‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.
වියට්නාම් ජාතික පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිස පසුගිය 21 දා අනුරාධපුරයෙන් මෙම පාගමනේ ආරම්භය සනිටුහන් කළ අතර, ඊයේ (22) දෙවැනි දිනය දඹුල්ලෙන් ඇරැඹු පාගමන ඓතිහාසික මාතලේ අලුවිහාරේ රජමහා විහාරය දක්වා ගමන් කෙරිණි.
මෙම පාගමන අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. මෙම ස්වාමින් වහන්සේලා සමඟ පා ගමනේ යෙදෙන ‘ආලෝකා‘ නැමැති සුරතලා ද මෙම ගමනට එක්ව සිටී.
මෙම මහා පිංකමට එක්වීම සඳහා බොහෝ පිරිස් මාර්ගය දෙපස රැදී සිටිමින් මහා සංඝරත්නයට අවශ්‍ය පහසුකම්ද සලසන අයුරු දකින්නට ලැබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd