ක්‍රිකට්වලට අතුරු කමිටුවක් ක්‍රිකට් පාලක මණ්ඩලය අත් හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කිරීම සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රණසිංහ මහතා කටයුතු කර තිබේ. 06 November 2023
ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත අඩුවෙලා ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ජූනි මසට සාපේක්ෂව ඔක්තෝබර් මසදී හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇතැයි රට හිතන හැටි දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම ප්‍රතිඵලවලින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 05 November 2023
තේ, බත්, කොත්තු ෆයිඩ් රයිස් මිල ගණන් ඉහළට ආහාර වර්ග කිහිපයක මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. 04 November 2023
’’එජා කවුන්සිලය අපිරිසිදු නම් අපි උත්තර දෙන්නෙ නෑ’’ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය සඳහා පිරිසිදු දෑතින් එන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (3)පැවසීය. 03 November 2023
බැංකුවේ ලක්ෂ 50 අහුලා බැංකුවටම දීලා මාතර ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ රථ ගාල ආසන්නයේ බිම වැටී තිබු රුපියල් ලක්ෂ 50 ක මුදලක් අහුලා නැවත එම බැංකුව වෙත භාර දීමට මාතර නගරයේ කූරියර් සේවා සපයන ආයතනයක සහකාර කලමණාකරුවකු වන චන්දන උදයංග (38) මහතා ඊයේ (02) සවස කටයුතු කළේය. 03 November 2023
සීනි බද්ද ඉහළට:සීනි මිල නඟි සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා මෙතෙක් පැවැති සත 25 බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50 දක්වා වැඩි කර ඇතැයි සීනි ආනයනයකරුවෝ පවසති. 02 November 2023
දිනේෂ් ෂාෆ්ටර් මරා දමලා ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති කළ පීඩනයක් හේතුවෙන් සිදුවූ අපරාධයක් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය එම මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අද (31) ප්‍රකාශ කළාය. 01 November 2023
කොළඹ පා ගමනට පොලිසිය ඉල්ලූ ආඥාව ප්‍රතික්ෂේප කරයි වැඩි කළ විදුලි බිලට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීම සඳහා විදුලි බල අමාත්‍යංශයට අසළට පැමිණීමට සුදානම් වන ‘අනීතික විදුලි බිලට එරෙහි පාගමන’ ට එරෙහිව ආඥාවක් නිකුත් කරන්නැයි ජා-ඇල” කඳාන” වත්තල සහ මහබාගේ පොලිස්ථානාධිපතිවරු කළ ඉල්ලීමක් වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (31) ප්රතික්ෂෙප කළේය. 31 October 2023
බාල බේත් ගෙන් වූ තිදෙනකුට රට යන්න තහනම් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ව්‍යජ ලේඛන මගින් ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් සහ එලෙස ගෙන් වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් දිවයින පුරා රජයේ රෝහල්වලට බෙදා හැරීමට සම්බන්ධ වූයේ යැයි කියන සෞඛ්‍ය ලොක්කන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට රටින් පිටවීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විදේශ ගමන් තහනමක් පැන වූවාය. 31 October 2023
අයවැයෙන් පඩි වැඩි කරයි එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය අමතා අද (30) පැවසීය. 30 October 2023
සල්ලිකාරයන්ට දේපළ බද්දක් ලොකු දේපළ හිමි පුද්ගලයන්ගෙන් 2025 වාර්ෂයේ සිට නව බද්දක් අය කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 30 October 2023
මංගල සාදයේදී මස් කෑ තරුණිය මරුට මංගල සාදයකට එක්වි සිටි තරුණියක් මස් ඇතුළු ආහාර වර්ග කිහිපයක් ආහාරයට ගැනීමෙන් පසු හදිසියෙ රෝගී වී පුත්තලම රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 29 October 2023
හිතුවක්කාරී වැඩ නිසා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ කිපෙති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමාත්‍ය ධූර සඳහා යෝජනා කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මෙතෙක් ඇමතිකම් නොලැබීමත්,අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා තනි තීරණ ගැනීමත් හේතුවෙන්,ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අර්බුදය උග්‍ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. 28 October 2023
කෝටි 1000ක් වංචා කළ විශ්‍රාමික යුද හමුදා සැරයන්වරු රිමාන්ඩ් ඉහළ පොලියක් ලබා දෙන පවසමින් විශාල පිරිසකගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කර සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානීජ හා මූල්‍ය වංචා විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුරුණෑගල හංහමුණව ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් මූල්‍ය ආයතනයේ හිමිකරු ලබන මස පළමුවැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි වාරියපොළ මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි මහතා නියෝග කළේය. 28 October 2023
කෝටි 9,900 වංචා කළැයි මූල්‍ය අධ්යක්ෂ අත්අඩංගුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 9,900 ක් වංචා කළ බව කියන එම මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාෂය කියයි . 28 October 2023
මන්ත්‍රී නීති විභාගයේදී කොපි ගහලා නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේදී පිළිතුරු සටහන් තොගයක් ළඟ තබාගෙන පිළිතුරු ලියූ බව පැවසෙන දකුණු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ. 27 October 2023
තිරිසන්නු තිදෙනෙක් කිරි දෙමින් සිටි මව කෙළෙසලා පූගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ නිවසක කුඩා දරුවට කිරි දෙමින් සිටි තරුණ එක්දරු මවකගේ දරුවා ප්‍රාණ ඇපයට ගත් තරුණයන් තිදෙනකු ඇය දූෂණය කර ඇතැයි පූගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි. 26 October 2023
හරක්කටා බේරා ගන්න ගරිල්ලා මෙහෙයුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් පානදුරේ කුඩු සලිදු නැමැති පාතාලකරුවන් මුදා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳව බුද්ධි අංශවලට තොරතුරු අනාවරණයවී ඇතැයි ඒ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ(24) කරුණු වාර්තා කළේය. 25 October 2023
රටවල් 7කට නොමිලේ වීසා දෙන්න කැබිනට් අනුමැතිය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කෙරුණු කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 24 October 2023
කුඩු කිලෝ 200ක් සමග ධිවරයෝ පහක් මාට්ටු මත්ද්‍රව්‍ය කිලෝ 200 තොගයක් රැගෙන මෙරට බලා යාත්‍රා කරමින් තිබූ බහුදින යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 24 October 2023
වී අලෙවි මණ්ඩලයේ ලක්ෂ දාහක වී තොග අතුරුදන් වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ රුපියල් ලක්ෂ දහසක් වටිනා වී තොග අතුරුදන් වී ඇතැයි කෘෂි කර්ම අමාත්‍යාංශය පවසයි. 23 October 2023
කැබිනට් සංශෝධනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 23 October 2023
දෙනියාය කලාපයේ පාසල් අද වැහෙයි දින කීපයක් තිස්සේ ඇදහැලෙන වර්ෂාපතනය සහ පස් කඳු කඩා වැටීමි හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙනියාය කලාපයේ පාසල් සදහා අද 23 දින පාසල් නිවාඩු ලබා දීමට පියවර ගත් බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය පැවැසුවාය. 23 October 2023
කෝටි 400 කුඩු සමග ඇල්ලූ සැකකරුවෙක් මුහුදට පැනලා හෙරෝයින් මත් කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 212 ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී දෙවිනුවරට ඈත මුහදේදී සැකපිට අත්අඩංගුවට ගත් බහු දීන යාත්‍රාවේ සිටි ධීවරයන් පස් දෙනාගෙන් අයකු ගොඩබිමට රැගෙන එන විට මුහුදට පැන ගොස් ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කරයි. 22 October 2023
ඊසාන මෝසම ඉන්දු ලංකා මගී නැව නතර කරයි ඊසාන දිග මෝසම් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දු ලංකා මගී ප්‍රවහන නෞකා සේවයේ පලමු අදියරේ මෙහෙයුම් කටයුතු අවසන් කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි. 22 October 2023
අහුන්ගල්ලේ වෙඩි තැබිමකින් මව,පියා සිඟිත්තාට තුවාල අහුන්ගල්ල - ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් මව පියා සහ මාස හතරක දරුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. 21 October 2023
ඇමති ඩයනා මන්ත්‍රී රෝහණ ගුටි කෙළියක මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලයේ අසල ඇති වූ ගුටි කෙළියක් හේතුවෙන් අද (20) එහි දැඩි කලබලකාරි තත්වයක් ඇතිවිය. 20 October 2023
අයි.එම්.එෆ් දෙවන වාරිකය අනුමතයි ශ්‍රී ලංකාව පිළිබඳ පළමු සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණ තිබේ 20 October 2023
ලයිට් බිල සියයට 18 කින් නගී විදුලිය ගාස්තු හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. 19 October 2023
මාන්නප්පෙරුමට සති හතරක් මැතිසබේ තහනම් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති හතරකට අත්හිටුවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 19 October 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026