උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය මේ අනුව 2022 වර්ෂයේදී එකොළොස් ලක්ෂ විසිහත් දහස් හත්සිය පනස් අට දෙනකු සහ පසුගිය වසරේදී දාහතර ලක්ෂ තිස් හත්දහස් හයසිය හත් දෙනකු විදේශගතව ඇති බව ඔහු කීවෙය. 22 April 2024
‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතටපැනීමෙන් සිදුවූ අනතුරකින් තරඟය නරඹමින් සිටි පුද්ගලයින් හත්දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 21 April 2024
සීයා-මුණුපුරා-මිනිපිරි රිය අනතුරින් මරුට ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් හා කන්ටේනරයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස් තවත් දෙදෙනෙකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 21 April 2024
නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත්අඩංගුවට ලත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 19 April 2024
ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක් ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු තහවුරු කළහ. 19 April 2024
අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ලෝක වාර්තාවක් ද සමගින් ජය ලැබීමට සමත් විය. 18 April 2024
කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙමින් පවතින බව එම රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය. 17 April 2024
පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි. 16 April 2024
’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’ මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් සහ රජයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා නැවත වරක් ඉල්ලීමක් කළහ. 15 April 2024
නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 15 April 2024
’’යළි පහර දුනහොත් බලාගෙනයි’’ ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොම්මඩ් බගේරි ප්‍රකාශ කළේය. 14 April 2024
ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක් මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊශ්‍රායලය වහා ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළේය. 14 April 2024
සුබ අලුත් අවුරුද්දක් වේවා ලංකාදීප පාඨක ඔබ සැමට ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා. 13 April 2024
රුසියාව යුක්රේනයේ ට්‍රිපිලියා විදුලි බලාගාරය වනසයි යුක්රේනයේ කියෙව් නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක් වන ට්‍රිපිලියා රුසියානු හමුදා ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ වූ බව සෙන්ට්‍රෙනර්ගෝ බලශක්ති සමාගම ප්‍රකාශ කළේය. 12 April 2024
පොහොට්ටු අපේක්ෂකයා රනිල් ද විය හැකියි තමාගේ නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 11 April 2024
පොලිස් පහරින් සාජන් පුතාගේ ශරීරයේ කොටසක් ඉවත් කරලා මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනකු ඇතුළු නිලධාරීන් හය දෙනකු විසින් අත් පිටු පසට කර බැඳ දමා පහර දෙන ලදැයි කියන සිද්ධියකින් බරපතළ තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ ශරීරයේ කොටසක් ශල්‍යකර්මයකින් ඉවත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. 10 April 2024
‘‘පිළිකා රෝගීන්ට දුන් බෙහෙත් අල්ලන්නවත් හොඳ නෑ‘‘ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිගා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකටවත් ළං කිරීමට සුදුසු තත්වයේ නැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වාර්තා කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මින් ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අ 09 April 2024
හොරණ ද්විත්ව ඝාතනයේ සැකකාර ගුවන් සෙබළා පොලිසියෙන් වෙඩි කයි හොරණ මාලොස්ඇල ප්‍රදේශයේ දී ඊයේ (07) දින ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන ගුවන් භටයකු අද (08) අළුයම පාදුක්ක අංගමුව ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 08 April 2024
සිඟිති දියණිය අභිරහස් ලෙස මරුට ගිවිසුමක් හරහා සමීප ඥාතිවරියකට ලබා දුන් වයස අවුරුදු 4 මාස 7 ක් දැරියක් සැක කටයුතු ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කාන්තාවගේ සැමියා ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි. 07 April 2024
මොරගහහේනේ වෙඩි තැබීමකින් දෙකක් මරුට මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි තබා ඇතැයි මොරගහේන පොලිසිය කියයි. 07 April 2024
මාවනැල්ලේදි පොලිස් වෙඩි පහරින් අයකු මිය යයි කඩුවක් ද රැගෙන මාවනැල්ල පදීදොර ගම්මානයේ වැසියන් බියට පත් කරමින් කාන්තාවක ඇපයට ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසියේ දෙදෙනකුට කඩුවකින් පහරදුන් පුද්ගලයකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිසිය කියයි 07 April 2024
ඉන්දු-ලංකා පාර ගැන ඉන්දීය අදහස් මේ සතියේ ජනපතිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදි කෙරුණු පසු ආනයන - අපනයන කටයුතු මෙන්ම සෙසු කටයුතු වලින් වැඩි වාසියක් ලැබෙන්නේ ශ්‍රී ලංකාවට බව රජය පවසයි. 06 April 2024
නිමල්ගේ ඉල්ලීමට දුෂ්මන්තගෙන් පිළිතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවන ලෙස ඉල්ලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙත ලිපියක් යවා තිබේ. 05 April 2024
මෛත්‍රීගේ සභාපති ධූරයට වාරණයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය. 04 April 2024
අධිකරණයට ප්‍රකාශයක් දෙන්න මෛත්‍රී බෑ කියයි පාස්කු ප්‍රහාරය එල්ල කලේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට අකමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (03) දැනුම් දුන්නේය. 03 April 2024
2022 බදු සහනයෙන් කෝටි 98000ක් රජයට අහිමි වෙලා රජය 2022 මූල්‍ය වර්ෂයේදී ලබාදුන් බදු සහන හේතුවෙන් කෝටි 97800 ක බදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පෙරේදා(31) ප්‍රසිද්ධ කළ බදු වියදම් ප්‍රකාශයේ දැක්වෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය. 02 April 2024
ලංකාවෙන් පලස්තීනයට කෝටි 30ක ආධාරයක් ගාසා තීරයේ ගැටුම්වලින් පීඩාවට පත් දරුවන්ට ආධාර කිරීම සඳහා ලංකා රජය ඩොලර් මිලියනයක් පරිත්‍යාග කළ බව ජනාධිපති කාර්යාලය පවසයි . 01 April 2024
විජයදාස ජනපතිවරණයට? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය බාර ගන්නැයි එම පක්ෂයේ විධායක සභිකයෝ සහ ආසන සංවිධායකයෝ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් එක හඬින් ඉල්ලීමක් කළහ. 01 April 2024
කච්චතිවු දුන්නාට මෝදිට කේන්ති ගිහින් එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ඉන්දීය කොංග්රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කළේය. 31 March 2024
’’අයි.එම්.එෆ් ඉවර වෙන තුරු මැතිවරණ බෑ’’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබේ. 30 March 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026