IMG-LOGO

මල්වතු විහාරයෙන් කරුණු පැහැදි කරයි

(ෂේන් සෙනෙවිරත්න සහ චමිල් රූපසිංහ)

මල්වතු මහා නාහිමියන් සම්බන්ධ කර ගනිමින් සාවද්‍ය පුවත් නිර්මාණය කරනමින් මහජන කැළඹීම් ඇති කිරීමට උත්සාහ කරන පුද්ගලයන් සහ සංවිධානවලට එරෙහිව ඉදිරියේදී අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ උප ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මල්වතු මහා නාහිමියන් බැහැ දැක ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීමේ රජයේ උත්සාහයක් තිබෙන අතර එය වළකා දෙන ලෙස මල්වතු මහා නාහිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් එය මල්වතු මහා නාහිමියන් ප්‍රතික්ෂේප කර ඇති බවත් සමාජ මාධ්‍යයේ පැතිර යන සාවද්‍ය පුවතක් සම්බන්ධයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයේ උපලේඛකාධිකාරී හිමියන් මල්වතු මහානායක හිමියන්ගේ උපදෙස් පරිදි එම ලිපිය නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීමට රජයේ සූදානමක් ඇති බවත් එය වැළැක්වීමට වත්මන් ජනාධිපතිතුමන් වෙත බලපෑම් කරන ලෙස මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක හිමිපාණන් වහන්සේගෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරන ලද බවට සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පුවත සාවද්‍ය හා පදනම් විරහිත පුවතක් බව මල්වතු පාර්ශවයේ මහානායක හිමියන්ගේ උපදෙස් පරිදි හා නියමය මත දැනුම් දෙන බව එහි සඳහන්ය.

 



අදහස් (1)

මල්වතු විහාරයෙන් කරුණු පැහැදි කරයි

Bunny Preena Tuesday, 01 July 2025 09:16 AM

සමහර පෞද්ගලික මාධ්‍ය ජාලාවල හැසිරීම බොහෝම කැතයි , ලැජ්ජා සහගතයි , අන්තිමයි . ලකුණු බින්දුවයි . කිසිම චාරයක් නැහැ. ඔවුන් වටා රැඳෙන්නෙත් ඔවුන්ගේ ගති ගුණ තියෙන එවුන්ම පමණයි

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 132 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 670 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site