වෙලේ සුදාට,බිරියට,සහෝදරියට කෝටි 22ක දඩයක් හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදාට ඔහුගේ බිරිඳට හා සහෝදරියට වසර 08 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා රුපියල් කෝටි 22 1/2ක දඩයක්ද විත්තිකරුවන්ට නියම කළේය. 15 January 2025
පළාත් සභා වාහන 2000ක් අතුරුදහන් පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 14 January 2025
මැතිසබේ ලොක්කෙක් ඇමැති කාමරයක පදිංචි වෙලා පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන බව වාර්තාවේ. 13 January 2025
මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලයි මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරමින් විවෘත සහ විනිවිදභාවයෙන් යුතු ලංසු තැබීමේ ක්‍රියාවලියක් යටතේ නව ටෙන්ඩරයක් කැඳවන ලෙස මෙරට විශාලතම ඉදිකිරීම් සමාගම් පහක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා ඇත. 12 January 2025
මෙන්න අලුත් වාහන ආනයන බද්ද ආනයනය කරනන වාහන සඳහා ආනයන බදු ප්‍රමාණය රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ. 11 January 2025
කෝටිපති ව්‍යාපාරිකයා මන්ත්‍රී ධූරයක් ගන්න කෝටි 50ක් දීලා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාලයකට පසුගිය දිනෙක පැමිණ ඇති මෙරට නම ගිය කෝටිපති ව්‍යාපාරිකයකු තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන බව පවසා පක්ෂයේ ප්‍රධානියකු කෝටි පනහක මුදලක් ලබාගෙන මන්ත්‍රී ධූරය නොදුන් බවට චෝදනා කරමින් එම සල්ලි වහා දෙන්නැයි ඉල්ලා කෑකෝ ගසමින් එහි කලබල කර ඇතැයි වාර්තාවේ. 10 January 2025
අධ්‍යාපන ලේකම්ගේ නමට ලියාපදිංචි වාහන 140 ක් අස්ථානගතවෙලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 09 January 2025
චක්‍රලේඛයට පයින් ගසා සෞඛ්‍ය කෝටි 3823ක අතිකාල දීලා සෞඛ්‍ය මාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපියල් කෝටි 3823කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 09 January 2025
මහ ඡන්දෙ ආදායම් වියදම් නොදුන් 1,239කට අවසන් නිවේදන මහ මැතිවරණයට ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයන්ට, පක්ෂ ලේකම්වරුන්ට සහ ස්වාධීන කණ්ඩායම් නායකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. 08 January 2025
අන්තරේ විරෝධයට තහනම් නියෝගයක් ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය මහ බැංකුව ආදී ප්‍රදේශවලට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට නියෝගයක් නිකුත් කළාය. 08 January 2025
වන්නියේ දරුවන්ට චිත්‍ර පෙපරේ සමඟ උත්තර පත්‍රයත් දීලා වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සඳහා තෙවනවාර පරීක්ෂණයේදී අද (07) දින ලබාදුන් හත ශ්‍රේණිය චිත්‍ර කලාව පළමු ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද සිසුන් වෙත ලබාදී අැති බව මව්පියෝ පවසති. 07 January 2025
මැතිසබේ “කුකුලන්” ගැන කතානායකට පැමිණිල්ලක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට එහි ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 January 2025
’’පිනකල් ’’ සම්මාන උලළේ දී ලංකාදීපය බැබළෙයි ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ’’පිනකල් ශ්‍රී ලංකා 2024’’ සම්මාන උළලේ දී ලංකාදීප පුවත්පතට සම්මාන හතක් පිරිනැමිණ. 06 January 2025
රජරට සිංහල පේපරේ කලින් පිටවෙලා:දරුවන් හිස් අතින් ගෙදර උතුරු මැද පළාතේ පාසල් වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය සදහා අද (06) දින පැවැත්වීමට නියමිතව තිබූ 11 වන ශ්‍රෙණියේ සිංහල සාහිත්‍ය(රසාස්වාදය) ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්විමට පෙර පිටවී තිබීම හේතුවෙන් එම විභාගය පැවැත්විම අත්හිටුවිමට පියවර ගත්බව ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසිය. 06 January 2025
පාස්පෝට් යළි අර්බුදයක ශ්‍රී ලාංකිකයන්ට දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්‍ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන් බලපත්‍ර තොග ලබා ගැනීම සඳහා ඇණවුමක් තවමත් රජය ලබා දී නොමැති බැවින් විදේශ ගමන් බලපත්‍ර හිඟය අඛණ්ඩව පැවැතුණහොත් ශ්‍රී ලාංකිකයන් රට රැකියා සඳහා පිටත්වීමට තර්ජනයක් එල්ල විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා අනතුරු ඇඟවීය. 06 January 2025
ඩී.අයි.ජී. ලෙස රඟපා කප්පම් ගත් ලංගම ක.ක.ස මාට්ටු බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු නිල ඇඳුමෙන් සැරසුන ඡායාරූපයක් යොදාගෙන වට්සැප් තාක්ෂණය ඔස්සේ කප්පම් මුදල් ලබාගත් මීතොටමුල්ල ඩිපෝවේ කාර්යාල කාර්යය සහයකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 05 January 2025
සැකකරුවන්ට ඇප ගන්න ආරක්ෂකයා පගාව අරන් මාට්ටු මිනී මැරුම් චෝදනා යටතේ රක්ෂිත බන්ධානාගර කර සිටින සැකකරුවන් තිදෙනකුට ඇප ලබාදීම සදහා මහේස්ත්රාත්වරයාට මුදල් ලබාදිය යුතු බව පවසා කාන්තාවන් තිදෙනකුගෙන් රුපියල් 60,000 ක මුදලක් ලබාගත් බව කියන කලවංචිකුඩි මහේස්ත්රාත්වරයාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 05 January 2025
බල්ලොත් එක්ක සහල් ප්‍රවාහනය කරලා බලන්ගොඩ නගරයේ වෙළෙඳ සල්වලට බෙදාහැරීමට රැගෙන ගිය සහල් තොගයක් සමග සුනඛයින් දෙදෙනකු ද රැගෙන ඒම නිසා එම ලොරි රථය සහ රියදුරු සමග සහයකයා බලන්ගොඩ මහජන සෙඛ්‍ය පරික්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගනු ලැබිය. 04 January 2025
චීනයේ තවත් කොරෝනා වයිරසයක් ‘කොවිඩ් 19’ වයිරසයට සමාන, ස්වසන අපහසුතා ඇති කරන වයිරස උණ රෝගයක් ඉතා ශීඝ්‍රයෙන් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමට පටන් ගෙන ඇති බවත් ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් අඩවිය උපුටා දක්වමින් ඩේලි මිරර් පවසයි. 03 January 2025
‘‘සිරකරුවන් සත්තු වගේ ගේන්න එපා‘‘ ’’සිරකරුවෝද මනුෂ්‍යයයෝය’’ යන වදන සිහිපත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය. 03 January 2025
වියදම් වාර්තා නොදුන් මන්ත්‍රී අපෙක්ෂකයන් තොරතුරු ඩී.අයි.ජී.ලාට වියදම් වාර්තා බාර නොදුන් මහ මැතිවරණ අපේක්ෂකයන් පිළිබඳ වාර්තා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම්දි ඇත. 02 January 2025
කෙහෙලියගේ බෙහෙත් සීට්ටුවට අනුමැතිය දුන් හිටපු ජනපති, අගමැතිගෙන් ප්‍රකාශ ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගෙන් ලබන සතිය තුළ ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 02 January 2025
හිටපු ඇමැතිවරයකුගේ කෝටි 4ක වාහන පොලිස් බාරයට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි හතර හමාරකට වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත 01 January 2025
අයවැය පෙබරවාරි 17 පාර්ලිමේන්තුවට රජයේ අයවැය ලබන මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 01 January 2025
5 ශිෂ්‍යත්ව පේපරය පිටකළ අයට වන්දි ගෙවන්න නියෝග පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ දී ප්‍රශ්න පත්‍ර පිටවී ඇතැයි ඇතැයි කියන සම්බන්ධයෙන් නිදහස් ලකුණු ලබාදීමෙන් ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් වන ප්‍රේමතිලක නමැත්තාට රුපියල් මිලියන තුනක්ද ඉලංග සිංහ නමැත්තාට රුපියල් මිලියන 2 බැගින් ගෙවීමටද නියෝග කළේය . 31 December 2024
පාර්ලිමේන්තු ලොක්කෝ තවත් 3ක් CIDයට පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ තවත් ප්‍රධානීන් තිදෙනෙකුගේ ඉදිරි දිනවල ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය. 30 December 2024
පාසල් ලිපිද්‍රව්‍ය ගන්න රුපියල් 6000ක් බැංකු ගිණුමට අස්වැසුම ප්රතිලාභ හිමි පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා දෙන රුපියල් 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම්වලට යොමුකළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 30 December 2024
ලක්ෂ 30ක් වංචා කළැයි හිටපු ඇමැති මනූෂගේ සහෝදරයා රිමාන්ඩ් විදේශ රැකියා ලබාදෙන බව පවසා යක්කල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් තිස් ලක්ෂයක මුදලක් ලබාගෙන එකී මුදල වංචා කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශණ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරකරන ලද හිටපු අමාත්‍යවරයකු වන මනුෂ නානායක්කාර මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් හා ඔහුගේ සොහොයුරුක වන බව කියන අයකු ගම්පහ වැඩ බලන මහේත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය ෙ ජනවාරි මස 6 වැනි දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කළාය. 29 December 2024
‘‘ලංකාදීපය‘‘ අයිකොනික් විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි අයිකොනික් විශිෂ්ටතා සම්මාන උළෙල - 2024’ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (29) පස්වරුවේ පැවැත්විණි. 29 December 2024
දකුණු කොරියාවේ මහා ගුවන් අනතුරක් තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවට ආ දකුණු කොරියානු මගී ගුවන් යානයක් අනතුරට පත් විය. යානය අනතුරට පත් වූයේ එය දකුණු කොරියාවේ, මුවාන් ගුවන්තොටුපොළට ගොඩබෑමට උත්සාහ ගනිද්දීය. 29 December 2024
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026