කොටකෙතන ඝාතකයාට මරණ දඬූවම ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වු කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණීයක දුෂණය කර මරා දැමීමේ චෝදනාවන්ටට වරදකරු වු ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය මරණ දඬුවම අද (19) නියම කළාය. 19 February 2024
කෙහෙළිය ඇත්තටම ලෙඩින්දැයි සොයන්න කමිටුවක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කළාය. 19 February 2024
දූෂිත කොන්ත්‍රාත්කරුවන් ‘‘බ්ලැක් ලිස්ට්‘‘ නොකරන එම රට ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණ හා වංචා ක්‍රියාකාරකම්වල යෙදීම කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා නොගන්නා දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 18 February 2024
සැකකරුගේ ෆෝනය රාලහාමි විකුණලා පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු සන්තකයේ තිබූ රුපියල් 58,000ක් වටිනා ජංගම දුරකතනයක් රුපියල් 5,000කට පුද්ගලයකුට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් භටයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 18 February 2024
ඉබ්බාගමුවේ සිසුහු සිවු දෙනෙක් පාසලේ දි මත් වෙලා ඉබ්බාගමුව කලාපයේ ප්‍රාථමික පාසල සිසුන් සිව් දෙනකු දැඩි ලෙස මත්ව සිහිසුන් වී පාසලේ ගසක් යට වැටී සිටයදී කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 17 February 2024
පාර්ලිමේන්තු නිලධාරිනියක් තනතුරින් දොට්ට පාර්ලිමේන්තුවේ ඉහළ නිලයකට උසස් කෙරුණු නිලධාරිනියක එම උසස්වීමදී පැය 24ක් යන්නටත් පෙර ඉන් ඉවත් කිරීමේ සිද්ධියක් වාර්තාවේ. 16 February 2024
වතුර හබයකට ගම්මු-පොලීසිය ගැටෙති මහකනදරාව උතුරුජල ව්‍යාපෘතිය විවෘත කිරීමට එරෙහිව ගොවීන් පිරිසක් මේ වන විට උද්ඝෝෂණයක් අරඹා තිබේ. 15 February 2024
පොහොර හොරා කෑ සමාගම් පහක ලොක්කන්ට වැඩ වරදී ගොවීන්ට සහනාධාර පොහොර වශයෙන් ආනයනය කරන ලද යුරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් කෝටි 100 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කීපයක ප්‍රධාන තනතුරු දරන්නන් 10 දෙනකු පමණ තව දින කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මගින් යුහුසුළුව කටයුතු කරනු ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 13 February 2024
මන්ත්‍රී අලි සබ්රි රිය අනතුරක පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය සාලියවැව 15 කණුව ප්‍රදේශයෙදී අත් ට්‍රැක්ටරයක ගැටිමේන් ට්‍රැක්ටරයෙ රියදුරා තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මන්ත්‍රිවරයාට අනතුරීන් කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි. 13 February 2024
මීගොඩ ආර්ථිකය වහයි මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොළ වෙළෙඳ සලකට ගිනි අවි රැගෙන කඩා වැඳුණු දෙදෙනකු එහි සේවිකාවකට වෙඩි තබා ඇය සතුව තිබූ රුපියල් 45.000ක මුදලක් පැහැර ගැනිමත් සමග තමන් ආරක්ෂිත බව පවසමින් එහි වෙළෙන්දෝ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමූහ. 12 February 2024
අපරාධයකට ගෙට පැන මැරුම් කයි දියණියන් සිව් දෙනෙකු සමග මවක රැදී සිටි මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ බව කියන කල්ලියක සාමාජිකයෙකු අසල් වැසි තරුණයකුගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ කැපුම් තුවාල සහිතව නිවස තුලදීම මරණයට පත් ව ඇතැයි පොලිසිය කියයි. 11 February 2024
මෙහෙයුම අස්සේ සැරයන්ට වෙඩි:සැකකරු පොලිස් අවියත් අරන් පනී මල්වතුහිරිපිරිය ප්‍රදේශයේදී සැක ත්‍රිරොද රථයක් පරීක්ෂා කළ මල්වතු හිරිපිටිය පොලිසිය නිලධාරීන් පිරිසක් එහි සිටි සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා පොලිසියෙන් මිදී පළා යාමට උත්ස කළ අවස්ථාවේ ඇති වූ සිද්ධියක් අතර තුර පොලිසි සැරයන්වරයකු අත තිබූ ගිනි අවියක් පත්තු වී එම සැරයන්වරයාට තුවා ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 10 February 2024
පැතුම් වාර්තා පොතට ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන එක්දින තරගයේදී පැතුම් නිස්සංක ලකුණු 200 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්විය. 09 February 2024
සේවකයෝ රාජ්‍ය ඔසුසල වසති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ පාලනය වන කොළඹ පුරහළ ප්‍රධානම රාජ්‍ය ඔසුසලේ සේවකයන් දීමනා පිළිබඳව ගැටලුවක් හේතුවෙන් එහි දොරටු වසා අද (9) පෙරවරුවේ සිට වර්ජනයක නිතරව සිටිති. 09 February 2024
උපකාර පන්ති ගුරා කප්පම් ගන්න විශේෂඥ වෛද්‍යවරයා උස්සලා රුපියල් ලක්ෂ හතලිහක කප්පම් මුදලක් ලබා ගැනීම සදහා බදුල්ල ප්‍රදේශයේ විශේෂඥ වෛද්‍යවරයකු මීටියාගොඩ ප්‍රදේශයේ නිවසක බලහත්කාරයෙන් සිරකර ගෙන රදවා ගෙන සිටියදී මුදවාගත් බව පොලිසිය කියයි 08 February 2024
දුප්පතුන්ට සහල් කිලෝ විස්සක් අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබන උත්සව සමයේදී ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 February 2024
‘‘බෙහෙත් කියා ඇල්වතුර දුන් හැටි එළියට‘‘ සති තුනක් තුළ සෞඛ්‍ය ක්ෂෙත්රය කඩා වැටෙන බවට බොරු භීතියක් කැබිනට් මණ්ඩලයට මවා සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා 2022 මැයි 30 වැනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් බාල බෙහෙත් රජයේ රෝහල්වලට දීමට අවස්ථාව දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නාය. 05 February 2024
හෙඳ නායකයකු පහළවීමේ කාලය ඇවිත් පීඩාකාරී නායකත්වයෙන් රට මුදාගෙන නව නායකයෙක් පත්කර ගැනීමට කාලය එළැඹ ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ අද (4) පැවසූහ. 04 February 2024
කෙහෙළිය රිමාන්ඩ් සී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ලබන 15 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාළිගාකන්ද අධිකරණයෙන් නියෝගය නිකුත් කෙරුණි. 03 February 2024
කෙහෙලිය අධිකරණයට රැගෙන එයි සී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට කොළඹ මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට රැගෙන ආහ. 03 February 2024
කෙහෙලිය අත්අඩංගුවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය. 02 February 2024
බෙලිඅත්ත වෙඩි තැබීමේ මහමොළකාරිය එස්.ටී.එෆ් දැලේ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුමිකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබලෙකුගේ බිරිඳ හා පියා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා පවසයි. 02 February 2024
කෙහෙලියට රට යාම තහනම් කරයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනම් කළ අධිකරණය හෙට දින රහස් පොලිසියට ප්‍රකාශයක් දෙන්නැයි ද නියෝග කළේය. 01 February 2024
ඉන්ධන වර්ග 3 ක මිල ඉහළට ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. 31 January 2024
පොලිස් කණ්ඩායම් නිදහස් පෙළපාළියෙන් ඉවත්වෙයි? හැත්තෑහය වැනි නිදහස් දින රාජ්‍ය උත්සවයේ පෙළපාලියෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හදිසියේම ඉවත් කර ගැනීමට අද (31) පෙරවරුවේ කටයුතු කර ඇතැයි වාර්තාවේ. 31 January 2024
‘නිදහස්’ පැරෂුට් අනතුරෙන් හමුදාවේ 4 ක් රෝහලට නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකළ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. 30 January 2024
ලබන වසරේ සිට දේපලවලටත් බද්දක් නව දේපල බද්දක් 2025 වසරේ හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 29 January 2024
ලොකු පොලී පෙන්නා කෝටි 500 ගැරූ බස්නායක නිලමේ,නිලියක රිමාන්ඩ් වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා ’’ට්‍රෙරෙඩ්වින් ’’නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කළේ යැයි කියන උපාධිධාරී බස්නායක නිලමේවරයා සහ සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟවාගෙන සිටියේ යැයි කියන ටෙලි නිලියක ලබන 05 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කහටගස්දිගිලිය වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දිමුතු මහතා නියෝග කළේය. 28 January 2024
තවත් පිරමීඩ ලොක්කෙක් මාට්ටු ’’ට්‍රෙරෙඩ්වින් ’’නමින් පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කර ජනතා මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ සැකයට තවත් ’’සක්විත්තෙක්’’අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත විමර්ශන ඒකකය මගින් අද අත්අඩංගුවට ගැනිණි. 27 January 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026