IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මවගේ අක්මාවෙන් කොටසක් පුතුට බද්ද කළ සැත්කම

 

මවගේ අක්මාවෙන් කොටසක් ශල්‍ය කර්මයක් මගින් ඉවත් කර ඇගේ 15 හැවිරිදි පුතුට බද්ධ කරමින් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය වරුන් ඇතුලු වෛද්‍ය හෙදි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ අද්විතීය නමක් හිමිකර ගත්හ.  


පැය 13 කට අධික වේලාවක් ශල්‍යාගාරයේ ගත කරමින් වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද මෙම ශල්‍ය කර්මය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවාව තුළින් සුවිශේෂී මානුෂීය මෙහෙවරක් ඉටුකර තිබේ. ජීවත්ව සිටින අයෙකුගේ අක්මාවෙන් කොටසක් ඉවත් කර දරුවෙකුට බද්ධකළ ප්‍රථම අවස්ථාව මෙය බව ශල්‍ය කර්මයට එක්වූ වෛද්‍ය වරු පැවැසූහ.  


පෞද්ගලික රෝහලක මෙවන් ශල්‍ය කර්මයක් සිදු කරන්නේ නම් රුපියල් ලක්ෂ 100 (කෝටියක) මුදලක් වැය වන මෙම සුවිශේෂී ශල්‍ය කර්මය රජයේ රෝහලකින් සිදු කිරීමට හැකිවීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේද ජයග්‍රහණයක් බව වෛද්‍යවරු පවසති.  


මෙයට පෙර මෙවැනි ශල්‍යකර්මයක් සිදුකර ඇත්තේ රාගම ශික්ෂණ රෝහලේදී බව වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂඥ වෛද්‍යවරුන් 15 ක් පමණ මෙම අක්මාබද්ධ ශල්‍ය කර්මයට දායකවී තිබේ.  
ඇළහැර බකමූණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වූ තම පුතුට කලක සිට පැවති සිරුර කහ වීමේ රෝගය සහ උදරය පිම්බීම වැනි රෝග තත්ත්වයක් ඇතිවී එම දරුවාට ප්‍රතිකාර ගැනීමට බකමූණ රජයේ රෝහලට පැමිණි මව දරුවා රෝහලේ වෛද්‍ය වරු වෙත යොමු කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් එම දරුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට යොමු කිරීමට පියවර ගෙන ඇත.  


පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බුද්ධික දසනායක මහතා දරුවා පරික්ෂා කර එම දරුවාට කඩිනමින් ශල්‍ය කර්මයක් සිදුකළ යුතු බවට තීරණය කර ඇත. මසක් පමණ දරුවාගේ රෝගී තත්ත්වය නිරික්ෂණය කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම, දරුවාගේ අක්මාවද පරික්ෂාවට ලක් කර තිබේ. පසුව දරුවාගේ මව වන 37 හැවිරිදි කාන්තාවගේ අක්මාවේ වම් පෙදෙසේ කොටසක් දරුවාට බද්ධ කළ හැකි බව තහවුරු කර ගත්හ.  


අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල යොදාගත් වෛද්‍යවරු දීර්ඝ ලෙස සාකච්ඡා කොට, ශල්‍ය කර්මය සිදුකිරීමටත් ශල්‍ය කර්මයෙන් පසු කළ යුතු නේවාසික ප්‍රතිකාර මෙන්ම රෝගියා රැකබලා ගැනීම සම්බන්ධවද දීර්ඝ ලෙස අවධානයට යොමු කර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතාගේද පූර්ණ සහාය ලබාගනිමින් ශල්‍ය කර්මය ආරම්භ කරනු ලැබීය.  
මහාචාර්ය වසන්ති ප්‍රින්ටෝගේ මග පෙන්වීම යටතේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර, සේනානි සමරසිංහ, සමීර වාසල අමිලා ජයසිංහ, අනුර අබේසුන්දර, රෝචන පෙරේරා, නිර්වින්දන වෛද්‍ය මහාචාර්ය කේ.බී. ගල්කැටිය, ශල්‍ය වෛද්‍ය විශේෂඥ බුද්ධික දසනායක, බන්ධුල සමරසිංහ, අරින්ද ධර්මපාල යන වෛද්‍ය කණ්ඩායම ශල්‍යාගාර ප්‍රධාන හෙද නිලධාරිනිය ඇතුලු හෙද හෙදි කාර්ය මණ්‍ඩලය, ශල්‍යාගාර කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇතුලු තිස් දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායම ශල්‍ය කර්මය සාර්ථකව සිදුකළහ.  


මේ වනවිට අක්මාව පරිත්‍යාග කළ මවත් සිය මවගේ අක්මාවේ කොටසකින් යළිත් ජීවත් වීමේ වරම් ලද ඇගේ පුතුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර මහතා පවසයි.   

 

 

ජේ.ඒ.එල්. ජයසිංහ  

 



අදහස් (0)

මවගේ අක්මාවෙන් කොටසක් පුතුට බද්ද කළ සැත්කම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 471 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 465 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site