විශ්වාසය කඩන්නේ නෑ : වැරදි කළොත් දඬුවම් තම ආණ්ඩුවේ කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ක්‍රියා මාර්ග ගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය. 13 December 2024
අධිවේගයේ අනතුරින් අක්කායි - නංගියි මරුට එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100 දශම 1 පින්නදූව සහ ඉමදුව පිවිසුම් අතරදී ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටීමෙන් සොහොයුරියන් දෙදෙනකු මරුමුවට පත්ව ඇතැයි පින්නදූව අනුපාලක මධ්‍යස්ථානය කියයි. 12 December 2024
ඉන්ධන නැවක් ආපසු ගිහින් ඉන්ධන පිරවුම්හල් ගැටළුවක් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමඟ නැවත ආපසු හැරී ගොස් ඇතැයි වාර්තා වේ. 11 December 2024
‘රිලවුන් රට යවන්න තවමත් අවස්ථාව තියෙනවා‘ චීනයේ සත්ව උද්‍යාන වලට රිලවුන් යැවීමට තවමත් අවස්ථාව ඇති බැවින් ඒ ව්‍යාපාතිය ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය . 11 December 2024
විදුලි ‘මාෆියාව’ හොඳටම වැඩ ජල විදුලිබලාගාර ආශ්‍රීත ජලාශවල ජලය වාන්දමන සහ රටතුළ ඕනෑ තරම් ගල්අගුරු තිබෙන මේ දිනවල ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ඇති බවත් ආණ්ඩු මාරුවුවද විදුලිබල මණ්ඩලය තුළ විදුලි මාෆියාව ක්‍රියාත්මක වන බවත් ලංකා විදුලිබල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා අද (10) පැවසීය. 10 December 2024
අලි ඇතුන් 13ක ගේ රංචුවක් පොතාන වගාබිම් වනසති ඇතුන් තිදෙනෙකු ඇතුළු වන අලින් 13 කගේ රංචුවක් සීගිරිය පොතාන ප්‍රදේශයේ වගා බිම් විනාශ කරමින් නිවෙස් ආසන්නයටද පැමිණ ජන ජීවිතයට තර්ජනයක්ව ඇතැයි ගැමියෝ කියති. 10 December 2024
ඒ.එස්.පී නෙවිල් සිල්වා අත්අඩංගුවට පුද්ගලයකු පැහැරගෙන දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අද (9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. 09 December 2024
ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය 0.6කින් පහළට රාජ්‍ය බැංකු රැසක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ගෙවන පොලිය සියයට 7.5 ක් දක්වා පසුගිය සතියේ තව දුරටත් අඩු කළ බව ප්‍රධානම රාජ්‍ය බැංකුවක උසස් නිලධාරියෙක් පැවසීය. 09 December 2024
ව්‍යාපෘති කාර්යාල 38ක් ජනපති ලේකම් කාර්යාලයෙන් ඉවතට ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබූ අමාත්‍යාංශ ව්‍යපෘති කාර්යාල 38 ක සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් වී ඇතැයි රජයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය. 09 December 2024
දඹුල්ලේ වෙළඳපොලට පාලන මිලට සහල් දඹුල්ල නගරයේ වෙළඳසැල් කිහිපයකම අද (08) උදෑසන සිට පාලන මිල ගණන් යටතේ නාඩු සහල් සහ අනෙකුත් සහල් අලෙවි කරන අයුරු දැකගැනීමට හැකි විය . 08 December 2024
සහල් ගැටළුවට ජනපති කෙවිට අතට ගනී නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දුන්නේය. 07 December 2024
මත් ලෝලී පියා දියණිය මරා වැසිකිළි වළට දමලා ගම්පහ , මාකෙවිට ප්‍රදේශයේ පදිංචි සිටින පවුලක මත් ලෝලියෙකු වන පියා විසින් මුදල් ලබා ගැනීම පිනිස දියණියට පහරදී මියගිය පසුව ගෙවත්තේ වැසිකිළි වලට දමා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. 07 December 2024
වියදම බිංදුවයි : ප්‍රා:ලේ කාර්යල විවෘත කිරීම චාමෙට මහියංගන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිල්ල පසුගියදා දේශපාලඥයන්ගේ සහභාගිත්වයෙන් කිසිදු වියදමකින් තොරව මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මැද ඉතා චාම් අන්දමින් මහියංගණ ප්‍රාදේශිය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතාගේ හා ලේකම් කාර්යාලීය නිළධාරීන් ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. 2017 වසරේ එම නව ගොඩනැගිල්ල සඳහා වැට් රහිත ඇස්තමේන්තු ගත මුදල මිලියන 140කි. 06 December 2024
කොළඹ චැතම් වීදියේ තරු හෝටලයක ගින්නක් කොළඹ චැතැම් වීදියේ හෝටලයක හත්වන මහලේ සිදු වූ ගින්නකින් දෙස් විදෙස් සංචාරකයන් කීප දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය. 05 December 2024
රේනුක පෙරේරාට ඇප මහවිරු සමරුව සම්බන්ධයෙන් අසත්‍ය වැකි සහිත වීඩියෝ දර්ශන සහ එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ඡායාරූප ද සහිතව සමාජ මාධ්‍යයේ පළකළේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද(05)නියෝග කළේය. 05 December 2024
රේණුක පෙරේරා අත්අඩංගුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගන්නා ලද බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. 05 December 2024
මෙන්ඩිස් සමාගමේ බලපත අහෝසියි රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 04 December 2024
සොරාගත් - සැඟවූ රජයේ වත්කම් හොයන්න පනත් 3ක් දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් සොරා ගත් හෝ සැඟවූ රජයේ වත්කම් අය කර ගැනීමට නව පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරි මාස කිහිපයේදී ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 04 December 2024
ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ තොරතුරු හිතා මතා මකලා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තොරතුරු ඇතුළත් ඊමේල් පද්ධතිය හිතා මතා මකා දමා ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ විශේෂඥ වාර්තාව ලබා ගැනීමට තවත් මාස තුනක් කල් ගතවන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවේ කරුණු දක්වමින් අද (03) පැවසීය. 03 December 2024
සුජිත් කියලා කෙනෙක් මට ගැහුවා සුජිත් කියලා කෙනෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී තමාට පහර දුන්නා යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 December 2024
දේශීය නිෂ්පාදකයන්ගෙන් වෛද්‍ය සැපයුම් ගන්න කැබිනට් අනුමැතිය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ දේශීය ඖෂධ නිෂ්පාදකයින් වෙතින් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 03 December 2024
නිහාල් යයි: මනතුංග එයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිවේදී කේ.බී මනතුංග මහතා පත් කර ඇත. 03 December 2024
මන්ත්‍රී - ඇමති වරප්‍රසාද සලකා බලන කමිටු වාර්තාව ජනපතිට මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතාගේ මූලිකත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාර දෙනු ලැබීය. 02 December 2024
ශිෂ්‍යත්වය ගැන ඇමැති මණ්ඩල තීරණය නීතිපති ශ්‍රේෂ්ධිකරණයට දන්වයි 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට කැබිනට් මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) දැනුම් දුන්නේය. 02 December 2024
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට නිල වාහනය වෙනුවට ඉන්ධන කෝටාවක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. 01 December 2024
ලග්ගල කෝටි 6 කොල්ලයේ නවයක් මාට්ටු ලග්ගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බියගන්වා රුපියල් කෝටි 06 කට අධික මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 December 2024
‘‘කෙහෙළිය කැබිනට්ටුවත් නොමඟ යවලා‘‘ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් කැබිනට් මණ්ඩලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩ කර ඇති බව මාලිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අණාවරණය විය. 30 November 2024
‘‘ශ්‍රී ලංකාව කාටවත් හිස නවන්න අවශ්‍ය නෑ‘‘ එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතු බවත් මෙරට චීන තානාපති චී චෙන්හොන්ග් ප්‍රකාශ කළේය. 29 November 2024
ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි:රජයේ සැප වාහන 150ක් විකුණයි පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. 29 November 2024
විභාග තව දින තුනක් ඉදිරියට කල් දමයි පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි, 28 November 2024
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026