
(යොහාන් භාසුර)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්‍ෂ පොලිස් නිලධාරියාට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වී මරණ දඩුවම නියමව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු ගොඩනැගිල්ලකින් අද (11) පස්වරුවේ ඇඳවැටී මියගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ඒ. සී. ගජනායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයේ ‘එල්’ වාට්ටුවේ තුන්වැනි මහළෙන් අද (11) පස්වරු 1.30 ත් 2.00 ත් අතර කාලයේ අදාල රැඳවියා ඇඳවැටීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත එහිදී ඔහු මියගිය බව ද වාර්තාවේ.
ඔහුට මරණ දඩුවම නියමව සිටිය ද අද වන විට අභියාචනා සිරකරුවකු බවත් ගජනායක මහතා කීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්‍ෂ පොලිස් නිලධාරියා ඝාතනය කිරීමේ චෝදනාවන්ට ගම්පහ මහාධිකරණය පසුගිය පෙබරවාරි 11 වැනිදා විත්තිකරුවන් 12 දෙනකුට මරණීය දණ්ඩනය නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයට ගහලා කලබලවලට මුල්වෙච්චි අය තවම යහතින්...
අභියාචනාධිකරණය විනිශ්චය කෙසේ වෙතත් දිට්ඨ ධර්මය නම් ඵලදීලා තියෙනවා
අරගලයට සහභාගිවූ සහ අනුබලදුන් කාලකණ්නි සියලුම දෙනාට අනිවාර්යයෙන්ම අනිච්චාවත සංකාරා තමයි
මූ වහලෙට නැග්ගේ , පොල් කඩන්නද දන්නෙ නැහැ. කෝ වහලෙට නැගපු එකට හේතුව?
ඉතිහාසයේ බිහිවූ පජාතම ආණ්ඩුව. කාලකන්නි මුසල ජෙප්පෝ.