් අවමගුල පැවති මල් ශාලාවේ හය දෙනෙක් එම මල්ශාලා පරිශ්‍රයේම නිරෝධායනට ලක් කිරීමට මීරිගම සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබුහ. 30 May 2021
දඹුල්ලට එළවළු කිලෝ ලක්ෂ 100ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම විවෘත කිරීමත් සමඟ එළවළු කිලෝ ලක්ෂ සියයකට වැඩි ප්‍රමාණයක් දඹුල්ලට ලැබී ඇතැයි ව්‍යාපාරිකයෝ කියති. 30 May 2021
‘ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ගෙන්වන්නේ කොහොන්ද තීරණයක් නැ‘ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රා ව දී ඇති අයට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ දහයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය පවා ලැබී ඇතත් එම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ගෙන්වන්නේ කුමන රටෙන් ද යන්න මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි . 29 May 2021
නීතිය හරියට කළ පොලිස් පොඩ්ඩාට හදිසි මාරුවක් ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විනාඩි කීපයකදී වෙනත් මාර්ග බාධකයක් වෙත මාරු කර යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 29 May 2021
‘‘මොරටුවේ සිද්ධිය කැතයි‘‘ ජනපති කියයි කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක දී මොරටුව නගරාධිපතිවරයා හැසිරුණු ආකාරය ඉතා කැත දර්ශනයක් බවත්, එයින් මුළු වැඩසටහනම විනාශ වූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. එවැනි දේ සිදුවීමට ඉඩ නොතැබිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. 28 May 2021
සංචරණ සීමා ජූනි 7 තෙක් දිගටම කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහ දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වැනි දා තෙක් ක්‍රියාත්මක කරන බව රජයේ ආරංචි මාර්ග කියයි. 28 May 2021
මොරටුව නගරාධිපති අත්අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රජයේ නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අද (28) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. 28 May 2021
ආයතන රැසක් අත්‍යවශ්‍ය සේවා කරයි පවතින තත්වය යටතේ වරාය ,ඉන්ධන පොදු ප්‍රවාහන ,මහ බැංකුව , රාජ්‍ය බැංකු ඇතුළු ආයතනවල සේවා සහ ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ගේ සේවා රජය විසින් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත . 27 May 2021
සංචරණ සීමා රකින්න සෙබළියෝ 100ක යතුරු පැදි බලඇණියක් කෝවිඞ් මර්දනය වෙනුවෙන් උතුරේ සංචරණ සීමා උල්ලංඝනය කරන්න පුද්ගලයන් සොයා බැලීමට ,සහ සෞඛ්‍යය නීති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පුහුණුව ලැබූ කාන්තා යතුරු පැදි බලඇණියක් යාපනයේ ස්ථාපිත කර ඇති බව යුද හමුදාව පවසයි. 27 May 2021
පෞද්ගලික බැංකුවකින් කෝටි 91ක් වංචා කළැයි එහි අධ්යක්ෂවරයකු රිමාන්ඩ් රුපියල් කෝටි 91ක මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මහරගම පෞද්ගලික බැංකුවක අධ්‍යක්ෂකවරයෙකු ලබන 8 වෙනිදා වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගතකිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය. 27 May 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාවේ බහලුම්වලින් සියයට 80 ගින්නට බිලි කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස සහ මැද කොටසේ ගින්න තරමක් අඩුවී තිබුණ ද පසු පස කොටසේ දැඩි ගිනි තත්වය පවතින්නේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. 27 May 2021
නැවේ ගින්න තවත් පැතිරෙයි කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නට ළගාවීමට නොහැකි තත්වයයක පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. 26 May 2021
’’ජනතාවගේ හැසිරීම හොඳ නෑ’’ සංචරණ සීමා ලිහිල් කෙරුණු අද (25) දිනයේදී බොහෝ පිරිස් හැසුරුණු ආකාරය සතුටු විය නොහැකි හෙයින් ඉදිරියේදී වෙළඳ සල් විවෘත කිරීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යොමුවීමට සිදුවන බව කොවිඩ් පාලනය කිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 25 May 2021
කොරෝනා එන්නත් ගන්න ඩොලර් කෝටි 22 වෙන්කරයි චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් එක්කෝටි හතලිස් ලක්ෂයක් මිලදී ගැනිම සදහා ඇමරිකා ඩොලර් කෝටි විසිදෙකක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත . 25 May 2021
සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කරයි දැනට පනවා ඇති සංචරණ සීමා ලබන ජූනි 7 වැනි දා තෙක් දීර්ඝ කිරීමට රජය තිරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 24 May 2021
නවක මන්ත්‍රිවරුන්ට ගෙවීමේ පදනම මත අලුත් වාහන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ආනයනය කර ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. 24 May 2021
විපක්ෂ නායකට සහ බිරියට කොරෝනා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිද ජලනි පේ‍්‍රමදාස මහත්මිය ‘කොවිඞ් 19’ ආසාදිතය යැයි සජිත් පේ‍්‍රමදාස මහතා ෆේස්බුක් සටහනක් තබා තිබේ. 23 May 2021
‘‘ජනාධිපතිට නොකියා මාධ්‍යයට කීම ප්‍රහේලිකාවක්‘‘ රට තව සති දෙකක් වසා දමන්නැයි මාධ්‍ය ඉදිරියට ගොස් ඉල්ලීම් කරන ඇතැම් වෛද්‍ය සංගම් කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදී ඒ ගැන කතා නොකළේ මන්දැයි ප්‍රහේලිකාවක් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 23 May 2021
‘‘වරාය කෙටුම්පත පිළිබඳ ඡන්ද ගණනයේදී වරදක් වීදැයි සොයනවා‘‘ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේදී යම් අඩුපාඩුවක් සිදුවී ඇත්දැයි තමා සොයා බලන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 22 May 2021
‘‘වරාය නගරයට තුනෙන් දෙක ලැබුණත් ගැන්නේ වැරදියට‘‘ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්ද 150ක් ලැබුණු බවත් එය 148ක් ලෙස ගණනය වී ඇත්තේ කිසියම් දෝෂයක් නිසා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. 21 May 2021
කොරෝනා එන්නත් පල්ලේකැලේ හදයි සිනොවැක් එන්නත් කර්මාන්තශාලාව මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජනා වී ඇත. 21 May 2021
වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මතවේ කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (20) වැඩි ඡන්ද 89කින් සම්මත විය. 20 May 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026