සීදූවේ වෙඩි තැබීමක් අයෙක් මරුට:දෙකකට තුවාල සීදූව ලියනගෙමුල් වෙළබඩ පාරේ සිදු වූ වෙඩි තැබීමෙන් 53 හැවිරිදි අයකු මීට සුළු වේලාවකට පෙර මීගමුව රෝහලේ දී මියගිය බව රෝහල් පොලිසිය කියයි. 28 December 2024
ලක්ෂ90ක අල්ලසක් ගත් හිටපු ප්‍රා.දේශපාලනඥයා රිමාන්ඩ් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් කොලබ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ලෝචන ගමගේ මහතා සහ තවත ව්‍යාපාරිකයෙකු ලබන වසරේ ජනවාරි මස 6 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංග සිංහ මහතා නියම කළේය. 28 December 2024
ලක්ෂ අනූවක් අල්ලසක් ගත් හිටපු ප්‍රා.දේශපාලනඥයා මාට්ටු නාගරික සංවර්ධන අධිකාරියෙන් ව්‍යාපාරිකයකුට හිමිවිය යුතු රුපියල් කෝටි 11ක වන්දියක කොටසක් ලබා ගැනීමේ කටයුතු කරදීම සඳහා රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන හිටපු ප්‍රාදේශීය දේශපාලඥයකු හා ඔහුගේ මිතුරෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. 28 December 2024
ඡන්දෙට එනවනම් විභාග සහතික අනිවාර්යයි? මැතිවරණ වලට තරග කිරීමට පෙර අපේක්ෂකයන් අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකම් සම්බන්ධයෙන් දත්ත පත්‍රිකාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීම අනිවාර්ය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළයුතු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ වෙනත් බහුජන සංවිධාන රැසක් මැතිවරණ කොමිෂන් සභා ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 27 December 2024
හබරණ මහ කැලේ මැද ගිනිගත් රියේ මළ සිරුරක් හබරණ,කැලය මැද ගිනිගමින් තිබූ කැබ් රියක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය කියයි. 26 December 2024
කුරුල්ලෝ ගුවන් යානයක් බිම දමති පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු රැගෙන පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් කසක්ස්තානයේ අක්ටාවු නගරයට නුදුරින් කඩා වැටුණි. අනතුරින් යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත් වූ බව පැවැසෙයි. 25 December 2024
අස්වැසුමට ජනපතිගෙන් නව ගැසට්ටුවක් අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රම වේදය ප්‍රකාශයට පත් කරමින් මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 25 December 2024
සැමට සාමය පෙන් වූ අසිරිමත් නත්තල උදාවේ ලොව පුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තලක් ඊයේ (24 ) මධ්‍යම රාත්‍රීයෙන් උදාවිය. 25 December 2024
සී.අයි.ඩීය ජනපති අරමුදලට රිංගයි ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත වී ඇත්දැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24) පරීක්ෂණයක් ආරම්භ කළේය. 24 December 2024
පුංචි ඡන්දෙට අලුත් නම් ගන්න කැබිනට් අනුමැතිය පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවීමේ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (23) හිමිව ඇත. 24 December 2024
බොරතෙල් නැවි තොග හයක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි 2025-04-01 දින සිට 2025-08-31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 06ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 24 December 2024
පොඩි සැත්කමකට රෝහලට ගිය ධනුජ නොකියාම ගිහින් ශල්‍යකර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මිය මියගිය බවට පොලිසියට පැමිණිලි කර ඇත. 23 December 2024
මෙරටට ගෙන් වූ තවත් ඖෂධ 13ක් ප්‍රමිතියට නෑ නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13 ක් පසුගිය සති දෙක ඇතුළත භාවිතයෙන් ඉවත් කර ඇතැයිවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි. 23 December 2024
පුංචි ඡන්දෙට නීතියෙන් බාධාවක් පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නීතිමය බාධාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 22 December 2024
වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 63 කළ ගැසට්ටුව එයි සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 22 December 2024
බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසයි. 21 December 2024
සී.අයි.ඩීය මැති සබා වෙබ් අඩවිය පීරයි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් අදාළ පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය. 21 December 2024
සමෘද්ධි සහකාර මැරුවේ අසල්වැසියෙක් බිරිඳ සහ කුඩා දරුවා සමග මෝටර් රථයෙන් නිවස කරා යමින් සිටි සමෘද්ධි සහායකවරයකුට මීගොඩ නාගහ වත්ත ප්‍රදේශයේදී ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි 20 December 2024
ඥානසාර හිමිට වරෙන්තු ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනාව ට අදාල නඩුවේ තීන්දුව ලබාදීමට නියමිත අද(19) දිනයේ අධිකරණයේ පෙනී නොසිටි බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වරෙන්තු නිකුත් කළේය. 19 December 2024
පෙබරවාරියේ සිට වාහන ආනයනයට අවසර පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනි දා සිට ක්‍රියාත්මක කරන්නට යෝජනා කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 December 2024
මන්ත්‍රීවරු 36ක් ජනපති අරමුදලේ කෝටි ගණනක් පිට පාරෙන් අරගෙන මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනකුට ජනාධිපති අරමුදලෙන් 2005- 2024 කාල සීමාවේදී රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවසීය. 17 December 2024
විදුලි බිලට කොමිසම - ලංවීම හැප්පෙයි ලංකා විදුලිබල මණ්ඩලය තවත් මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇතැත් පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ගාස්තු සියයට 11 ත් 23 ත් අතර පරාසයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අදහස වීඇත. 17 December 2024
අල - පරිප්පු - කොත්තු - රයිස්වලට පාලන මිලක් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය. 16 December 2024
රාෂ්ට්‍රපති භවන්හීදී ජනපති ඉහලින් පිළිගනී ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ. 16 December 2024
නව කථානායක පුටුව පොලොන්නරුවට ජාතික ජන බලවේග රජයේ නව කථානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කිරීමට තීරණය කර තිබේ. 16 December 2024
තවත් මන්ත්‍රී පහකට පට්ටම් ගැලවෙයි? රජයේ මැති ඇමැතිවරුන් තවත් පස් දෙනකුගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ගණනාවක් ප්‍රබල ලෙස සැක මතු කර ඇත. 15 December 2024
ජනපති අනුරට ඉන්දියාවේදී ඉහළ පිළිගනීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළගා විය. 15 December 2024
කතානායක ධුරයට නම් තුනක් මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. 14 December 2024
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026